"පොඩි පොඩි ඇළ දොළ එකතු වෙලා - හැදෙනා ලෙස ලොකු ලොකු ගංගා.............. ටික ටික හොඳ වැඩ පුරුදු කරන කොට - හොඳටම හොඳ වෙනවා...................”

ශ‍්‍රම සූරාකෑම දේව සමානකම සූරාකෑමයි. දෙවියන්ව සූරා කෑමයි. ලොව ඇති දරුනුම ව්‍යුහගත පාපය ශ‍්‍රම සූරාකෑම ලෙස සැලකිය යුත්තේ අනිකුත් සෑම ව්‍යුහගත පාපයකම පදනම එය වන නිසාය.

පාප් වහන්සේ ගේ මෙම විශ්ව ප්‍රකාශයට අනුවල අාචාර ධර්මවලට පදනම’ වන්නේ දෙමව්පියෝ විශ්වාස කළහැකි අය බවට පත්ව සිටීම ය. මෙය අප වැඩිදුරට නොසිතන පැත්තකි. "මට මගේ අම්මව ෂුවර්.....”  එසේත් නැතිනම්, කවුරු නැතත්, මට මගේ තාත්තව ෂුවර්” යැයි දරුවෙකුට පවසන්නට හැකි විය යුතු ය. තමාගේ ජීවිතයේ ඕනෑම තැනකද මගේ තාත්තා සහ අම්මා මා සමග ඉඳියි’ යන විශ්වාසය දරුවෙකුගේ සිතේ පැවතිය යුතු ය. අපට දෙවියන් වහන්සේ ගැන ද ඇත්තේ එවැනි විශ්වාසයකි. උන්වහන්සේ තමා ගේ දරුවන් කිසිවෙකුත් අතහරින්නේ නැත.  තමාගේ දෙමව්පියන්ව විශ්වාස කළ නොහැකි යැයි’ දැනෙන දරුවෙකුගේ ආචාර ධර්ම අධ්‍යාපනය අසාර්ථක ය.

අපතයෝ’ කිසිවෙක් නැත. දරුවන් අතර මෝඩයෝ’ නැත. බූරුවෝ’ නැත. කාලකණ්නියෝ’ නැත. වැඩ-බැරි-ටාසන්’ ලා නැත. මෙම ලෝකයට දරුවන්ව එවා ඇත්තේ, ස්වාමීන් වහන්සේ ට වැරදීමකින් නොවේ. දරුවන් ඔබ තුළින්’ පැමිණ ඇත්තේ යම් කාර්යයකට ය. දරුවන් තුළ ඉන්න කෙනා’ සොයාගන්න. ඔබ දෙදෙනා එම දරුවාට උදව්වනවා විනා, ඔබට උවමනා කෙනා’ බවට, දරුවාව පත්කරන්නට උත්සාහ කරන මෝඩ’ දෙමව්පියෙකුගේ භූමිකාවක් රඟපාන්නට නොයන්න.

දෙවියන්ගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, යහපතට වුවත්, බලකරන්නේ නැතිවීම යි. ‘නිදහස් කැමැත්ත’ යනු ක්‍රිස්තියානි දහමේ ප්‍රධාන ලක්ෂණය යි. නිදහසින් උත්තර දීමට ඔබට පැවරී ඇත. එබැවින් දරුවාට ඉගෙන ගන්නට, ‘ආදරණීය අත්වැලක්’ වෙන්න. ඔබ බලෙන් තින්දු තීරණ දෙනවා නම්, ඔබේ දරුවා කිසි කලෙක, ආත්ම විශ්වාසයකින් යුතු දරුවෙකු වන්නේ නැත.