"එම්බා මනුෂ්‍යය යහපත ්දේ කුමක්දැයි සමිඳාණන් ඔබට පෙන්වා දී අැත. එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක්ද ? යුක්තිය ඉටු කිරීමත්, දයාපෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිිඳුන් සමඟ හැසිරිමත් පමණකි"  (මිකා 7/9) මෙම පාඨය පමණක් සැලකුවද එයට අනුකුලව කටයුතු කරන්නේ නම් යුක්තිය පිළිබඳ බලාපොරොත්තු අැති කර ගැනීමට ජනතාවට හැකිවනු අැත. ඔබ මේ සටහන කියවන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ජනපතිගේ ක්‍රියාව ගැන අධිකරණ තීන්දුව ලැබී තිබෙනු අැත. එය කුමක් වූවද එ් තුළින් ලංකාවේ නීතිය යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා වැදගත් තීරණයක් වීම වැලැක්විය නොහැකිය.

මේ සටහන ලියන 2018 දෙසැම්බර් 5 වන බදාදා වන විට මුළු ශ්‍රි ලංකාවේම අවධානය යොමුව පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙසටය.

ඔක්තෝම්බර් 26 වනදා මෙත්‍රීපාල ජනපති සිදුකල සදාචාර විරෝධි බල පෙරළිය මසකට වැඩි කලක් අැති කර තිබෙන තත්වයේ ඉදිරි ගමන අධිකරණයේ තීන්දු සමඟ තීරණය වේ යැයි ජනතාව බලා සිටි. නමුත් කිතු නෙතින් දකින විට රට මුහුණ දී අැති අර්බුදය අධිකරණ තීරණයකින් විසඳාගත නොහැකි අර්බුදයකි. එහෙත් අධිකරණයේ තීරණය රටේ පැවැත්ම කෙරෙහි ඉතා වැදගත් තීරණයක් වනු අැත.

පසුගිය සති කීපය තුළ අධිකරණයෙන් බලාපොරොත්තු වන කාර්ය පිළිබඳ සාධනීය හැඟීමක් ගොඩනැගෙන තාවකාලික හෝ තීන්දු කීපයක් ලැබීම යුක්තිය පතන ජනතාවගේ සතුටට හේතු වී අැත.

  1. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපති නියෝගය තාවකාලිකව අත්හිටුවීම හා එ් පිළිබඳ පෙත්සම් සලකා බැලීමට හත් දෙනෙකුගේ යුතු විනිසුරු මඩුල්ලක් පත් කර දින තුනක් එ්වා සලකා බැලීමට වෙන් කිරීම.
  2. අගමැතිවරයාගේ හා අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අභියාචනා අධිකරණය වාරනයක් පැන වීම.
  3. තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීමේ නඩු විභාගයට අදාලව ලංකාවේ අාරක්ෂක අංශයේ ඉහළම තනතුර දරණ නිලධාරියා වන අාරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අදිමිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අත් අඩංගුවට ගෙන සිතයකට රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියම කිරීම.

මෙම කරුනු තුන වූවද පසුගිය කාලයේ එනම් ස්වාධින කොමිශන් සභා අැති කිරිමට පෙර අධිකරණය හැසිරුනු අාකාරය සමඟ බලන විට යම් ස්වාධින බවක් පෙන්නුම් කරයි.

නව අගවිනිසුරුවරයා පත් කිරීම පිළිබඳ විවිධ කතා නිර්මාණය වූ අතර ඔහු අඳුරු වළාවක්ද ? රිදි රේඛාවක්ද ? යන්න ගැන අනාගතය තීරණය කරාවි යන අදහස ප්‍රකාශ විය.

නව අගවිනිසුරුවරයා තම ප්‍රථාම කථාවේදි මූලාශ්‍ර කොටගෙන තිබුණේ ශුද්ධ වූ බයිබලය තුළ නීතිය යුක්තිය ගැන සඳහන් වූ පාඨ තුනකි. එ් පාඨ තුන අනුව ඔහු කටයුතු කරන්නේ නම් ලංකාවේ අධිකරණය පත් වි අැති කුණු වු තත්වය යම් පමණකට වෙනස් කිරීමට එය හේතුවනු අැත. ඔහු උපුටා දැක් වු එ් ශුද්ධ ලියවිලි පාඨයක් මෙසේය.

"එම්බා මනුෂ්‍යය යහපත ්දේ කුමක්දැයි සමිඳාණන් ඔබට පෙන්වා දී අැත. එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක්ද ? යුක්තිය ඉටු කිරීමත්, දයාපෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිිඳුන් සමඟ හැසිරිමත් පමණකි"  (මිකා 7/9)

මෙම පාඨය පමණක් සැලකුවද එයට අනුකුලව කටයුතු කරන්නේ නම් යුක්තිය පිළිබඳ බලාපොරොත්තු අැති කර ගැනීමට ජනතාවට හැකිවනු අැත. ඔබ මේ සටහන කියවන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ජනපතිගේ ක්‍රියාව ගැන අධිකරණ තීන්දුව ලැබී තිබෙනු අැත. එය කුමක් වූවද එ් තුළින් ලංකාවේ නීතිය යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා වැදගත් තීරණයක් වීම වැලැක්විය නොහැකිය.

කිතුනුවන් ලෙස පවතින නීතිය හා යුක්තිය පිළිබඳ ගැඹුරු අවධානයක් දිය යුතුය. යුක්තියේ දූත කාර්යය ඉටු කිරිම දෙවිඳුන් ඉල්ලන ප්‍රධාන ඉල්ලීමකි. 

Jesustodaysl 2 වන වසර 39 වන සතිය 2018 දෙසැම්බර් 09

Comments powered by CComment