එ් තීන්දු අදටත් වලංගු බව අපේ පෞද්ගලික කල්පනාවය. ගතවු පනස් වසර තුළ එ් තීන්දු කොතෙක් දුරට මෙරට කතෝලික සභා විසින් සිය වසම් තුළ ක්‍රියාත්මක කර තිබේදැයි අාපසු බැලීමක් කළ යුතුව අැති බව අපේ යෝජනාවය. ගතවු පනස් වසර තුළ මෙරට රදගුරු වසම් සංඛ්‍යාව 100% වැඩි වී අැත. පූජක සංඛ්‍යාව ද එසේය. කිතනු සභා සාමාජික සංඛ්‍යාව නම් අඩුවෙලාය.

දෙවන වතිකාන මහ සමුළු තීන්දු (1962-1965) ක්‍රියාත්මක කර, එදා රෝමානු කතෝලික සභාව ලෙස හැඳින් වූ අාගමික සංවිධානය, කලානුරූප කිරීමේ මෙරට ක්‍රියාමාර්ග අරඹා පසුගිය ජූනි 02 දාට වසර පනහකි. එ් ක්‍රියාමාර්ගය 1968 ජාතික කතෝලික කථිකාව ලෙස මෙරට ඉතිහාසයට එක්කර තිබේ.

එවක කොළඹ අගරදගුරු තෝමස් කුරේ හිමි විසින් කැඳවා 1968-06-02 සිට 1968-08-30 දක්වා කථිකාව පැවැත්වුණි. 

ශ්‍රී ලංකාවේ එදා පැවැති රදගුරු පදවි හය නියෝජනය කරමින්, රදගුරු, පූජක, ගිහි, පැවිදි නියෝජිතයන් 228 ඊට සහභාගීව තිබේ. කථිකාවේදි අාකාර තුනකට වැඩ පිළිවෙළක් සැකසීමට එදා සිටි රදගුරු හයනම යෝජනා කර අැත. එ් හයනම ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1962-1965 දෙවන වතිකාන සමුළුවට සහභාගී ව අැත. 

  1. කිතු හිම අදහස් කළ පරිදි කතෝලික ජන සංඝයක පැවතිය යුතු සත්‍ය ස්වරූපය, ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ක්‍රම සැකසීම.
  2. ශ්‍රි ලංකා කතෝලික සභාව කාලානුරූප කිරිමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා තීන්දු කිරීම.
  3. එ් තීන්දු මගින් ශ්‍රී ලංකා කතෝලික සභාව අලුත්වැඩියා කර කිතු හිමි අදහස් කළ සැබැ සසුන් ස්වරූපය මෙහි අැති කිරීම.

කථිකාව පැවැත්වූෙයේ කොළඹ ශා. අැලෝසියස් කනිටු දෙව්සහත්හලේදීය. සැසි වාර දෙකක් ලෙසය. (1968 ජූනි 02-10 / අගොස්තු 26-30)

සියලු සාකච්ඡා මහා සභාවක් ලෙස එකට පවත්වා අැත. මුලසුන සඳහා ගිහි-පැවිදි දෙපසින්ම යුත් මණ්ඩලයකින් කෙනෙකු එදිනෙදා තෝරාගෙන අැත. සාකච්ඡා සරල නීති මාලාවක් අනුව ද, තීන්දු ගැනීම ඡන්ද විමසීම මගින් ද කර අැත. සාකච්ඡා මූලික කෙටුම්පත් කීපහයකට අනුව පවත්වා අැත.

එදා මෙරට වතිකාන තානාපති ලුසියානෝ ස්ටෝරේරේ හිමි ද ඊට සහභාගීව අැත.

ප්‍රථම සැසිවාරයේදි එදා කතෝලික සභාවේ මෙරට දූත මෙහෙවර සභාව තුළ සම්බන්ධතා ශුද්ධ වු සභාව හා ජාතිය පූජක හා පැවිදි ජීවන තත්ත්ව යන කෙටුම්පත් සාකච්ඡාවට භාජනය කර තිබිණි.

දෙවන සැසිවාරයේදි, සභා එකමුතුව, දේව වන්දනාව, සභා දූත මෙහෙය හා ගිහියා, ධර්මෝපදේශය හා කිතුනු හැඩ ගැස්ම යන කෙටම්පත් සාකච්ඡාවට භාජනය කර අැත.

