එවන් ප්‍රකාශයක් නිකුත් කිරීමට සිදුවීම හුදෙක් ලංකා කතෝලික සභාවේ සිත් හැරීමක් නාෙවේ. එය කාදිනල් හිමිගේ ප්‍රකාශනයට විරුද්ධව කරනු ලැබු බලපෑම් වල ප්‍රතිඵලයකි. ප්‍රැන්සිස් සුදතුම් පිය බලපෑමේ ප්‍රතිඵලයකි යන්න නිහතමානිව පිළිගැනීම සිදු කළ යුතුය.

ජනපති සිරිසේන ගේ සිර ගෙදර සිට කුඩු ජාවාරම් කරන්නන්ට මරණ දණ්ඩනය නියම කිරිමේ සිංහ ගර්ජනාවට අත්වැල් ගායනා කිරීමට කාඩිනල් හිමි ඉදිරිපත් වීම සමඟ අැති වු සංවාදය දැන් වියැකි ගොස් අැත.

එහෙත් එහි පසු කම්පන ඉතා වැදගත් මෙනෙහි කිරිමකි.

  1. කතෝලික සභාව යනු කාඩිනල් හිමි යැයි සිතන කතොලික සභාවේ ‍ප්‍රධානියා කාදිනල් හිමි යැයි සිතන මෙරට බොහෝ කතෝලික හා කතෝලික නොවන පිරිසට එය එසේ නොවන බව පෙනී යන ප්‍රකාශයක් මේ පසු කම්පන අතර විය.

එ් ‍ශ්‍රී ලංකා රදග‍‍රු මඩු‍ල්ල මරණ දඩුවම ගැන නිකුත් කළ ප්‍රකාශයයි.

එය මෙසේය

පොදු ජන ජීවිත සුරකිනු සඳහා සාධාරණ වග විභාගයකින් පසුව බරපතළ අපරාධයන් වලට එරෙහිව යම් සීමිත අවස්ථාවන්වලදි, වෙනයම් කිසිදු විකල්පයක් නොමැති නම් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට නිසි බලධාරින්ට හැකියාව තිබුණි.

"එනමුදු ඔිනෑම දරුණු අපරාධයක් සිදු කිරීම මත වූවද වරදකරුවා තුළ පවත්නා මානව අභිමානය හා උදාරත්වය හීන නොවන බව අපගේ පිළිගැනීමයි. එලෙසම නීතියෙන් මෙන්ම රීතියෙන්ද උල්ලංඝනය වන විට දණ්ඩනයට යටත්ව පනවන දඬුවම් සම්බාධක අරබයා ද නව මතයක් දැන් දැන් පැන නැගෙමින් පවතී. තවද, පුරවැසියන්ට නිසි අාරක්ෂාව ලබා දීමට අැති අවශ්‍යතාවද වර්ධනය වී අැති අතර ඔිනෑම වරකරුවකු හට තම ජීවිතය වෙනස් කර ගනිමින් යහමාර්ගයට පැමිණ ගැලවීම ලබා ගැනීමට අැති අවකාශය වැදගත් කරුණක් බව අවධාරණය කළ යුතු වේ."

එ් අනුව කතෝලික සභාවේ වර්තමාන ස්ථාවරය සහ ඉගැන්වීම වන්නේ සුභාරංචිය මත පිහිටා සිටිමින්, මරණීය දණ්ඩනය කිිසිදු කරුණක් නිසා හෝ පිළිගත නොහැකි බවයි. එය මානව ගරුත්වයට සහ අභිමානයට මරු පහරක් වන අතර, සභා මාතාව එය ලොව පුරා අහෝසි කිරිමට අවධාරනයෙන් කටයුතු කරන්නීය.

අති උත්තම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මත් උවදුර හඳුන්වන්නේ "මිනිස් වහල් භාවයේ නූතන ගති ලක්ෂණයක්, නව තුවාලයක් සහ සමාජය දූෂණය කර වනසාලන වස විසක්" ලෙසයි. "මේ සමඟ සටන් කළ යුතුය. එය සහමුලින්ම නෙරපා දැමීය යුතුය. දැන් ඉතින් "අැති" යන්න පැවසීමට කාලය පැමිණ අැතැයි" ද එතුමෝ පවසති.

