ඉන්දීය ගමනක සටහන් - 9

අපි අග්‍රා බලා ගමන් ඇරඹුවේ ටජ් මහල ඇතුළු ස්ථාන කීපයක් නැරඹීම අරමුණු කරගෙන. දිල්ලිය කියන්නේ වංචාව හා දූෂණයට එරෙහිව ඉන්දියාව තුළ සිදු වු සටනේ ප්‍රතිඵලයක් ලෙස පත් වු මහ ඇමතිවරයෙක් ඉන්න ප්‍රාන්ත රාජ්‍යය. ඔහු කෙජ්රිවාල් මෝදිගේ සුවිසල් ජයග්‍රහනයේ දිස්නය මුලින්ම මකා දැමුවේ කෙජිරිවාල්. ඒ මෝදි අගමැති වූවාට පසුව පැවැති පළමු ප්‍රාන්ත මැතිවරණයෙන්ම මෝදිගේ පක්ෂය පරාජයට පත් කරමින් ඉන්දියාවේ අග නගරය පිහිටි ප්‍රාන්තයේ මහ ඇමති බවට තේරි පත් වෙමින්.

 

දකුණු ආසියානු දේශපාලනයේ අනන්‍යතාව බවට පත් වී තිබෙන මහා පරිමාණයේ වංචා දූෂණ වල ප්‍රධාන මධ්‍යස්ථානය ඉන්දියාව කියන්න පුළුවන්. ඒත් රටේ ප්‍රමාණයට සාපෙක්ෂව ගත්තොත් ශ්‍රී ලංකාව දෙවෙනි වෙන්නේ නෑ. මේ දිනවල අපේ රටේ සාකච්ඡා කෙරෙන බැදුම්කර වංචාව පමණක් ගන්නත් ඒ බව තහවුරු වෙනවා.

කෙසේ නමුත් දූෂණයට වංචාවට එරෙහි ව්‍යාපාරය ලංකාවට වඩා ඉන්දියොවේ ශක්තිමත් අන්නා හාසාරේ, කෙජ්රිවාල් වැනි අය ගෙන ගිය ඒ ව්‍යාපාරය ලංකාවටත් බලපෑවා. ලංකාවේ 2015 සිදුවනු බල පෙරලියටත් ඒ ව්‍යාපරය වක්‍රව බලපානවා.

අපි දිල්ලියට සමුදීලා උත්තරේ ප්‍රදේෂ් ප්‍රාන්තයට ඇතුළු වුනා. අග්‍රා දක්වා දිවෙන ‘යමුනා අධිවේගි’ මාර්ගය උත්තර් ප්‍රදේෂ් ප්‍රාන්තයේ හරහා අග්‍රා දක්වා දිවෙනවා. ඉන්දියානුවන් එය ජමුනා යනුවෙනුත් වර නඟනවා.

 03.14.09

 

‘යමුනා’ ඉතා වැදගත් යෙදුමක්. ටජ් මහල ඉදි වී තිබෙන්නේ අග්‍රාහි යමුනා ගං තෙරේ යමුනා ඉන්දියාවේ ප්‍රධාන ගංගාවක්. එය හිමාලයේ පහල ප්‍රදේශයේ ඇරඹි කිලෝ මීටර් 1376 ක් ගමන් කර ගංගා නදියට එක් වෙනවා.

