මෙවර මෙම තිරයට ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ කවියක් තෝරා ගතිමු. 

මෙය ඉතා සරල බසින් ලියවුනු නිදහස් කවියක්. පියතුමාගේ සුපුරුදු සාහිත්‍යමමය සුළලික භාෂාව මෙහි නැහැ. සාහිත්‍යමය ගුණය අතින් ගත්තම එය එතරම් පෝසත් නෑ.
නමුත් මේ සරල කවියෙහි ඇති අරුත ගැඹුරයි. අප ජීවත් වන වත්මන් සමාජය තුළ තමා වෙතටම යොමුවු ආත්මාර්ථකාමි මිනිසුන්ට ජීවිතය පිළිබඳ උස් සත්‍යයක් අලංකාරනයන්ගේන් තොරව කියාපායි.

 

නොවේ

මා අඹ ගසක් දුටුවා. ගෙඩි පිරිලා
“ගෙඩි තියෙන්නේ ගහට නොවේ”
මා ලිඳක් දුටුවා. හිත කීවා
“ළිඳ තියෙන්නේ ළිඳට නොවේ”
මා ගහක් දුටුවා. හිත කීවා
“ගහ තියෙන්නේ ගහට නොවේ”
මා ගෙදර ගොස් මව දුටුවා
ගෙය අතුගානවා. හිත කීවා
“මව ඉන්නේ මවට නොවේ”
කවුලුවකින් පාර දුටුවා
හිත කීවා
“පාර තියෙන්නේ පාරට නොවේ”
ගෙය මුල්ලේ පහනක් දුටුවා
“පහන තියෙන්නේ පහනට නොවේ”
හිත කීවා
කැඩපත දිහා බැලුවා
කැඩපත කීවා
“ඔබ ඉන්නේ ඔබට නොවේ”

ලෝකයේ කිසිම දෙයක සැබැ සොබාව ආත්මාර්ථය නොවේ. ආත්මර්ථකාමි වීම අපි අපේ සැබැ සොබාවයෙන් ඈත් කරනවා. අපිව විකෘති කරනවා.
ලෝකයම ලෙඩ කරන ප්‍රධාන රෝගය තමයි මේ මමත්වය. ඉන් මිදෙන්න බැරි නම් ජීවිත අරුත අහිමි වෙනවා

කිසිවක්, කිසිවෙක් තමන්ට කියලා අයිති කරගන්න ගියෝත් එය අපට අහිමි වෙනවා. හැම දෙයම තියෙන්නේ අන් අය සඳහා. ජේසු තුමා කීවේ මේ සත්‍යයම තමයි වෙනත් විදිහකින් “තම පණ රැකගන්නා එය නැති කරගනී. තම පණ පුදන්නා එය රැකගනී”

ජයකොඩි පියතුමා මේ පුංචි කවියෙන් කොයිතරම් ගැඹුරු සත්‍යයක් කියනවද කියලා දැන් ඔබට වැටෙහෙනවා ඇති.

jesustoday 46 සතිය 2018 ජනවාරි 14

 

Comments powered by CComment