එම නිසා මේ උවදුර මුල් කොට, එහි ගොදුරු බවට පත් වූවන් නැවත මුදා ගන්නා ක්‍රියාදාමයකට හා මැඩ පවත්වන ක්‍රියාදාමයකට මෙන්ම ඉඩ ප්‍රස්තා අහුරාලන ක්‍රියාදාමක් සඳහා විධිමත් සමාජ උපකාරක ප්‍රවාහයක් බලාත්මක කරන මෙන් පවුල් සංස්ථාවෙන්, අධ්‍යාපන පද්ධතියෙන්, අායතන හා අාගමික නායකයන්ගෙන්, දේහපාලනඥයන්ගෙන්, සිවිල් මානව ක්‍රියාධරයන්ගෙන්, රාජ්‍ය නොවන දේශීය හා විදේශීය සංවිධානවලින් මෙන්ම දැඩිව ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ අායතන තුළින් ද අපි මෙලෙස උදක්මස ඉල්ලා සිටිමු.

මෑතක  දී දණ්ඩනයට නියමට සිරගත වූ සමහර සිරකරුවන් හරහා අඛණ්ඩව බන්ධනාගාරයේ සිටම පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වාලමින් එම නිහීන ක්‍රියාදාමයන් මුලිනුපුටා දැමීමට උපරිමය කළ යුතුව අැත. මේ සම්බන්ධව නිසි තදබල අාරක්ෂක පියවරයන්ද ගත යුුතුව අැත.

මේ අනුව කාදිනල් හිමි දැන් සිය පළමු ස්ථාවරය හකුලාගෙන අැත. මරණ දඩුවමට මොන තත්වයක් යටතේ වුවද කතෝලිකයින්ට එකඟ විය නොහැකි බව කතෝලිකයන්ගේද ස්ථාවරයයි.

එවන් ප්‍රකාශයක් නිකුත් කිරීමට සිදුවීම හුදෙක් ලංකා කතෝලික සභාවේ සිත් හැරීමක් නාෙවේ. එය කාදිනල් හිමිගේ ප්‍රකාශනයට විරුද්ධව කරනු ලැබු බලපෑම් වල ප්‍රතිඵලයකි. ප්‍රැන්සිස් සුදතුම් පිය බලපෑමේ ප්‍රතිඵලයකි යන්න නිහතමානිව පිළිගැනීම සිදු කළ යුතුය.

02. කතෝලික නොවන ප්‍රධාන කිතුනු සභා නිකුත්කල ප්‍රකාශනය අනෙක් පසු කම්පනයයි. එය මෙරට තුළ ප්‍රගතිශිලි කිතුනු සභාව යනු කතෝලික සභාව නොවන බව සළකුණු කරන ලද ප්‍රකාශනයකි. ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය අැතුළු සභාවන් නිකුත් කළ එම නිවේදනය ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඩුල්ලට නිවේදනයක් නිකුත් කිරීමට බලපෑ බව තේරුම්ගත හැකිය.

එ් නිවේදනය මෙසේය.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා නීතියෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට මරණ දණ්ඩනය ලබා දීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය තම කණගාටුව සහ කනස්සල්ල පළ කර සිටියි. මරණ දණ්ඩනය පිළිබඳ නිරන්තර විරුද්ධත්වය යළිත් අවධාරණය කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය එ් පිළිබඳ නිල ස්ථාවරය මෙසේ ප්‍රකාශ කර සිටියි. 