උසස් පෙළ භූගෝල විiාව හදාරන කාලයේ ‘ඉන්දියාව’ විශාල පාඩමක්. ඉන්දියාවේ ගංගා හි චමත්කාරය අපි සිතින් මවාගත්තා මතකයි. අපේ මහවැලි, කළු, කැළණි වලවේ යන සිව් ගංගා වගේ ඉන්දියාවේ මහා ගංගාවක් වන්නේ ගංගා (ගංගා නම් ගඟ) යමුනා, අචිරවති, සරභූ, මහී යන පංච මහා ගංගාවන්. ඒ පංච මහා ගංගා මතකයට එද්දී මත් වෙන්නේ බුදුන් වහන්සේ එම ගංගා උපමා කොට සංඝයාට වදාළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය.“ගංගා, යමුනා, අචිරවති, සරභූ, මහී යන පංච මහා ගංගා ගලා විත් ගංගාමය අනන්‍යතාවය අහොසි කරගෙන මහ සමුද්‍රය නිර්මාණය වන්නා සේ වර්ග, කුල ගෝත්‍රා ආගම් ආදි කවරක් වූවත් බෞද්ධ භික්ෂුහු ඒ කිසි උප්පත්ති සාධකයට අයත් නොවන්නේය”

බුදුන් ඉපැදුනු මහා භාරතයත්, මේ ගෞතම බුදුන්ගේ දේශයයි කියන ශ්‍රී ලංකාවටත් ඒ මුනි වදන නොසැලකීම නම් බුද්ධ පීඩාවක් ම වන්නේය. බුදුන් පිටුදැකිය යුතු යැයි පැවසු ජාතිය කුලය ආදි භේද බරපතලව ගන්නා රටවල් බවට අපේ රටවල් පත්වීම කොතරම් නම් විකෘතියක්ද ?

යමුනා ගංතෙර අපේ මතකය තුළ විචිත්‍රවත් සිතුවම් මැවු අනෙක් මූලාශ්‍රය වන්නේ රාධා ක්‍රිෂ්ණ ප්‍රේම වෘන්තාන්තයි. යමුනා ගංතෙර රාධා හා ක්‍රිෂ්ණාගේ සුපෙම්වත් හමුවීම් ඉන්දීය හින්දු ජනයා තුළ පමනක් නොව එකි කතාව කියැවු ඕනැම අයෙකු තුළ චමත්කාරයක් දනවයි.

අපේ ගීත සාහිත්‍ය තුළ යමුනා ගංගාව කොතේ විවිත්‍ර චිත්‍ර මවා තිබෙනවා. ඒ රාධා ක්‍රිෂ්ණා පෙම් පුවත ඇසුරින් අපේ රටේ ගීත රචකයන් ප්‍රති නිර්මාණය කළ ගී සංකල්පනා තුළ

03.14.13

යමුනා ගං තෙර 

තමලු ලතා සෙවණේ

යොහුඹු කුසුම් යහනේ

රාධා බලා හිදි

ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා

 පද - මහාචාර්ය සුනිල් ආරියරත්න 

ගායනය - නන්දා මාලනි

 

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා

පද - ධම්මික බණ්ඩාර
ගායනය - අමරසිරි පීරිස්


යමුනා යන නමේ තේරුමෙ “හිරුගේ දියණියයි” එය කොතරම් අපුරු සුන්දර අර්ථාවන්විත යෙදුමක්ද ? එහෙත් යමුනා අධිවේගි මාර්ගය ඉදි කිරිමට මුලික වු උත්තර් ප්‍රදේශ් ජනයා හිරුගේ දියණියක් ලෙසින් තමන්ගේ ගැලවීම සාදා දෙන්නේ යැයි අදහා මහා ඇමති පුටුවට ඔසවා තැබු පහළම පංතියෙන් පැමිණි මායාවති ඒ සිහින සුනු විසුනු කළාය. මායාවති, ජයලලිතා, ශෂිකලා හා අනෙක් දේශපාලකයින් සේම වංචාවේ දූෂණයේ ප්‍රතිමූර්තියක් බවට පත් වුවාය.