සැසිවර දෙක අග සැකසුන පොදු යෝජනා තව දුරටත් සකසා ක්‍රියාත්මක  කිරීමේදි මුල් තැන දිය යුතු යෝජනා ගැන රදගුරුවරුන්ට මගපෙන්වීම සඳහා දොළොස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර අැත. එ් කමිටුව විසින් තව දුරටත් සකසා, කළ යුතු වෙනස්කම් හා යෝජනා ලැයිස්තුව, කමිටු සභාපති තෝමස් කුරේ හිමි හා ලේකම් ප්‍රෑන්ක් මාකස් රදගුරු හිමි විසින් වතිකානයට යවා අැත.

සුළු සංශෝදන කීපයකින් අනතුරුව වතිකානය එම යෝජනා අනුමත කර තෝමස් කුරේ හිමි වෙත එවා අැත. එ් සියලු ප්‍රතිසංස්කරණ හා යෝජනා අඩංගු ග්‍රන්ථයක් ප්‍රැ.මා ප්‍රනාන්දු හිමි විසින් රචනා කර පළ කර අැත. (නවෝදයේ මඟ සලකුණ) එහි සඳහන් යෝජනා ක්‍රියාත්මක කර එතෙක් රෝමානු කතාේලික සභාව ලෙස හැඳින් වු සමාජ, සංවිධානය, ශ්‍රී ලංකා කතෝලික සභාව කිරීමට සභා නායකයන් තීන්දු කර අැත.

1968 ශ්‍රී ලංකා ජාතික කතෝලික කථිකාව, මෙරට සභාවේ මෙහෙවර ලෙස තීන්දු කර අැත්තේ කිතු හිමි එදා පලස්තීනයේ කළ මෙහෙවරම කිරීමටය. එනම්, සේවය නො ලබා සේවය කරමින් මෙරැටියන් තම ගැටලුවලින් ගලවා ගැනීමේ සංවිධානයක් වීමටය. එ් සඳහා ක්‍රිස්තුස් වහන්සෙගේ ජීවිතයට අනුව ජීවත්වන කතෝලිකයන් බවට සිය සාමාජිකයන් පත් කර වීමටත්, දේව වචන රටට ගෙන යන ප්‍රකාශන අැරඹීමටත් කථිකාව තීන්දු කර අැත.

නිකාය භේදයකට යට නොවී, රටේ සියලු ක්‍රිස්තු භක්තිකයන් සමඟ සුහදතා වඩන ව්‍යාපෘති අැරඹීමටත්, දිළිඳුන්ට සේවය කරන අාත්ම පරිත්‍යාගයෙන් යුත් සංචාරක සභාවක් වීමටත් එදා කථිකාව තීන්දු කර අැත. එක එක සාමාජිකයා මෙන් ම සංඝයක් ලෙස ද රටේ දේශපාලන හා සාමාජාර්ථික ක්‍රියාකාරකම්වලට පංගුකාරවීමටත් බලවතුන් සාධාරණ කරන හා දුබලයන් නංවන වෘත්තීය හා සංස්කෘතික ව්‍යාපාරවලට ඉදිරිපත් වීමටත් ජා. ක. කථිකාව එදා තීන්දු කර තිබේ.

නොනිසි හා අයාේග්‍ය මාර්ගවලින් අන්‍යාගමිකයන් සිය සාමාජිකත්වයට අැතුළත් කර ගැනීමට එරෙහිව අැති කථිකා සාමාජිකයන් අාගම්, ජාතින්, කුල, භාෂා භේද සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමටත්, යටගියාවේ අඩුපාඩු යළි මතු නොවන සේ පියවර ගැනීමටත් තීන්දු කර අැත.

අනෙකුත් අාගම් හා දෘෂ්ඨින් ගැන කල්පනා කරන අාකාරයට වෙනස්කර ධනාත්මකව බැලීමට තීන්දු කරැති කථිකාව. අන් අාගමි දෘෂ්ඨින් තුළ අැති යහපත් දේ පිලිගෙන වර්ධනයට අත දීමටත්, එහි දී තීන්දු කර අැත. අපේ මව්බිමට අාවේණික ශිෂ්ටාචාර, සංස්කෘතික හා භාෂා සම්ප්‍රදායන් ද සිරිත් විරිත් ද ගෞරවයෙන් සලකා එ්වා සභා ජීවිතයට හා දේව වන්දනාවලට බද්ධ කර ගැනීමට එදා. ජා. ක. කථිකාව ගත් තීන්දුව වතිකානය ඉහළින් ම අනුමත කර අැත.

ප්‍රධාන අාගම්වල අැති දේවානාවරණ අනාවරණය කර ගත හැකි සුහද සමයාන්තර සාකච්ඡා අැරඹීමට තීරණය කර අැති ජා. ක. කථීකාව විශ්වාස දුර්වලතාවලට මුහුණ දී සිටින සිය සාමාජිකයන් සොයා යාමටත්, 50 වසරකට පෙර සිටි සභා නායකයන් සමඟ තීන්දු කර අැත.

