1983 කළු ජූලියට වසර 35 කි. එහෙත් එ් මතකය පැරනි නොවේ. 10 වන ශ්‍රේණියේ සිසුවෙකු ලෙස කළුතර නගරයේදී දුටු කළු ජූලියේ අඳුරු දුමාරය වසරින් වසර හිත රිදවන මතකයකි. එපමණක් නොවේ. එය අප තුළ වන ජාතිවාදයේ අඳුරු සිතුවිලි වසරින් වසර සෝදා හරින මතකයකි.

දකුණේ ජනමාධ්‍ය විිජයකලාට පහරදීම නොව කළ යුත්තේ උතුරට අදාල ප්‍රශ්න විසදීමට රජයට බල කිරීමයි. උතුරේ සාමාකාමි ඉල්ලීම් පැහැර හැර එ්වා යටපත් කර එල්. ටී. ටී. ඊ යක් බිහිවීමට පාර කැපු දකුණේ සිංහල බෞද්ධ අනත්වාදයට ඔවුන්ගේ බෞද්ධ නොවන අන්තවාදය අත්හරින ලෙස ඉල්ලා සිටීමයි. එ් අන්තවාදයට එරෙහිවූ මතවාදයකින් ජනතාව අාලෝකවත් කිරීමයි. 

"නූතන කිතුනුවන්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අැපොල්ලොස්ට හෝ සීපස්ට අයත්වීමට කලින් ක්‍රිස්තුන් වහන්සේට අයත්වන ලෙසයි. "ජුදෙව්වකු හෝ ග්‍රීකයෙකු වීමට කලින් ක්‍රිස්තුස් වහන්සේට අයත් වීමටය. තමා වමේ හෝ දකුණේ යයි අනන්‍ය වීමට කලින් ස්වාමින් වහන්සේට අයත්වීමටය. සුබ අස්නේ නාමයෙන් අපගේ සහෝදරයා හෝ සහෝදරිය අපට වඩා ඉහලින් තෝරාගැනීමටය" යි එතුමා අවධාරණය කළේය.

ඉන්දීය ගමනක සටහන් - 10

ඔහු සුෆි හඳුන්වා දුන්නේ ඉස්ලාම් හා ක්‍රිස්තියානි මිශ්‍ර සම්භාවයක් අැති ධාරාවක් ලෙසයි. ඔහු සුෆි සමඟ ක්‍රිස්තියානිය සම්බන්ධ කිරීමට හේතුව වන්නේ සුෆි චින්තාවේ පදනම "අාදරය" නිසාය.

මානසිකව ගත්තොත් අද සිටින සෑම මිනිසෙක්ම වගේ සරණාගතයෙකි. අවතැන් වූවෙකි. ලෝකයේ භෞතික ව සරණාගතවූවන්ගෙන් 50% කට වඩා වැඩි පිරිසක් තරුණයින් බව අනාවරණය වී අැත. මෙය ඉතා බරපතළ තත්වයකි.