උන්වහන්සේ පෙන්වා දුන් නව මාවත අපි හඳුනාගෙන තිබේද ? ඒ මාවතේ අපි ගමන් කරමුද ? 2017/11/24 දිනට මෙම අනුශාසනාව නිකුත් කර වසර 4 ක් පිරේ. අපි මේ වසර හතර තුළ නව සභාවක් අත් දකිමුද?

 

සුපුවත් ආනන්දය විමසුමක් - 01

වර්ථමාන ලෝකයේ භයානකම දේ

සුපුවතේ ආනන්දය අපොසතලික අනුශාසනාව ප්‍රැන්සිස් සුදතුම් පියාණන් යොමු කරන්නේ රදගුරුවරුන්ට, පූජා ප්‍රසාදිවරුන්ට, පැවිද්දන්ට සහ ගිහියන්ටය. වර්ථමාන ලෝකය තුළ සුභාරංචිය දේශනා කිරීම කෙබඳු විය යුතු ද යන්න එතුමා ඉන් ප්‍රකාශ කරයි.

උන්වහන්සේ මෙම අනුශාසනාවේ අංක 01 තුලින් සෘජුවම මෙම අනුශාසනාවේ අරමුන ප්‍රකාශ කරයි.

"ධර්මදානයේ නව පිටුවක් පෙරලීම සඳහා සභාවේ ඉදිරි ගමනට නව මාවතක් පෙන්වා දීම"

උන්වහන්සේ පෙන්වා දුන් නව මාවත අපි හඳුනාගෙන තිබේද ? ඒ මාවතේ අපි ගමන් කරමුද ? 2017/11/24 දිනට මෙම අනුශාසනාව නිකුත් කර වසර 4 ක් පිරේ. අපි මේ වසර හතර තුළ නව සභාවක් අත් දකිමුද?

මේ නව මාවතට පිවිසීමට නම් එය හඳුනා ගත යුතුය. හඳුනා ගැනීම සඳහා එතුමාගේ අනුශාසනාව කියවීම, සංවාද කිරීම, විවරණය කිරීම අවැසිය.

අප ප්‍රථමයෙන් හඳුනාගත යුත්තේ පවතින තත්වය බව එතුමා පෙන්වා දෙයි. ඉතා පැහැදිලිව පවතින තත්වයට හේතුවත් එහි ප්‍රතිඵලයත් උන්වහන්සේ අංක 2 යටතේ සෘජුව ඉදිරිපත් කරයි.

■ පරිභෝජනවාදය ව්‍යාප්තවීමේ ප්‍රතිඵලයක් ලෙස,
■ වර්ථමාන ලෝකය මුහුණ දෙන අති භායනක දේ නම්,
- මසුරු හදවත් තෘප්තිමත් වීමෙන් ලැබෙන සන්තාපයන්.
- නිස්සාර සතුටක් ලුහුබැඳයාම සහ අසංවේදි හෘද සාක්ෂියන්ය.

වර්ථමාන ලෝකය තුළ ඇති භයානකම තත්වය නම් තන්හාබරිත හදවත් තෘප්තිවත් වීම නිසා ලෝකය තුල මතු වී තිබෙන සන්තාපයන් නිස්සාර සතුටක් ලුහුබැද යන අංවේදි හෘද සාක්ෂියක් ඇති මිනිසෙකු බිහි වී තිබීමයි.

මේ නිසා සිදුවන්නේ කුමක්ද?

- අපගේ ඇතුලාන්තය ජීවිතය අපගේම ආශාවන් හා කාර්යක් උදෙසාම පමණක් යොමු වී අන් අය ගැන හෝ දිළින්දන් ගැන හෝ සිතීමට අප තුළ ඉඩක් ඉතිරිවන්නේ          නැත.
- තව දුරටත් දෙවියන් වහන්සෙගේ කටහඬ ඇසෙන්නේ නැත.
- උන්වහන්සෙගේ ප්‍රේමයේ ආනන්දය දැනෙන්නේ නැත.
- යහපත කිරීමට ඇති ආශාව බොඳ වී යයි.
- විශ්වාසිකයින් මුහුණ දෙන භයානක දේ මෙයයි. බොහෝ දෙනෙකු මෙහි ගොදුරක් වී හමාරය.

සුදතුම් පියාණන් ඉතා නිවැරදිව පවතින තත්වය විග්‍රහ කරයි. මෙලෙස අසංවේදි ආත්මාර්ථකාමි දෙවිදුන්ගේ කටහඬ නෑසෙන දෙවියන්ගෙන් ලැබෙන සතුට, ප්‍රීතිය අහිමි වු අය තුළ දිළිඳුන් වෙත නැඹුරුවීමක් ඇති නොවේ. ධර්මදානය යනු අනෙකා වෙත යොමු වීමකි. අද රදගුරු පූජක පැවිදි ගිහි සාතිශ්‍ය බහුතරය තුළ එවැනි යොමුවීමක් නැත්තේ ඔවුන් සියළු දෙනා මෙම පරිභෝජනවාදයට ගොදුරු වී සිටින නිසාය.

