සුදුපිය දැක්ම - 4

“සුපුවතේ ආනන්දය” අපොස්තලික අනුශාසනාවේ දෙවන පරිච්ඡේදය නම් කර ඇත්තේ ‘සාමුහික කැපවීමේ අර්බුදය මැද’ යන තේමාවෙන් යුක්තව වර්ථමාන ලෝකය තුළ මුහුණ දෙන අභියෝග හා දූර පරීක්ෂා ගැන සාකච්ඡා කිරීමටය.

 

නිසැක වශයෙන්ම සියළු කිතුනුවෝ පහත දැ ප්‍රතික්ෂේප කළ යුතු බව ප්‍රැන්සිස් සුදතුම් පියාණන් මෙම පරිච්ඡේදයේ උපමාතෘකා මගින් සෘජුව හා පැහැදිලිව පෙන්වා දෙයි.

1 බැහැර කිරීමේ ආර්ථිකය ප්‍රතික්ෂේප කිරීම.
2 මුදල් දේවත්වයෙන් පිදීම ප්‍රතික්ෂේප කිරීම.
3 සේවයට බාධාවන මූල්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම.
4 ප්‍රචන්ඩත්වය ජනිත කරන අසාමාන්‍යතාවය ප්‍රතික්ෂේප කිරීම.
5 ආත්මාර්ථකාමිත්වය හා අධ්‍යාත්මික අලසකම ප්‍රතික්ෂේප කිරිම.
6 වඳ අශූභවාදය ප්‍රතික්ෂේප කිරීම.
7 ලෞකික අධ්‍යාත්මිකත්වය ප්‍රතික්ෂේප කිරීම.

මෙම දෙවන පරිච්ඡේදය ආරම්භයේදීම පාප්තුමා සාකච්ඡා කරන්නේ කාලයේ සළකුණු කියවීම හෙවත් නිවැරදි සමාජ විග්‍රහයක් පැවැතීම ධර්මදූත කාර්යයට කොරතම් අවශ්‍යද යන්නයි. නිවැරදි සමාජ විග්‍රහයක් නොමැති ධර්මදූතවරයා නිවැරදි ධර්මදානයක් සිදු නොකරයි.

වර්තමාන ලෝකය පිළිබඳ විචාරාත්මක හා විස්තරාත්මක විග්‍රහයක් ලබාදීම ශුද්ධෝත්ම පියතුමන්ට ඇති වගකීමක් නොවන්නේය. නමුත් ශුද්ධ වු කතෝලික සභාවේ දෘෂ්‍යමාන නායකයාණන් ලෙස සියලු ම සංඝයන්ගේන් හා කණ්ඩායම්වලින් මම ඉල්ලා සිටින්නේ ‘සැමවිට ම කාලයේ සළකුණුවලට අවදියෙන් සිටින්න” යන්නයි.

සියළු දූත සේවා සමාජය ගැන අවධානයෙන් සමාජ විග්‍රහයක් තුළ සිදු විය යුතුය. එසේම සමාජ විග්‍රහයක් පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ. සමාජය විස්තර කිරීමෙන් නොනැවති එය වෙනස් කිරීමට සුවපත් කිරීමට ක්‍රියා නොකරන්නේ නම් ඉන් ඵලක් නොවේ.

වර්තමානයේ අපට බොහෝ අවස්ථාවන්හිදි අසන්නට ලැබෙන්නේ ‘රෝග විනිශ්චය සඳහා වැඩි අවධානයක් යොමුකරන’ නමුත් එය නිතර ම වර්ධනය වු සහ සත්‍යය වශයෙන්ම ප්‍රායෝගික ප්‍රතිකාර ක්‍රමවේදයන් හා සමඟ නොපෑහෙන බවකි. සමාජයීය අර්ථකථනය සෑම විටම සියලු යථාර්ථයන් හට මධ්‍යස්ථ හා සායනික පිළියම් ලබාදෙන මාර්ගයක් වුව ද මෙහි දී නිසි අර්ථයක් ලබා නොදෙයි. මෙම අවස්ථාවේදි මම යෝජනා කරන්නේ සදහම්කරණ ක්‍රියාවලියෙහි පරිචයටත් එහා වු යෝජනාවකි. එනම් “ශූද්ධාත්මයාණන්ගේ ආලෝකයෙන් හා ශක්තියෙන් පෝෂණය වු ශ්‍රාවකත්වය මූලික කරගත් ධර්මදූතික සේවාවේ ප්‍රවේශයකි”

