1983 කළු ජූලියට වසර 35 කි. එහෙත් එ් මතකය පැරනි නොවේ. 10 වන ශ්‍රේණියේ සිසුවෙකු ලෙස කළුතර නගරයේදී දුටු කළු ජූලියේ අඳුරු දුමාරය වසරින් වසර හිත රිදවන මතකයකි. එපමණක් නොවේ. එය අප තුළ වන ජාතිවාදයේ අඳුරු සිතුවිලි වසරින් වසර සෝදා හරින මතකයකි.

 

2018.07.19.15 copy

එදා නව යොවුන් අපට දෙමළ ජනයාට පහරදි T.S.K.V කඩේ තිබු බඩු කර තියාගෙන ගෙදර ගෙනියන අය කීවේ, උතුරේ සේවය කරන අපේ සිංහල හමුදාවේ 13 දෙනෙකු බිම් බෝම්බයකට හසුකර දෙමළු විසින් මරා දමා අැති නිසා මේ ප්‍රහාරය දියත් කරන බවයි.

එහෙත් කුමක්දෝ හේතුවකට අප සමඟ ජීවත් වූ දෙමළ මිනිසුන් මරා දැමීම හා ඔවුන්ගේ දේපල කොල්ලකෑම නිවැරදි යැයි පිළිගන්නට එදා ද අපේ නව යොවුන් සිත කැමැති නොවීය.

2018.07.19.12 copy

සිංහල හමුදාවට බෝම්බ තිබ්බේ කව්ද ? එ් අැයි ? කියන ප්‍රශ්නය අප සිත තුළ මතු විය. 

එයට පිළිතුරු සෙවීම පසුවට කල් දැමුවේ එ් මොහොතේ මතකයට අා අපේ ජීවිත හා බැදි දෙමළ මාමලා, නැන්දලා ගැන සෙවීම ළඟ ප්‍රශ්නය වූ බැවිනි.

මාස දෙකකට වරක් අප නිවෙස ඉදිරිපිටට විත් අැඹරැල්ලා ගහ යට පුටුවක අප හිඳුවා අපේ කෝණ්ඩය කැපු "සුප් අයියා" නම් අපේ තාත්තලා නම් කළ කරණවැමි මාමාද ? සිංහල මිනිසුන්ගේ පොදු වැසිකිලියේ වැසිිකිලි බාල්දි වෙට්ටුමකඩේ මහා බොක්කුව ළඟ පොදු වැසිලිකිලයේ පිට කර තබාගෙන යන වේලු මාමා අැතුළු කීප දෙනෙකුද එ් අතර විය. ඔවුන්ගේ ජීවිත වලට අනතුරක් නොවුවූයේ අැයි ? ඔවුන්ගෙන් පැහැර ගැනීමට කිසිවක් නොවු නිසා නොවේදැයි එකලම අප සිතේ මතු වූ පැනයකි.

2018.07.19.13 copy

එල්. ටී. ටී. ඊ. සංවිධානය 1983 වන විට ඉතා පුංචි සංවිධානයකි. එය බිහිවූයේ ද ඉබේ නොවේ. එය එ්කීය ශ්‍රී ලංකා රාජ්‍ය බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනගන මාෙහෙතේ සිටම මතු වූ ප්‍රමාණාත්මක සුළුතර ජනයා පිටමං කරන රාජ්‍ය ව්‍යහයෙන්ම පැන නැගුනු හේතුවේ ඵලයකි. 

1956 සැත්තැම්බර් 23 දින එවකට අගමැති සර් ජෝන් කොතලාවල යාපනයේදි සිංහල හා දෙමළ යන භාෂා දෙකටම රාජ්‍ය භාෂා තතවය ලබා දෙන නීති සම්පාදනය කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟම "සිංහල පමණක්" උද්ඝෝෂණය විරුද්ධ පක්ෂ හා ජාතිවාදි බලවේග පෙරට ගෙනාවේය.

1950 මැතිවරණයේ ප්‍රධාන තේමාව බවට අාගම හා භාෂාව පත් විය. එජාපය. පල්ලියේ පක්ෂයේ ලෙස හැදින්වූ භික්ෂුන් බුද්ධාගම නගාසිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් කළ යුතු බවට ප්‍රසිද්ධියේ කියන තත්වයක් අැති වීය.

