කිසිදු කිතුනුවෙකුට විධායක ජනපති ක්‍රමය පවත්වා ගැනීමට පක්ෂ විය නොහැකිය. විධායක බලතල රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි බලවේග සියල්ලේ මහා පොදු සාධකය ජාතිවාදයයි. සිංහල අධිපතිවාදයයි. 

“අපි ඇමතිවරු පූජාසන වල තැබුවෙමු. දේශපාලන අංශ දේවත්වයට පත් කෙළෙමු. ඒ නිසාම දේශපාලකයන්ගේ දුෂ්ඨ පිළිවෙත් නිම නොවෙමින් පවතී. හැම වරදකටම අපිදු හවුල්කරුවන් වී සිටිමු”

"මම මූල්‍ය විශේෂඥයන්ට හා දේශපාලන නායකයන්ට පසක් නරන්නේ පුරාණ මුනිවරයෙක් පැවසු වදන්ය. "මෙලෙස දුප්පතුන් සමඟ බෙදා නොගැනීම යනු ඔවුන්ගේ දේ හොරකම් කිරීම හා ඔවුන්ගේ ජීවන මාර්ග උදුරා ගැනීමය. අප රඳවා ගෙන සිටින්නේ ඔවුන්ගේ දේවල් මිස අපගේ දේවල් නාෙවේ"

විමුක්ති ව්‍යාපාර වලට තිබු ස්ථානය සමාජ ව්‍යාපාර හා සිවිල් සංවිධාන ව්‍යාපාර අත්පත් කර ගන්නවා. එ් සමඟ විමුක්ති කතිකාව පසු පසට තල්ලු වී මානව හිමිකම් කතිකාව පෙරමුණට එනවා.

තා පැහැදිලිව සුදතුම් පියාණන් පෙන්වා දුන්නේ පවතින අසමානතාවයේ අාර්ථික ක්‍රමය මිනිමරු අාර්ථික ක්‍රමයක් බවයිත එම ක්‍රමය තුළ දුප්පතා, අසරණයා නොසලකා හරිමින් ඔහුගේ ජීවත්වීමේ අයිතිය බැහැර කර දමන බවයි. එතුමා මෙසේ ප්‍රශ්න කරයි. "වාසස්ථානයේ නැති මහළු මිනිසෙකු හිසට සෙවණක් නැති වීම නිසාම මරණයට පත්වීම ප්‍රවෘත්තියක් නොවි කොටස් වෙළඳපොළ අගය එ්කක දෙකකින් අඩුවීම ප්‍රවෘත්තියක් වන්නේ කෙසේද ?"