"මම මූල්‍ය විශේෂඥයන්ට හා දේශපාලන නායකයන්ට පසක් නරන්නේ පුරාණ මුනිවරයෙක් පැවසු වදන්ය. "මෙලෙස දුප්පතුන් සමඟ බෙදා නොගැනීම යනු ඔවුන්ගේ දේ හොරකම් කිරීම හා ඔවුන්ගේ ජීවන මාර්ග උදුරා ගැනීමය. අප රඳවා ගෙන සිටින්නේ ඔවුන්ගේ දේවල් මිස අපගේ දේවල් නාෙවේ"

සුදු පිය දැක්ම

දේවත්වයට පත් කරන ලද වෙළඳ පොළ තුළ පවතින "මූල්‍ය ක්‍රමය" අපගේ ලෝකය තුළ එකිනෙකා වෙත හා සොබාදහම වෙත මෙහෙ කිරීමට, සේවය කිරීමට බාධාවක් බවත්, එබැවින් එම "මූල්‍ය ක්‍රමය" ප්‍රතික්ෂේප කළ යුතු බවත් ප්‍රැන්සිස් සුදතුම් පියාණන් ප්‍රකාශ කරයි.

එතුමා පවසන්නේ පවතින ක්‍රමය දෙවියන්ව හා අාචාර ධර්ම ප්‍රතික්ෂේප කරන බවයි.

"මෙම ක්‍රමයේ අාකල්පවලට පසු පසින් සැඟවි තිබෙන්නේ අාචාර ධර්ම හා දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමයි. අාචාර ධර්ම දෙස බලන්නේ නොවැදගත් ලෙසයි."

එතුමා පවසන්නේ මුදල් ක්‍රමය ධනය බලය උත්කර්ෂයට නංවන අතර දෙවියන් හා අාචාර ධර්ම ප්‍රේමය හා සේවය වෙත අප යොමු කරන බවයි. අාචාර ධර්ම නොසලකා හැරීමෙන් තොරව දෙවියන් (ප්‍රේමය) නොසලකා හැරීමෙන් තොරව මෙම ක්‍රමයට පැවැතිය නොහැකිය.

"අාචාර ධර්මයන් තර්ජනයට ලක් වී අැත. මන්දයත් එ්වා පුද්ගලයාව වැරදි ලෙස භාවිතා කිරීම හා පුද්ගලයාගේ පදනම් නැති කිරීමට විරුද්ධ වන බැවිනි. අාචාර ධර්ම වෙළඳ පොළ ප්‍රභේදනයන්ට පිටින් ගිය කැපවුණු ජීවිතයකට ප්‍රතිචාර දක්වන්නට අපව කැඳවන දෙවි කෙනෙකු වෙත මඟපෙන්වයි. නමුත් මෙම වෙළඳ පොළ ප්‍රභේද පරමාදර්ශී බවට පත් වුවහොත්, දෙවියන් වහන්සේව දැකිය හැක්කේ පාලනය හෝ පරිපාලනය කළ නොහැකි මහා භයානක දෙයක් ලෙසය. මන්ද, දෙවියන් වහන්සේ මිනිසාට අාරාධනා කරන්නේ ජීවිතයේ පූර්ණාවබෝධය සාක්ෂාත් කර ගැනීමට හා සියලු වහල් බැම්වලින් නිදහස් වීමටය. සංකල්පවාදි නොවන අාචාර ධර්ම සමබර හා වඩාත් මානුෂික සමාජ ක්‍රමවේදයක් උදා කරයි."

දේශපාලකයින් හා ක්‍රමයේ මූල්‍ය විශ්ලේෂකයින් සිදු කරන්නේ ජනතාවගේ දේ උදුරා ගැනීම සාධාරණිකරණය කිරීම බව එතුමානෝ පෙන්වා දෙති.

"මම මූල්‍ය විශේෂඥයන්ට හා දේශපාලන නායකයන්ට පසක් නරන්නේ පුරාණ මුනිවරයෙක් පැවසු වදන්ය. "මෙලෙස දුප්පතුන් සමඟ බෙදා නොගැනීම යනු ඔවුන්ගේ දේ හොරකම් කිරීම හා ඔවුන්ගේ ජීවන මාර්ග උදුරා ගැනීමය. අප රඳවා ගෙන සිටින්නේ ඔවුන්ගේ දේවල් මිස අපගේ දේවල් නාෙවේ"

සදාචාර ධර්ම සැලකිල්ලට ගන්නා මූල්‍ය ක්‍රමයක් ගොඩනැගිය යුතු බව පවසන සුදතුම් පියා එමගින් පවතින මූල්‍ය ක්‍රමය සදාචාර ධර්ම නොසලකන බව පෙන්වා දෙයි. සදාචාර ධර්ම සලකන මූල්‍ය ක්‍රමයක් ගොඩනැගීම පවතින ක්‍රමයේ සුවිසල් වෙනසක් අැති කිරීමක් මඟින් මිස කළ නොහැකි බව පැහැදිලිය. එය සැබෑ අභියෝගයකි.

"සදාචාර ධර්ම සැළකිල්ලට බඳුන් වන මූල්‍ය ප්‍රතිපත්තියකට විවෘත වීම සඳහා දේශපාලන නායකයන්ගේ පැත්තෙන් සුවිශාල ලෙස වෙනස්ම වූ යොමුවක් අත්‍යවශ්‍යය. මම ඔවුන්ගෙන් අයැද සිටින්නේ සැම සිද්ධියක ම සුවිශේෂිබව නොසලකා නොහැර, මෙම අභියෝග වෙත අධිෂ්ඨානයෙන් යුතුව මුහුණ දී හා අනාගතය වෙත නෙත් යොමුවන ලෙසයි."

2018.11.02.08

මුදල පවතින්නේද, මුල්‍ය ක්‍රමය පැවැතිය යුත්තේද සේවය සඳහාය. සාධාරණය අැති කිරීම සේවයේ හරයයි. නමුත් මුදල් සියල්ල පාලනය කරන්නේ නම් එය මුදලේ අර්ථය විකෘති කිරීමකි. එ් නිසා අාර්ථික හා මූල්‍ය කාරණා වෙත මානවවාදි ක්‍රමයක් අප සොයා ගත යුතු බවයි එතුමා පෙන්වා දෙන්නේ.

"ශුද්ධෝත්ම පියාණන් සියල්ලන්ටම එනම් ධනවතුන්ට හා දුගීයන්ට එක ලෙසම ප්‍රේම කරයි. එහෙත් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ධනවතුන්, දිළින්දන් ගරු කරමින් නගා සිටුවීම, කළ යුතු බව හා ගරු කළ යුතු බව මතක් කිරීමට බැඳී සිටියි. අාර්ථික හා මූල්‍ය කාරණා වෙත මානව හිතවාදි සහ සදාචාර සම්පන්න යොමුවකින් අාපසු පැමිණෙන ලෙස නිර්ලෝභි සහභාගිත්වයකින් මම ඔබට අනුශාසනා කරමි."

Jesustodaysl 2 වන වසර 34 වන සතිය 2018 නොවැම්බර් 04

 

Comments powered by CComment