මෙහි ප්‍රතිඵලය ලෙස අද අපට මූණ ගැසෙන්නේ ඇතුලාන්තය ප්‍රීතියෙන් යුතුව සිනාසෙන ජවලිත ජීවිත ගත කරන සජිවී මිනිසුන් නොවන බව උන්වහන්සේ තව දුරටත් පෙන්වා දෙයි.

"සේම ඔවුන් නුරුස්සනාසුළු. කේන්ති යන සහ උදාසීන වූවන් බවට පත් ව ඇත."

අද අපට රදගුරු පූජකපැවිදි ගිහි බහුතරයක් තුළින් මෙම ලක්ෂණ දැකිය හැකිය. අසුබවාදය, කලකිරීම, මැසිවිල්ල, විවේචනයක් ඉවසීය නොහැකිවීම, අභියෝගයන්මට බියවීම, ඇතුලාන්ත අනාරක්ෂිත බව ආදි බොහෝ දේ දැකිය හැකිය. එවැනි අයට සුපුවතේ ආනන්ද ප්‍රකාශ කල නොහැකිය. මේ තත්වය දේව කැමැත්ත නොවන බව අපි දැකිය යුතුය. මේ තත්වයෙන් අප අපගේ ජීවිත මුදා ගත යුතුය.

අභිමානවත් සහ සම්පූර්ණ ජීවිතයක් ගත කිරිම මෙය නොවෙයි. අප වෙනුවෙන් දෙවියන් වහන්සෙගේ සැලසුම මෙය නොවෙයි. උත්ථාන වූ කිතු තුමන්ගේ හදවත ප්‍රභවය කරගත් ආත්මායාණන් තුල ගත කරන ජීවිතය යනු එය නොවෙයි.

අප ගත කරන මේ විපත්තිදායක ජීවිතය දෙවියන් අපට දුන් ජීවිතය නොවෙයි. එය පරිභෝජනවාදි සමාජ ආර්ථීක ක්‍රමය විසින් තිළිණ කරන ලද්දකි. අප සැබෑ ධර්මදූතික කිතුනුවන් වීමට නම් මේ ජීවිතයෙන් අත්මිදිය යුතුය. ලෝකය තුලට ගෙන යා යුතු සුපුවත වන්නේ ඇතුලාන්ත ප්‍රීතියේ ජීවිතයයි. එය ගෙනයාමට නම් එය අප තුල තිබිය යුතුය. රදගුරු ගිහි-පූජක-පැවිදි බේදයකින් තොරව සියළු දෙනා මේ ඛේදවාචකයට මුහුණ දී ඇත. ඒ නිසා සියළු දෙනා දෙවියන් තුළ නව ජීවිතයකට ඇතුළු විය යුතුය. එසේ නොමැතිව කරන ධර්මදූත සේවාවන්ගෙන් සභාව අලුත් නොවේ. දිළිඳුන්ට සුභාරංචියක් නොලැබේ.

ක්‍රිස්තුස් වහන්සේව හඳුන්වා දීමට නම් රදගුරු පූජක පැවිදි ගිහි සියලු දෙනා ක්‍රිස්තුස් වහන්සේ සමඟ නව සබැදියාවකට ප්‍රථමයෙන් යා යුතු බව සුදතුම් පියාණන් අංක 3 ඡේදයේ මෙසේ ප්‍රකාශ කරයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ තිබෙන පුද්ගලික සබැඳියාව අලුත් කර ගන්නට හෝ අවම වශයෙන් ඔවුන් වහන්සේට ඔබත් සමඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට විවෘත වන ලෙස සියලුම ක්‍රිස්තියානි විශ්වාසිකයින්ට මේ මොහොතේ ආරාධනා කර සිටිමි. මෙය දිනපතා ම නොකඩවා කරන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි.

මේ ආරාධනය තමාට නොවන වග මට අදාල නෑ. මම නම් උන්වහන්සේ තුල සිටිමි. කිසිවෙක් කිසිවිටකත් නොසිතිය යුතුය.

ප්‍රැන්සිස් සුදතුම් පියාණන් මේ කාරණය තමන්ට ද අදාල කරගන්නා බව එතුමා පැවැත්මෙන් පෙන්වා දී තිබෙන අතර මේ විශ්ව ලේඛනය තුළ ද සඳහන් කර ඇත.

තමා අත රු 150 000 පමණ වන නවීන ජංගම දුකරථනයක් තබාගෙන එහි අගය ගැන, එය තමාට නොමිලේ ලැබුනු ආකාරය ගැන කියමින් සිටි පූජකතුමෙකු පසුව තරුණ පිරිසට කතාවක් දෙමින් දාන ධර්මයේ අගයත් අත් හැරීමේ අගයත් කියු බව මෑතකදී තරුණයෙකු අන්තර්ජාලයේ සටහන් කර තිබුණි.

පියතුමා දහස් ගණනකට ධර්මදානය දෙන බව සිතා සිටියත් එතුමා සිටින්නේ ද පාප් තුමන් කියන මේ පරිභෝජනවාදයට ගොදුරු වී නොවේදැයි එම තරුණයා ප්‍රශ්න කරයි. පාප් තුමන් අවධාරනය කරන දේ වැදගත් වන්නේ මෙන්න මේ අත්දැකිම් තුළය.

Jesustodaysl වන වසර 30 වන සතිය 2018 ඔක්තෝම්බර් 07

 

Comments powered by CComment