අපොස්තලික අනුශාසනා ද හුදෙක් කරුනු පැහැදිලි කරන ලේඛන වන්නේ නම් ඒවා ඵල රහිත බව ප්‍රැන්සිස් පාප්තුමන් පෙන්වා දෙන්නේ ස්වයං විවේචනාත්මකවය. සමාජ විග්‍රහයක් දැනුවත් ඇති නව ප්‍රභූ පන්තියකගෙන් වැඩක් නැත. අවශ්‍යන්නේ වෙනස සඳහා කැපවන දැනුවත් මිනිසුන්ය.

අපි සැම විටම දේවරාජ්‍යයේ ගුණාංගය හා දේව කැමැත්තට පරිබාහිර ව ඇති ගුණාංග අතර ඇති වෙනස පැහැදිලිව හඳුනාගත යුතුවෙමු. මේ සඳහා දැනගැනීම හා එය විඥානනය කිරීම පමණක් නොව, යහපත් දෙය තෝරා ගැනීමත්, අයහපත වු දෙය ප්‍රතික්ෂේප කිරීමට සාක්ෂි දැරිමත් සිදු විය යුතු ය. එය සැබවින්ම තීරණාත්මකය. ශුද්ධ වු කතෝලික සභාව මීට පෙර විෂයයන් ද කලාපීය වශයෙන් හා දේශීය රදගුරු මණ්ඩලයන් විසින් ලබා දුන් යෝජිත හා ඉගැන්වීම් ද සැලකීමේදි මෙම අපොස්තලික අනුශාසනා මගින් මා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ එfඬිරික උපනතින් ධර්මදූත නවෝදයකට තුඩුදෙන යොමුව වළකන සහ දුර්වල කරන සමහර කරුණු සලකා බැලීමය.

වර්ථමාන ලෝකය භෞතිකව පෙනෙන විශාල දියුනුවක් ලබා තිබුනද ඊට සැඟ වී බහුතරයක් දුක් විඳින ආකාරය හඳුනාගත යුතු බව එතුමා පෙන්වා දෙයි. මිනිස් අභිමානය ඇතිව ජීවත් වීම බහුතරයක අහිමි කර ඇත.

අපගේ සමකාලීනයන් බොහෝ දෙනෙකු දුෂ්කරතා හා අඩු පහසුකම් සහිතව දිවිගෙවන බවය. නොයෙකුත් රෝගාබාධ අද ලොව තුළ පැතිර යමින් පවතී. බොහෝ ජනයාගේ හදවත් තුළ භීතිය හා කළ කිරිම් රජයමින් පවතී. මෙය පොහොසත් යැයි හඳුන්වනු ලැබු රටවල්වලට ද පොදුය. ආනන්දය සමඟ ජීවත්වන ජීවන ක්‍රමය මනුෂ්‍යා තුලින් ක්‍රමයෙන් පහව යන අතර, අන් අය කෙරෙහි දක්වන ගෞරවය පිරිහීමත්, ප්‍රචණ්ඩත්වය රජවීමත් සමඟ සමාජ සමානාත්මතාවය අපගෙත් ක්‍රමයෙන් ඈත්වීම වැනි කරුණුවලටද මෙම සමාජය සාක්ෂි සපයයි. ජීවත්වීම පමණක් නොව, කුඩා හෝ අභිමානයක් සමඟ ලෝකය තුළ ජීවත්වීම සැබවින්ම දුෂ්කරය.


jesustoday 39 සතිය 2017 නොවැම්බර් 26

 

Comments powered by CComment