නුඹලා ඔවුන් වෙත පරිත්‍යාග කළ යුත්තේ ප්‍රේමය මුත්, නුඹලා ගේ සංකල්ප නම් නොවන්නේය. මක් නිසාදයත් ඔවුන්ට ඔවුන්ගේම පරිකල්පනා අැත්තේය. ඔවුන් ගේ ශරීරයන් මිස ඔවුන් ගේ අාධ්‍යාත්මයන් නුඹලා ගේ නිවෙස් වල රඳවා ගත යුතු නොවන්නේය.

උන්වහන්සේ පෙන්වා දුන් නව මාවත අපි හඳුනාගෙන තිබේද ? ඒ මාවතේ අපි ගමන් කරමුද ? 2017/11/24 දිනට මෙම අනුශාසනාව නිකුත් කර වසර 4 ක් පිරේ. අපි මේ වසර හතර තුළ නව සභාවක් අත් දකිමුද?

පසුගිය දශක තුන හතරක කාලය අපට සැලකිය හැක්කේ එළිපිට ආගමික නායකයින් හීලැ කරගෙන භාවිතා කිරීමට ප්‍රසිද්ධියේ වරදාන දුන් යුගයක් වශයෙනි. රටේ ඉහළම නායකයාගේ සිට ජාතික පලාත් ප්‍රාදේශීය දේශපාලකයා දක්වා සෑම සියලු දෙනා මේ කටයුත්තේ නිරත විය නිරත වේ.

එ් තීන්දු අදටත් වලංගු බව අපේ පෞද්ගලික කල්පනාවය. ගතවු පනස් වසර තුළ එ් තීන්දු කොතෙක් දුරට මෙරට කතෝලික සභා විසින් සිය වසම් තුළ ක්‍රියාත්මක කර තිබේදැයි අාපසු බැලීමක් කළ යුතුව අැති බව අපේ යෝජනාවය. ගතවු පනස් වසර තුළ මෙරට රදගුරු වසම් සංඛ්‍යාව 100% වැඩි වී අැත. පූජක සංඛ්‍යාව ද එසේය. කිතනු සභා සාමාජික සංඛ්‍යාව නම් අඩුවෙලාය.

කඳුකරය අාශ්‍රිතව වතු පාසල් ලෙස හඳුන්වන පාසල් 845 ක් තිබෙන අතර එ්වායේ දැනට පවතින ගුරු හිඟය 3850 ක් පමණ වේ. මේ දැවැන්ත ගුරු හිඟය විසින් එ් දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කරන බලපෑම අමුතුවෙන් ලිවිය යුතු නැත.