03.14.11

 ඊට කදීම සාක්ෂියක් සපයන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ඇතුළුවන වහාව පිහිටා තිබෙන ණ්බියසර්ප ඡ්රන නම් උiානයයි. මේ උiානය කිලෝමීටර් තුන හතරක් දිගු වූවක්. මායාවති. එය ඉදි කරන්නේ ඇ මහා ඇමති පුටුව දක්වා රැනෙ ගිය බහුජන සමාජ පක්ෂයේ නායකයින්ට උපහාර පිණිස බවයි ප්‍රකාශිත අරමුණ. එහි එම පක්ෂයේ නායකයින්ගේ විශාල පිළිරු දක්නට ලැබෙනවා. මේ උiානයේ එක් මායිමක් වන්නේ යමුනා ගං තෙර. ඇත්තටම මේ උiානයේ සැඟවුනු අරමුණ තමයි කිලෝමීටර් ගණනක් පුරා පැතිරුනු යමුනා ගං ඉවුර පෝෂණය කළ, ආරක්ෂා කළ විශාල කැළය එළි කිරිම මගින් තමන්ටත් තම පක්ෂයේ අයට හා ඥාතිත්ටත් විශාල මුදලක් ලබා ගැනීම.

කිලෝ මීටර් ගණනක් වු කැළය කපා දමලා. විසල් උiානයක් ඉදිවෙලා. එය බොහෝ තැන්වලදි පාළුවට ගිහින් ඒ අසලින් හිරුගේ දියණිය. “යමුනා” නදිය කඳුළු සලමින් ගලාගෙන යනවා.

03.14.12

යමුනා අධිවේගි මාර්ගය ඉතා දිගු එකක්. ලංකාවේ දකුණු අධිවේගි මාර්ග වගේම එය ගම්මාන දෙකඩ කරමි ගමන් කරනවා. උත්තර් ප්‍රf්දශ් ග්‍රාමියයි. අධිවේගි මාර්ගය දෙපස විසල් වගා බිම් සැතපුම් ගණන් ඈතට ඈතට බැලුම් හෙලන්න පුළුවන්. අපේ ගමන් සඟයන් හුඟ දෙනෙක් නින්දේ රථාචාර්ය අසලින් සිටිමින් මේ මහා භූමි දර්ශනය හදවතට මනසට උරා ගැනිමේ පිපාසයෙන් අපි අවදිව සිටියෙමු.

ඇත්තටම යමුනා මිටියාවත ඉතා සශ්‍රික පොළවක් වැසි සමය ළඟ නිසා කෙත්වතු සූදානමින් සිටිනවා ඊළඟ කන්නයට. කිලෝ මීටර් 200 ක් පමණ අග්‍රා දක්වා මාර්ගයේ කිලෝමීටර් 100 ක් විතර දුරක් දක්වා තැනින් තැන් ඉහළට නැගුනු උළු ගඩොල් කම්හල්වල කුළුනු අපිට දකින්න පුළුවන්. මැටි කපා ගත් භූමි වල පිළිවෙලකට වගාවක් සිදු කර තිබෙනවා.

අධිවේගි මාර්ගයන් ආශ්චර්යක් වගේ පෙනුනට ඊට යටින් දිවෙන යථාර්ථයට විමසුම් බැල්මක් හෙලුවම සැබෑව දකින්න පුළුවන්. කිලෝ මීටර් 100 ක පමණ දුරක් අපගේ අවධානය යොමුවුනේ අධිවේගි මාර්ගය හරහාට දිවෙන ග්‍රාමිය මාර්ග වෙතට ඒ ග්‍රාමිය මාර්ගවලින් 95% ක් පමණ තාර නොදැමු ගුරු පාරවල්. අධිවේගි මාර්ග විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල උන්මාදයක් බව පෙනෙනවා. ලෝකයේ දියුනු රටවල් අධිවේගි මාර්ග ඉදි කිරිම ඔවුන්ට ප්‍රශ්නයක් නොවෙයි. ඒත් ඒ රටවල් වලට යන අපේ රටවල් වල විශේෂයෙන් පහල පංතියේ නායකයින් අධිවේගි මාර්ග ඉදිකරන්නේ එක් පැත්තකින් හීනමාන හැඟීම් වල ප්‍රතිඵලයක් ලෙෂ, අනිත් පැත්තෙන් මහ ණය කන්දරාවක් රටට උරුම කරමින් උනත් විශාල ලෙස කොමිස් හා අත යට ගනුදෙනු මගින් හම්බ කරන්න. 