එහිදි 1968 සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට මෙරට කතෝලික සභා නායකයන් ගත් තීන්දු එකළොහක් ප්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු රදගුරු හිමි සිය "නවෝදයේ මඟ සලකුණු" වාර්තාවේ සඳහන් කර අැත. (31 පිටුව)

  1. මිනිසුනට වෙනස්කම් දැක්වීමේ සියලු ක්‍රියාකාරකම්වලට එරෙහි වීමට.
  2. රටේ සාධාරණය හා මානව අයිතිවාසිකම් රැකීම සඳහා පෙරමුණ ගැනීමට.
  3. සභාව සැබැවින්ම දුප්පත් සාමාජිකයන් බහුතර සංවිධානයක් වීම සඳහා, දෙමව්මැදුරු, සභා ගොඩනැගිල, අත්‍යාවශ්‍ය නොවන ව්‍යාජ අලංකාරවලින් තොර කිරීමට,
  4. භෞතික දේපළ අයිතිකර ගැනීමේදි, පාලනය කිරීමේදි හා මුදල් පාලනයේ දී ගිහියන් සම්බන්ධ කර ගැනීමට.
  5. අන්තර් අාගමික සංවාද මගින් සම්බන්ධතා අැති කර ගැනීමට හා අාගමක් නොපිළිගන්නා අය සමඟ පවා සබඳතා අැති කර ගැනීමට.
  6. ක්‍රිස්තු භක්තිකයන් නොවන අයගේත් භාවිතයට සුදුසු සේ ශුද්ධ ලියවිලි සංස්කරණ ප්‍රකාශ කිරීම සඳහා කතෝලික ලේඛකයන් සම්බන්ධ කර ගැනීමට.
  7. සෑම රදගුරු පදවියකම, කතෝලික සාහිත්‍ය සංගමයක් පිහිටුවා අනෙකුත් ක්‍රිස්තියානි නිකා සාහිත්‍ය සංගම් හා සහයෝගයෙන් ක්‍රියා කිරීමට.
  8. කතෝලික පුවත්පත් හා සඟරා ක්‍රිස්තු භක්තිකයන්ට පමණක් නොව, අන් අාගමිකයන්ට ද සුදුසු සේ සකස් කර බෙදාහැරීමට.
  9. සෑම රදගුරු පදවියකම සංස්කෘතික සමිටුවක් පිහිටුවීමට (නාට්‍ය, දෘෂ්‍ය, කාව්‍ය, සංගීත, කලා සංවර්ධනයන්ට)
  10. "අසල්වැසියාට ප්‍රේම කරව" යන පනත අනුව, සෑම ක්‍රිස්තු භක්තිකයෙකුම, අසල්වැසියන් සඳහා සතියකට පැයක්තවත් වෙන් කිරීමට.
  11. රටේ අැති සියලු ක්‍රිස්තියානි සභා එකමුතුව කරන සාමයීක සමාදාන ව්‍යාපාරයක් අැරඹීමට.

එ් තීන්දු අදටත් වලංගු බව අපේ පෞද්ගලික කල්පනාවය. ගතවු පනස් වසර තුළ එ් තීන්දු කොතෙක් දුරට මෙරට කතෝලික සභා විසින් සිය වසම් තුළ ක්‍රියාත්මක කර තිබේදැයි අාපසු බැලීමක් කළ යුතුව අැති බව අපේ යෝජනාවය. ගතවු පනස් වසර තුළ මෙරට රදගුරු වසම් සංඛ්‍යාව 100% වැඩි වී අැත. පූජක සංඛ්‍යාව ද එසේය. කිතනු සභා සාමාජික සංඛ්‍යාව නම් අඩුවෙලාය. (1891-10.04%) (1963 - 8.36%) (2012-7.45%) සංඛ්‍යාලේඛන. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව 2012. (සමාජ සංවාද 09 පිටුව සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලන ප්‍රකාශනයකි. 0773185353)

දෙවන වතිනා සමුළු තීන්දු දෙස අාපසු බලන, තෙවන වතිකාන සමුළුවක් ගැන.... "වතිකානු ප්‍රවෘත්ති ද " මේ දිනවල අනාවරණය කරමින් සිටි.

6cac3e4af71ab8dda6dba234a97e4887සිරිල් එඬේරමුල්ල

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 23

 

 

Comments powered by CComment