"නූතන කිතුනුවන්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අැපොල්ලොස්ට හෝ සීපස්ට අයත්වීමට කලින් ක්‍රිස්තුන් වහන්සේට අයත්වන ලෙසයි. "ජුදෙව්වකු හෝ ග්‍රීකයෙකු වීමට කලින් ක්‍රිස්තුස් වහන්සේට අයත් වීමටය. තමා වමේ හෝ දකුණේ යයි අනන්‍ය වීමට කලින් ස්වාමින් වහන්සේට අයත්වීමටය. සුබ අස්නේ නාමයෙන් අපගේ සහෝදරයා හෝ සහෝදරිය අපට වඩා ඉහලින් තෝරාගැනීමටය" යි එතුමා අවධාරණය කළේය.

කිතුනු සභා අතර භේදය පැන නගින්නේ ලෞකිකත්වය නිසා බව ප්‍රැන්සිස් සුදතුම් පියතුමා කියයි. සභා අතර එකමුතුව කරා යන ගමනට අැතිවන බාධාවලින් ජයගැනීම සඳහා භේදයට තුඩුදෙන කරුණුවලට වඩා ක්‍රිස්තුස් වහන්සේට ප්‍රමුඛත්වය දිය යුතු බව එතුමා අවධාරණය කරයි.

සුදතුම් පියතුමා මේ බව කියා සිටියේ ස්වීට්සර්ලන්තෙය් පැවැත්වුණු ලෝක කිතුනු සභා කවුන්සීලයේ 70 වන සංවත්සර සභාවට සහභාගී වීම සඳහා ජූනි 21 වැනිදා ජීනිවා නුවරට පැමිණි අවස්ථවේදිය. ක්‍රිස්තියානි විශ්වාසයන් අතර සමගින ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලෝක කිතුනු සභා කවුන්සිලය පිහිටුවා ගන්නා ලද්දේ 1948 දීය. මේ වන විට ලොව පුරා කිතුනු සභා 348 ක් මෙහි සාමාජිකත්වය ලබා තිබේ. රටවල් 110 ක ජීවත්වන අැන්ග්ලිකානු, ඔිතඩොක්ස්, බැප්ටිස්ට්, ලූතෙරාන සහ මෙතොදිස්ත අැතුළු සභා රැසක කිතුනුවෝ මිලියන 500 කට අධික පිරිසක් ඊට අයත් වෙති. වතිකානය හෝ කතෝලික සභා මෙම කවුන්සිලයේ සාමාජිකත්වය ලබා නොමැති අතර නිරීක්ෂණ මට්ටමින් ඊට සහභාගී වෙයි. එම කවුන්සිලයේ 70 වන සංවත්සරයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එක්වීම නිරීක්ෂකයන් විසින් සලකනු ලබන්නේ දෙවන වතිකාන කතිකාවෙන් පසුව හා සවැනි පාවුළු පාප්වහන්සේ අාරම්භ කළ කිතුනු සභා එකමුතු ප්‍රයත්නයට කතෝලික සභාවෙන් ලැබෙන ප්‍රබල පිටුබලයක් ලෙසයි.

අාත්මායාණන්ගේ මාර්ගයේ එකට පා නගන්නට සියලු කිතුනුවන් කැඳවනු ලැබ සිටිතියි. ජිනිවා නුවරට පා තැබිමෙන් පසුව සිය ප්‍රථම දේශනය පවත්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. "මෙහි අරුත නම් ලෞකිකත්වය ප්‍රතික්ෂේප කර සේවාවේ අාකල්පයකට යොමු වීම සහ සමාව දානය කිරීම තුළ වර්ධනය වීමයි. එසේම එහි අරුත නම් දූෂණයේ කුණාටුවට අප හසුකරගැනීමට ඉඩ නොදී, ඔබට මෙන් ඔබගේ අසල්වැසියාට ද ප්‍රේම කරන්නැ"යි අපට ඉගැන්වූ තැනැන්වහන්සේගේ කාලයේ සලකනු ඔස්සේ සන්සුන්ව පා නගමින්, ඉතිහාසය තුළ අපෙග් භූමිකාව ඉටුකර දෙවියන් වහන්සේ ගේ කාලයට ඉඩ හැරීමයි" යැයි එතුමා කීවේය.

එක්ව පා නැගීම සඳහා නිරන්තර සිත් හැරීමක් සහ අප කල්පනා කරන අාකාරයේ වෙනසක් අවශ්‍ය වන බව සුදොතුම් පියතුමා මෙම දේශනයේ දී අවධාරණය කළේය. ශු. පාවුළු තුමන් කොරින්තිවරුනට ලියු පළමු ලිපියේ එන එදා කොරින්ති සභාවේ තිබු බෙදීම් ගැන එතුමා සිහිපත් කළේය. "මම පාවුළු ගේය" "මම අපොලොස්ගේය." "මම සීපස්ගේය" "මම ක්‍රිස්තුස් වහන්සේගේය" ඔබ එකිනෙකා කියමින් සිටියි. ක්‍රිස්තුන් වහන්සේ බෙදනු ලැබ සිටින සේක්ද ? ඔබ වෙනුවෙන් කුරුසිපත් වූයේ පාවුළුද ? එසේ නැතිනම් ඔබ බෞතිස්ම ස්නාපනය ලැබුයේ පාවුලුගේ නාමයෙන්ද ? යි පාවුළු තුමා මෙම ලිපියේ ප්‍රශ්න කරන බව සුදොාතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"නූතන කිතුනුවන්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අැපොල්ලොස්ට හෝ සීපස්ට අයත්වීමට කලින් ක්‍රිස්තුන් වහන්සේට අයත්වන ලෙසයි. "ජුදෙව්වකු හෝ ග්‍රීකයෙකු වීමට කලින් ක්‍රිස්තුස් වහන්සේට අයත් වීමටය. තමා වමේ හෝ දකුණේ යයි අනන්‍ය වීමට කලින් ස්වාමින් වහන්සේට අයත්වීමටය. සුබ අස්නේ නාමයෙන් අපගේ සහෝදරයා හෝ සහෝදරිය අපට වඩා ඉහලින් තෝරාගැනීමටය" යි එතුමා අවධාරණය කළේය.

ලෝකයේ දෘෂ්ටි කෝණයෙන් මෙවැනි තෝරාගැනීමක් දකිනු ලබන්නේ ව්‍යාපාරයක් පාඩුවට නඩත්තු කරගැනීමක් ලෙස බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "එහෙත් මෙම පාඩුව ධර්මදානීයය" යි අවධාරණය කළ එතුමා ශ. සුවිශේෂ පාඨයක් උපුටා දැක්විය.

"සිය ජීවිතය අාරක්ෂා කරගැනීමට උත්සහ දරන තැනැත්තේ එය නැති කර ගනියි. සිය ජීවිතය නැති කරගන්නා තැනැත්තා එය රැකගනියි"යි සමිඳාණෝ වදාළ සේක. එබැවින් අපගේම දේ රැකගැනීම යනු මාංශයට අනුව ක්‍රියා කිරිමයි. ජේසු සමිඳුන් ගේ පියසටහන් ඔස්සේ සියල්ල නැති කර ගැනීම යනු අාත්මයාණන් තුළ ගමන් කිරීමයි. සමිඳුන් ගේ මිදි උයන ඵල දරන්නේ මේ මාර්ගය තුළ පමණකි" යි එතුමා අවධාරණය කළේය.

6cac3e4af71ab8dda6dba234a97e4887 සමන් කපිල විජේසූරිය

jesustodaysl 2 වන වසර 18 වන සතිය 2018 ජූලි 08

Comments powered by CComment