2018.07.19.14 copy

එක් භාෂාවක් නම් රටවල් දෙකක් අැති වන බව කියු සමාජ සමාජ පක්ෂයේ රැස්වීමකට සිංහල භාෂා ප්‍රේමින්ගේ බෝම්බ ප්‍රහාරයක් පවා එල්ල විය. "සිංහල භාෂාව පමණක්" සටන් පාඨය ඉදිරිපත් කළ සමගි පෙරමුණ බලයට පත් විය. ඉන්පසු උදාවූයේ භාෂා ප්‍රේමින්ගේ අත්තනෝමතකි බලහත්කාරයට යටත් වෙමින් බණ්ඩාරනායක අගමැති ක්‍රියාකිරිමේ මොහොතයි. සිංහල භාෂාවට මාරු වීමට ප්‍රමාණවත් කාලයක් දීම සඳහා 1960 වන තෙක් දෙමළ හා ඉංග්‍රිසි භාෂා භාවිතයට ඉඩදීමට රාජ්‍ය භාෂා පනතට එක් කල උපවගන්තිය අැතුළු ප්‍රමාණාත්මක සුළු ජාතින්ට සහන සලසන සියලු උපවගන්නි ඉවත් කළ පනත සම්මත කිරීමට රජය ක්‍රියා කළේ භික්ෂුන් අැතුළු භාෂා ප්‍රේමින්ගේ අත්තනෝමතික උපවාසය යටත් වෙමිනි.

එම පනතට විරුද්ධව දෙමළ ජනයා කළ සාමකාමි උද්ඝෝණයට පහර දෙන ලද්දේ සිංහල ජනයා විසිනි. 1956 පූනි 4 අැරඹි ජූනි 15 දක්වා පැවැති පනත පිළිබඳ විවාදයේදි අනාගතයේ රට වෙන්වෙන තැනට මේ පනත නිසා රට පත්වන බව කියු නායකයින් දෙදෙනෙකු විය.

ද්වි භාෂා ප්‍රතිපත්තියක් රට එ්කාබද්ධ කිරීමට හේතුවුනු අැති බවටත් තනි භාෂා ප්‍රතිපත්තියක් රට දෙකට කිරිමට හේතුවනු අැති බවටත් කොල්වින් අාර්ද සිල්වා ප්‍රකාශකල අතර එස්. වී. චෙල්වනායගම් මෙවැනි ක්‍රියාමාර්ග මගින් දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට තල්ලු නොකරන ලෙස ඉල්ලා සිටියේය.

නමුත් සිංහල ජාතිවාදි අධිපති මතවාදයට යට වූ සිංහල අාණ්ඩු දිගින් දිගටම කළේ දෙමළ ජනතාව එ් තැන දක්වා තල්ලු කිරීමය. එම තල්ලු කිරිමට විරුද්ධව හඬ නැගු වාමාංශික පක්ෂද ප්‍රධාන සිංහල පක්ෂ දෙක සමඟ සභාග අාණ්ඩු පිහිටුවීමට එක්වීම සමඟ ප්‍රමාණාත්මක සුළුතර ජන කොටස්වල සාධාරණ හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම අත්හැර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙමළ විරෝධි ප්‍රතිපත්තියේ ක්‍රියාකාරින් බවට පත් විය. වම්මුන් යැයි කියාගත් මෙම පක්ෂවල මෙකී පිළිවෙත දෙමළ ජාතික ව්‍යාපාරයට තිබු අන්තිම බලාපොරොත්තුවක් නැති කළ අතර ඔවුන් "වෙනම රටක්" වෙත තල්ලු කරනු ලැබීය.

ඉන්පසු ඉතිහාසය ලියැවෙන්නේ ප්‍රමාණාත්මකව සුළුතර ජාතින්ගේ සාධාරණ ඉල්ලිම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල ව්‍යාපාරයක් සිංහල සමාජය තුළ නැති හිස්තැනක් සහිතවය. 

1965 පත් වූ ඩඩ්ලි සේනානායක රජය ගෙනා දෙමළ ජනයාට සහන සලසන දෙමළ භාෂා විශේෂ විධි විධාන පනතට විරුද්ධව වැඩ වර්ජනයක්ද සත්‍යග්‍රහ ව්‍යාපාරයක්ද දියත් කළේ "ශ්‍රී ලංකා සම සමාජය කොමිනියුස්ට් හවුලයි" ඔවුන් පනත පිලිබඳ විවාදයට සහභාගී නොවි පාර්ලිමේන්තුවෙන් පිටවු අතර දිස්ත්‍රික් සභා ක්‍රමයක් අැති කිරීමට අාණ්ඩුව ගෙන ධවල පත්‍රිකාව ගිනි තබමින් විරෝධය පෑහ. එම විරෝධයේ පෙරමුණ ගත් අය අතර එක් භාෂාවක් නම් රටවල් දෙකක් කි කොල්වින් අාර් ද  සිල්වාත් විය. එ් විරෝධයේ පිහිටෙන් 1970 සමගි පෙරමුණු රජය බලයට බත් විය.

සිරිමාවෝගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණ රජය 1972 අැති කළ නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රමාණාත්මක සුළුතර ජාතින්ගේ අාරක්ෂාව සඳහා එතෙක් පැවැති වගන්ති ඉවත් කළ අතර රාජ්‍යයේ අනාගමික බව ඉවත් කර අාගමික රාජ්‍යයක් කරන ලදී. දෙමළ භාෂාව දෙවන පංතියේ භාෂාවක් කරන ලද මේ ව්‍යාවස්ථාවේ නිර්මාණකරු වූයේද කොල්වින් අාර් ද සිල්වාය.

විය යුතු පරිදිම ද්‍රවිඩ දේශපාලකයින් නව ව්‍යවස්ථාවට විරෝධය පළ කළේය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බිහිවූයේ මේ පසුබිම තුළය. විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණය හා දිස්ත්‍රික් කෝටා ක්‍රමයට හඳුන්වාදීම සමඟ දෙමළ තරුණයින්ට තිබු විශ්ව විද්‍යාල අවස්ථා පහත වැටුනි. 1974 යාපනයේ පැවැති අන්තරජාතික ද්‍රවිඩ සම්මේලනයේ අවසාන රැස්වීමට පොලිසිය වෙඩි තැබීමෙන් දෙමළ ජාතිකයින් 9 දෙනෙකු මරණයට පත් වූ අතර රජය එ් ගැන පරීක්ෂනයක් පවා සිදු නොකරන ලදී.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙතම ද්‍රවිඩ රාජ්‍යයක් පිහිට විය යුතු බව පවසන්නේ 1976 දීය. 1977 දී එක් ජාතික පක්ෂය බලයට පත්වන අතර බලය බෙදාහැරීමට එම රජය 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය හඳුන්වා මැතිවරණයක් පැවැත්වූවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා වාමාංශික පක්ෂය දෙක ඊට විරුද්ධ විය. රජය උතුරේදි බලහත්කාරය යෙදුවූවද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එම මැතිවරණයෙන් පහසුු ජයක් ලැබිය. මැතිවරණ උණුසුම තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහල ගිය අතර පොලිසිය දෙමළ ජනයාට හිමි කඩ සාප්පු, නිවෙස් ගිනි තැබුහ. එ් අතර යාපනයේ පුස්තකාලය ය ගිනිබත් කළහ.

1983 සිංහල හමුදා සෙබළුන් මැරීම නිසා කළු ජූලිය අැතිවූවායැයි කිම ඉහත දක්වා අැති සිද්ධින් හා තවත් බොහො සිද්ධින් අමතක කර දමා කළු ජූලියේ හේතුව ලෙස දෙමළ ජනයා පත් කිරීමට ගන්නා අධාර්මික හේතු දැක්වීමකි.

අද ද ත්‍රස්ථවාදියා ගැන කථා කරන සිංහල නායකයින් ත්‍රස්තවාදය බිහි කල අාගම්වාදය හා ජාතිවාදය ගැන කතානොකරන්නේ ධර්මය විසින් ප්‍රශ්න තේරුම් ගැනීමට හඳුන්වා දී අැති හේතුපල ධර්මතාවය අමතක කර දමමිනි. 1983 කළු ජූලිය වැනි සංහාරයක් කිසි විටකත් එ් වන විට දෙමළ ජනයා අතින් සිංහල ජනයාට එරෙහිව සිදු වී තිබුණේ නැත. හමුදා සෙබළුන් 13 දෙනෙකු දෙමළ තරුණයින් විසින් මරා දැමුවා නම්, අාගමික ශිෂ්ට රජයක් කළ යුතුව තිබුණේ  ඔවුන්ව නීතිය හමුවට පමුණුවා දඩුවම් දීමයි. නමුත් අාණ්ඩුව සිදු කළ දෙමළ ජන සංහාරයට උඩගෙඩි දීමයි. ප්‍රමුඛ ත්‍රස්තවාදය එයයි. එය කියවා ගැනීමට බොරු අාගමික බව වෙනුවට අැත්ත ධාර්මිකභාවය අවැසිය. නමුත් අපි ජන සමාජයක් ලෙස එ් ධාර්මිකභාවයට එනු වෙනුවට වඩ වඩාත් ඊනියා අාගමිකභාවය වෙනම තල්ලු වෙමු.

කිතුනුවා සතු දිවැසිවර කාර්ය වන්නේ සත්‍ය වෙත ජනයා අවදි කිරීමයි. 

jesustodaysl 2 වන වසර 20 වන සතිය 2018 ජූලි 22

Comments powered by CComment