කිතු හද ගැස්ම

10

2017 වසර එළඹියේ යුක්තියට සා පිපාසිත ජනයාගේ හදවතේ සදා සුව නොවන තුවාලයක් අති කරමිනි.

ඒ එක්සත් ලංකාවක් තුළ සියලු ජාතින්ට සමානාත්වය ඇති ජීවිතයක් සහතික කිරීම උදෙසා හඬ නැගු රවිරාජ් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඝාතකයින් යැයි චෝදනා ලැබු හමුදාවේ බුද්ධි අංශයට හා කරුණාගේ කල්ලියට අයත් වූවන් නිදහස් කිරිමේ අධිකරණ තීන්දුව සමඟය. ඒ වනාහි දෙමළ ජාතිකයාට ‘යුක්තිය’ ලබා නොදීමේ සිංහල ස්වොත්මවාදය අධිකරණය තුළින්ම ක්‍රියාත්මක වීමකි.

වසරින් වසර වානිජකරණයේ උපායන් තුළින් විකෘති කරනුයේ නත්තල නම් වූ විමුක්තිදායක කිතු උපත සැමරීම පමණක් නොව සියළු ආගමීක හර පද්ධතීන් සහ ලාංකීය මිනිස් සාරධර්මයන්ය. ධනවාදී සමාජ ක‍්‍රමයේ වෙළඳ පොළ ආර්ථීක ක්‍රමය සියළු ධාර්මික හරයන් වානිජකරණය තුළින් ලාභය පමණක් අරමුණු කරගත් මූල්‍යකරණය කිරීම ඇරඹුනේ අද ඊයේ නොව විවෘත ආර්ථීක ක‍්‍රමයේ ඇරඹුමත් සමගය. මෙම නියොලිබරල්වාදී ආර්ථීක ක්‍රමය මත ගොඩ නැගුනු දූෂිත දේශපාලන ව්‍යුහය සහ මෙම සාපරාදී ක‍්‍රමය ආශිර්වාද කරන ආයතනගත සාම්ප‍්‍රදායික ආගමික ව්‍යුහය තවතවත් මෙම සමාජය වහල් කරනු මිස නිවහල් නොකරනු ඇත. පීඩිත ජන වර්ග සූරාකනු ලැබිම සහ මුලාකිරීම සිග‍්‍ර කිරීමක් මිස වෙන යමක් මෙම විෂම සමාජ ව්‍යුහය නිර්මාණය නොකරනු ඇත.

කිතු තුමන්ගේ උපත පිළිබඳ ඉඟි කරන ප්‍රකාශයක මෙසේ සඳහන් වේ. ‘අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. ඝනඳුරු දේශයෙහි විසු අය කෙරෙහි එළියක් දැන් බැබලෙන්නේය” (ශුද්ධ වු බයිබලය - යෙසායා 9/2)

ජාත්‍යයන්තර තේ දිනය දෙසැම්බර් මස 15 වනදා ශ්‍රී ලංකාව මහත් උත්සවාහකාරයෙන් සමරනු ලැබුවාය. මේ වසරට ශ්‍රී ලංකාවේ තේ වගාවට වසර 150 ක් සම්පූර්ණ වීමද ඊට හේතු විය.

“නීති කඩකිරීම දෙමුහත් කඩුවකි. එයින් සිදුවන තුවාල සුව කළ නොහැකිය” (ශුද්ධ වු බයිබලය)

නීතිය ප්‍රබලයාට එක ආකාරයකටත් දුබලයාට තව ආකාරයකටත් ක්‍රියාත්මක කරවීම යනු කිසිදු ආගම ධර්මයකට හෝ මනුෂ්‍ය ධර්මයකට එකඟ වන්නක් නොවේ. එසේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින්නා පූජකයෙකු, උගතකු හෝ වෙන කවරෙකු හෝ වේවා ඔහු වු ඇයව සැලකිය යුත්තේ ධර්මය විනාශ කර දමන අධාර්මිකයෙකු ලෙසය.