ලංකාවේ අධිවේගි මාර්ග කිලෝමීටර් ගණන එක්ක ගත්තම ඉන්දියාවේ අධිවේගි මාර්ග වල දිග වගේම පළල සුවිසල් නව දිල්ලියේ සමහර තැන්වල අධිවේගි මාර්ගයේ මංතීරු ගණන එක් අතට මං තීරු 16 ක් වගේ විශාලයි. නමුත් අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ අධිවේගි මාර්ග ඉදිවෙන ඉන්දියාවේ ජනගහනයෙන් 40% කට පමණ වැසිකිලි නැති බව,

ලංකාවේ අධිවේගි මාර්ග පිළිබඳ ද පාර්ලිමේන්තු සංවාදයක් ඇති වුනේ ප්‍රථම වරට මේ සටහන ලියැවෙන 2017 ඔක්තෝම්බර් 19. අධිවේගි මාර්ග ලංකාවට රැගෙන ආ පෙර රජයෙත් එය ඉදිරියට ගෙන යන මේ රජයෙත් කැබිනට් ඇමතිවරයෙකු වන මහ නගර අමාත්‍ය චම්පික රණවක ඒ ගැන අදහස් දක්වලා තිබුනේ ඔහු හරියට විපක්ෂයේ සිටියා වගෙයි.

ණය වී අධිවේගි මාර්ග සෑදීමට වඩා ලංකාවේ කළ යුතු බොහෝ කාර්යක් තිබෙන බව මුල සිටම පැවසු පුද්ගලයින් ඉදිරිපත් කළ දේවල් ඔහු ප්‍රතිරාව නංවලා තිබුණා. මේ ඉන් කීපයක්

  • අධිවේගියේ කිලෝමීටර් දෙකක වියදමින් වෛi විiාලයක් සෑදිය හැකියි.
  • කිලෝමීටර් 4 ක වියදමින් කොළඹට සුඛෝපභෝගි බස්රථ යොදවා වාහන තදබදය නවතා දැමිය හැකියි.
  • කිලෝමීටර් 6 ක් වියදමින් කටුනායක ගුවන් තොටුපලේ 2 වන ගුවන් පථය ඉදිකොට ආර්ථීක මධ්‍යස්ථානය ශක්තිමත් කල හැකියි.
  • කිලෝමීටරයකට යන වියදම මිලියන 4000 - 5000 ක් අතර වේ. (රු 4 000 000 000 - 5 000 000 000 )
    එමගින්
    1 කොළඹ නරගයේ වැසිකිලි පහසුකම් තනි පවුල් 20000 කට වැසිකිලි පහසුකම් සැපයීය හැකියි.
    2 කෝටි 10 ( 10 000 000 ) වැය කර ග්‍රාමිය රෝහල් 10 ක් සංවර්ධනය කල හැකියි.
    3 දුප්පත් පවුල් 5000 කට ඉතා විධිමත් නිවාස තනා දිය හැකියි.  

‘දිදුලන ඉන්දියාව’ මෙන්ම ‘ආසියාවේ ආශ්චර්ය’ වැටි ඇත්තේ දුප්පත් ජනයා අධිවේගයෙන් සංවර්ධනය කරන මාවතක නොවේ. ධනවතුන් හා දේශපාලකයින් අධිවේගයෙන් සංවර්ධනය කරන දුප්පතුන් තව තවත් ණය බරින් පීඩාවට පත් කරන මාවතක බව පැහැදිලියි. යමුනා නදිය පිළිබඳ සොඳුරු මතක අතරින් මේ අඳුරු යථාර්ථයත් මතු වීම.

 jesustoday 37 සතිය 2017 නොවැම්බර් 12

 

Comments powered by CComment