මගේ වීරයින් අතර ප්‍රමුඛයෙකි ස්ටීව් බීකෝ. දකුණු අප්‍රිකාව තුළ පීඩිත කළු මිනිස්සුන්ගේ විමුක්තිය සඳහා සටන් වැදුනු තරුණ නායකයෙකි.

බීකෝ නම් වීරයා මට මුලින්ම මූණ ගැසුනේ ලක්මිණ පුවත්පතිනි. සුනිල් මාධව ප්‍රේමතිලක ලක්මිණට බීකෝගේ කථාව කොටස් වශයෙන් ලිවිය. පසුව ‘හඬනු මැන නිදහස’ පොතක් ලෙස පලවිය. ඒ පොත තුන් වරකට වඩා මා මිලදී ගත්තේය. කා අතට හෝ පත් වී ආපසු නොලැබුණි. ඒ ගැන දුකක් නැත. කව්රු හෝ කියවනවා නම් සතුටුය.

 

පසුව ‘ක්‍රහ රෙැැාදප’ චිත්‍රපටි නැරඹීමට ලැබුණි. පොත කීප විටක්ම කියවුවා සේම චිත්‍රපටියද කීප විටක් මා නරඹා ඇත. අද ද එය නැවත කීප වීටක් නැරඹිමටත් හැකිය.
‘දූතිකාවෝ’ නමින් කළුතර සුදු පවුලේ දියණියන් සමඟ කළ නාට්‍යයේද බීකෝ ප්‍රධාන චරිතයක් ලෙස නාට්‍යයට ඇතුලත් කළෙමි. ඒ චරිතයට දරුවෝ බෙහෙවින් ආදරය කළෝය.

බීකෝ ගැන මතකය අවදි වන මොහොත ඉතා කෙටියෙන් ඔහු දෙවියන් දුටු ආකාරය පාඨකයින් වෙනුවෙන් සටහන් කරන්නට සිතුවෙමි.

බීකෝ ඩොනල් වුඞ්ගේ නම් පුවත්පත් කලා වේදියාට සුදු සමාජය ගැන කියන මේ දෙබස බලන්න.

“ඔබේ සුදු සමාජයේ හැටි මෙහෙමයි. ඔබ කාගේ හරි දොරට තට්ටු කළොත් ගෙදර අය ඔබෙන් අහන්නේ ඔබ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා. ඒකෙන් තේරුම් යන විදිහට මිනිස්සු ඉන්නේ මොනවා හරි ඔබට දෙන්න. එහෙම නැත්නම් මොනවාහරි ඔබෙන් අරගන්න කියන එකයි. අපි එහෙම කියන්නේ නෑ. අපේ දොරකට තට්ටු කළොත් අපි කෙළින්ම කියන්නේ ඇතුළට එන්න කියලා. අපි මිනිසුන්ට කැමැතියි. ලෝකයේ එකට ජීවත්වීම සූර්ය ග්‍රහ මණ්ඩලයේ මොකක් හෝ අහේතුවකින් ඔළුවට කඩා වැටුණනු අවාසනාවක් කියලා අප හිතන්නේ නෑ. කෙළවරක් නැති තරඟයක්, වෛරයක් මැද ජීවත් වෙන්න අපිට වුවමනා නෑ”

බිකෝ විශ්වාස කරන දෙවියන් ගැන ඔහුගේ මේ ප්‍රකාශය ඩොනල් වුඞ්ස් නැමැති පුවත්පතේ කලා වේදියාට තදින් බලපානවා.
“අපි බුද්ධිමත් දෙවි කෙනෙක් ගැන විශ්වාස කරනවා. සුදු මිහිහව නිර්මාණ කරන වෙලාවේදි වගේම කළු මිනිහව නිර්මාණය කරන වෙලාවේදිත් මේ කරන්නේ මොකක්ද කියලා ඔහු දැකගෙන හිටිය බව අපි විශ්වාස කරනවා”

බීකෝගේ මල ගමදා අවසාන කථිකයා බීකෝගේ විශ්වාසය උරා ගනිමින් බීකොගේ සිහිනය සිත්තම් කළේ මෙහෙමයි.

‘හැම මිනිසෙකුටම මිසිසෙකු මෙන් සලකන සියළු දෙනාම දෙවියන්ගේ පවුලේ එක සමාන සමාජිකයින් මෙන් සලකන දකුනු අප්‍රිකාවක් ගොඩනගන්නට පුළුවන් බවවත් එය ගොඩනැගිය යුතු බවත් අප තුල විශ්වාසයක් ඇත කළ මේ මිනිසාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි දකුණු අප්‍රිකානුවන් සියළු දෙනාවම ආදරයෙන් පිළිගන්නවා”
“ඈත්වීම තුළින් බිහි වී ඇති විරුද්ධත්වය සමීප වීම තුළින් බිහි වන මිත්‍රත්වය බවට පත් වන එම දිනය ළඟා වන තෙක් අප මෙන්ම ස්ටීව් බීකෝද ආදරය කළ දකුණු

අප්‍රිකාවේ ගීතය අප එක්ව ගයමු”
අප්‍රිකාව දෙවියන් රැක දෙත්වා
ඒ නම ඉහළට නංවාලන්නට
ආශිර්වාද කරත්වා
මගිය දහමින් එකමුතු වන්නට
අප ගන්නා වෙර උදෙසා ආශිර්වාද කරත්වා!

jesustodaysl 47 සතිය 2018 ජනවාරි 21

 

Comments powered by CComment