  1. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අාමන්ත්‍රණය කිරිමේදි ගත යුතු මූලික ම ක්‍රියා මාර්ගය. රට තුළට මත්ද්‍රව්‍ය අැතුල්වීම වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය මාෆියාවන් විසින් සිදු කරනු ලබන මෙහෙයුම් කඩා බිඳ දැමීම බව අපි විශ්වාස කරන්නෙමු. මෙය කළ නොහැකි කාර්යයක් නාෙවේ. අප රට මුහුදෙන් වට වී තිබීම හේතුවෙන් පරීක්ෂාකාරිව සිටිය යුතු වේ. එවන් ප්‍රවේශයන් අනුගමනය කිරීම අපරාධකරුවන් එල්ලා මරණවාට වඩා ප්‍රායෝගික සහ සාධාරණ වන අතර, එමඟින් මත්ද්‍රව්‍ය වලට අැබ්බැහි වී මිය යන ජිවිත සිය ගණනක් අාරක්ෂා කර ගැනීමට ද හැකි වනු අැත. මත්ද්‍රව්‍ය වලට අැබ්බැහි වීමේ අැති අනතුරුදායක බව හා තම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදී සිටින පුද්ගලයින් පිළිබඳව පරීක්ෂාකාරිව සිටීමට, මහජනතාව දැනුවත් කිරිමේ ක්‍රියාවලියක් අාරම්භ කළ යුතුය.
  2. නිරන්තරයෙන් ඉහළ යමින් පවතින මත්ද්‍රව්‍ය අාශ්‍රිත අපරාධ සහ මිනිමැරැම් අනුපාතය මගින් නීතිය හා විනය තව දුරටත් ශක්තිමත් කිරිමේ අවශ්‍යතාවය මතුවෙයි. මත්ද්‍රව්‍ය උවදුර මර්ධනය කිරීම සඳහා පොලිස් බලකායන් විසින් දරනු ලබන ප්‍රයත්නයන් සහ ඉටු කරනු ලබන කාර්යභාරය ප්‍රශංසාවට ලක් කළ යුතුය. පොලිසියේ හා අධිකරණයේ ස්වාධිනත්වය ප්‍රමාණවත් ලෙස ශක්තිමත් කර මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කෙරෙන අපරාධ වලට සහය දෙන හා එ්වා ප්‍රවර්ධනය කෙරෙන සියලු දේශපාලන අනුග්‍රහයන් පරාජය කිරීම ඉතාමත් වැදගත් වේ.
  3. මත්ද්‍රව්‍ය වෙළඳාම බන්ධනාගාර තුළ ඉතා සාර්ථකව සහ ශක්තිමත්ව පවත්වාගෙන යනු ලබන බවට රජය විසින් සිදු කරන ලද ප්‍රකාශය මූලික ප්‍රශ්නයක් මතු කරවයි. එය සත්‍ය නම් එයට විසඳුම විය යුත්තේ, සමස්ත බන්ධනාගාර ව්‍යුහය ම ප්‍රතිසංස්කරණය කොට, රටෙහි කටයුතු සම්බන්ධයෙන් බන්ධනාගාරයේ කාර්යභාරය ඉටු කිරීමට හැකි වනු පිණිස බන්ධනාගාර සතු නීත්‍යානූකූල බලය ශක්තිමක් කිරීමය.
  4.  අපගේ කිතුනු විශ්වාසය අනුව ද බයිබලීය පදනම අනුව ද යේසුස් වහන්සේ තුළ අපට අැති ගැළවීම පිළිබඳ මූලික විශ්වාසය අනුව ද එම ධර්මයට අප තුළ අැති අවනතභාවය, පශ්චාත්තාපයට සහ සමාවදීමට අපව පොළඹවන අතර, වෙනත් ජීවිතයක් නැති කිරීමේ අයිතිය ප්‍රතික්ෂේප කරයි.

මෙම ගැටලුව මිනිස් ජීවිතයේ හරය සහ වටිනාකම ස්පර්ශ කරන්නක් වන බව අපි විශ්වාස කරමු. "ජීවිතයේ පාරිශුද්ධභාවය" ඔසවාලනු ලබන ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය (NCCSL) "පරිපූර්ණත්වයෙන් යුත් ජීවිතයක්" ප්‍රවර්ධනය කිරීමට සෑම ප්‍රයන්තයක්ම දරන්නෙමු.

"මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිසය. සපුරා ම එය ලැබෙන පිණිසය." ශු. ජොහාන් 10/10

ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය හා වෙනත් කිතුනු සභාවන් තම ස්ථාවරයෙන් මෙලෙස ඉදිරියට ගෙන එ්ම දිගින් දිගටම කළ යුත්තේ, එය මෙරට කළ ක්‍රිස්තියානි දැක්ම පුළුල් කිරීමට හේතු වන නිසාය.

jesustodaysl 2 වන වසර 26 වන සතිය 2018 සැප්තැම්බර් 02

Comments powered by CComment