පවතින සමාජ, අාර්ථික, දේශපාලන ක්‍රමය වෙනස් කර නොගන්නා තෙක් මෙවැනි අපරාධ තව තවත් වර්ධනය වීම වැලැක්විය නොහැකිය. මන්ද සමාජය යහමඟට ගත යුතු සියළු සංස්ථා විනාශ වී අැති බැවිනි.

අපි අැඹුල් මිදී කෑවොත්

හිරි වැටෙයි දරුවන්ගේ දත්

වැඩිහිටියන් අැඹුල් මිදි කෑ විට දරුවන්ගේ දත් හිරිවැටෙන බව ශුද්ධ වූ බයිබලෙය් සඳහන් වේ.

පසුගිය සතිය තුළ මාතරදි හා බේරුවලදි පාසල් සිසුන් ඝාතනය වීමේ සිදුවීම් දෙකක් වාර්තා විය.

මෙසේ ඝාතනයට ලක් වූ එක් සිසුවෙකු  උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුවෙකි. ඔහුගේ ඝාතනයට පසුබිම් ගැටුමට ප්‍රේම සම්බන්ධයක් පදනම වන බව පොලිසිය වාර්තා කර තිබුණි. අනිත් අනෙක් සිසුවාද උසස් පෙළ හදාරන සිසුවෙකි. ඔහුගේ ඝාතනයට  ශිෂ්‍ය නායකයෙකු ලෙස ඔහු පාසල් 9 වසරේ සිසුවෙකුට විනය විරෝධි චර්යාවක් ගැන දැක් වූ ප්‍රතිචාරයක් පදනම් මත බව පොලිසිය වාර්තා කර තිබුණි.

දැන් බොහෝ දෙනෙකු සුපුරුදු පරිදි අද හැදෙන ළමයින්ගේ නැහැදිච්ච කම් ගැනත්, ළමුන් සදාචාරවත් කිරීමේ වැදගත්කමක් ප්‍රකාශ කරනු අැසේ. එහෙත් මේ ප්‍රචණ්ඩත්වය වෙත සිසුන් තල්ලු කිරීමේ වගකිම මේ රටේ දේශපාලකයින්, පූජ්‍ය පක්ෂය ගුරුවරු අැතුළු වැඩිහිටියන් භාරගත යුතුය. අැත්තටම අත් අඩංගුවට පත්ව දඩුවම් ලැබීය යුත්තේ තවත් ශිෂ්‍යයකු නොවේ. මේ අාත්මාර්ථකාමි වැඩිහිටියෝය.

ජේසු තුමන් සිටියේ නම් එතුමා මේ දරුවන් නිදහස් කර ඊට නියම වගකිව යුක්තන්ව අනාවරණය කරනු නිසැකය. අැත්තටම පාර්ලිමේන්තුවේ සිට මුළු සමාජය පුරාම අැත්තේ ප්‍රචණ්ඩත්වයයි, හිංසනයයි. එය අාගමික සංස්ථා තුළ ද නොඅඩුව අැත. හිංසනය ප්‍රචණ්ඩත්වය ළමා මනසට කාන්දුකරණ ජනමාධ්‍යයද ප්‍රමුඛ වග උත්තරකරුවෙකි.

ශ්‍රී ලංකාව තුළ, ළමා මනස තුළ හිංසනය ප්‍රචණ්ඩත්වය අනෙකා පරාජය කිරීම, අසංවේදිබව අැති කරන ප්‍රධාන හේතුවක් වන්නේ පවතින අධ්‍යාපන ක්‍රමයයි. පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වාද ඉන් ඔබ්බටද විහිදි අැත්තේ අනෙකා පසු පසට අැද දැමීම ඉලක්ක කරගත් තරඟකාරි අධ්‍යාපනයකි. මේ තරඟයේ දිවිමට දරුවන් යොමු කරන සියලු වැඩිහිටියෝ ද එය පවත්වා ගෙන යන අාණ්ඩු සේම මීට වගකිව යුතුය.

කිසිදු ප්‍රමිතියක් නැති තනිකරම ඉතා පහසු ධන උපයන මාර්ගයක් වී අැති ටියුෂන් ක්‍රමයද මේ සඳහා දායක වේ. තෙල් බෙහෙත් වෙළඳුන්ගේ තත්වයට පිරිහි අැති ටියුෂන් ගුරුවරු සාතිශ්‍ය බහුතරයකගේ වෙළඳ පොළ සටනද ප්‍රචණ්ඩත්වය වගා දිගා කරයි.

මාතර සිදුවීමේදි මිනිමැරීමට සැක එක් සිසුවෙකුගේ මුහුණු පොතේ ජනප්‍රිය ටෙලි නාට්‍ය්‍යක තිබුණා වගේ ගැටුමක් අැති කර ගැනීමට අැති අාශාව සටහන්ව තිබු බව වාර්තා විය. පසුගිය කාලය තුල සිසුන් අතින් සිදු වූ බොහෝ මිනිමැරුම් පසුපස ඔවුන් විසින් නරඹන ලද චිත්‍රපටි, ටෙලිනාට්‍ය හා වෙනත් වැඩ සටහන් වල බලපෑම තිබු බව හෙළි වී අැත.

පවතින සමාජ, අාර්ථික, දේශපාලන ක්‍රමය වෙනස් කර නොගන්නා තෙක් මෙවැනි අපරාධ තව තවත් වර්ධනය වීම වැලැක්විය නොහැකිය. මන්ද සමාජය යහමඟට ගත යුතු සියළු සංස්ථා විනාශ වී අැති බැවිනි.

කිතුනුවන් දේව රාජ්‍ය හෙවත් ප්‍රේමයේ රාජ්‍යයක් උදෙසා වන තම මෙහෙවරට කැපවිය යුතුය. එසේ නොමැතිව අනේ අපොයි කීමෙන් ඵලක් නැත.

Jesustodaysl 2 වන වසර 38 වන සතිය 2018 දෙසැම්බර් 02

Comments powered by CComment