දකුණේ ජනමාධ්‍ය විිජයකලාට පහරදීම නොව කළ යුත්තේ උතුරට අදාල ප්‍රශ්න විසදීමට රජයට බල කිරීමයි. උතුරේ සාමාකාමි ඉල්ලීම් පැහැර හැර එ්වා යටපත් කර එල්. ටී. ටී. ඊ යක් බිහිවීමට පාර කැපු දකුණේ සිංහල බෞද්ධ අනත්වාදයට ඔවුන්ගේ බෞද්ධ නොවන අන්තවාදය අත්හරින ලෙස ඉල්ලා සිටීමයි. එ් අන්තවාදයට එරෙහිවූ මතවාදයකින් ජනතාව අාලෝකවත් කිරීමයි. 

දෙමළ ජනතාව නැවතත් නිදහසේ ජීවත් වීම නම් යලි එල්. ටී. ටී. ඊ. සංවිධානය හිස එසවිය යුතු බව රාජ්‍ය අැමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවසුබවට පුවත්පත් කළ වාර්තා කිරීම් දකුණේ ජාතිවාදි බලවේග වලට අාශිර්වාදයක් වී අැත.

දේශපාලකයින්ගේ ප්‍රකාශ හා එ් ප්‍රකාශ වලින් ජනමාධ්‍ය මවන මාධ්‍ය රැළි සුළු ගැන ලිවීම අපගේ කාර්යයක් නොවූවද ශ්‍රී ලංකාව තුළ සාමය හා සංහිදියාව අැති වීමට අදාල සංවාදයට දායක වීම අපට අයත් දිවැසිවර කාර්යයක් බව අපි අදහමු. මෙවර ඉරුදිනට නියමිත සුපුවතද අවධාරණය කරන්නේ කොයිතරම් ප්‍රතික්ෂේප වූවද එම දිවැසිවර කාර්ය ඉටුකළ යුතු බවයි.

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අැමතිනිය යාපනයේදි කළ ප්‍රකාශයක් පදනම් කරගෙන දකුණේ සමාජයේ මතු වූ, මතු කළ දේශ ප්‍රේමයේ මහෝඝය විසින් මේ සතියේ ලංකාවේ සියලු ප්‍රශ්න අමතක කරනු ලබනු අැත. මේ ලියන දිනය වන අඟහරුවාදා සවස් වන විට විජයකලාට ගල් ගැසීමට මුළු දකුණේ බහුතරය ගල් අතට ගනිමින් සිටිනු පෙනේ.

ජාතික ප්‍රශ්නය අරඹයා දකුණ දක්වන නිහැඩියාව හා නොසලකා හැරීම විසින් උතුර නැවතත් තල්ලුකරන්නේ කොතැනටද යන්න ගැන මේ සතියේ කිතු නෙතට ලියන්නට සිටි අප මේ ප්‍රකාශය හා ඊට දකුණ දක්වන ප්‍රතිචාරයම නිමිති කරගෙන එයට ප්‍රවේශයක් ගන්නට සිතුවෙමු.

කිතුනෙතින් බලන විට අපට විජයකලාගේ ප්‍රකාශය තුළ අැසෙන්නේ කපටි දේශපාලකයෙකුගේ තක්කඩි ප්‍රකාශයක් නොවේ. තමාට ඡන්දය දුන් ජනතාවට වැඩක් කරන්නට නොහැකිවූ පීඩකයෙක්ද, තම ජනතාව දිගින් දිගටම නොසලකා හැරීමේ වේදනාවෙන්ද, ළමා හා කාන්තා අැමති වූවන් තම ප්‍රදේශයේ ලමයින් දූෂණය කොට මරා දැමීම ඉදිරියේ කිසිවක් කර කියාගත නොහැකි වූ අසරණ වූ ස්ත්‍රී හදවතක වේදනාවේ ප්‍රකාශයකි. ජාතික ප්‍රශ්නයට විසඳුමක් පවතින රජයෙන් බලාපොරොත්තු වී එයද ඉටුනොවන බව දැනෙන පීඩිත ජාතිකයෙකුගේ අපේක්ෂා භංගත්වයේ හඬකි. රට බෙදීමට හා නැවත ත්‍රස්තවාදයට ගොඩනැගීමට අාමන්ත්‍රණය කරන හඬක් එ් කථාව තුළ දකින්නේ සමස්ථය දැකීමටත්, වචන අතර කියැවෙන අරුත දැකීමටත්, කථාවක හැඟීම් කියවීමටත්, සැඟවුණු අැත්ත දැකීමටත්, නොහැකි වුවමනාවෙන්ම තමන් සිටින අවශ්‍යතාවය සඳහා අනෙකාගේ ප්‍රකාශ පාවිච්චි කරන අය පමණි.

විජයකලා මහත්මියගේ ප්‍රකාශයට පසුබිම් වන්නේ කුමන හේතුවක්ද ? දකුණ තුළ සිහිබුද්ධිය අැති මිනිසුන් සිටි නම් කල්පනා කළ යුත්තේ එයයි. නමුත් දකුණ නිතරම ධාර්මික අාගමික රාජ්‍යයක් ගැන කථා කළත් එවැනි සිහිබුද්දියක් අැති අාගමිකයින් නම් දකුණේ සිටින්නේ අතලොස්සක් ඒවැනි සංවාදයක් අැති වන්නේම නැති තරම්.

වසර 9 කට පසුත් උතුරේ ජනතාව අතරින් එවැනි හඬක් මතුවන්නේ අැයි ? අපි විජය කලා මහත්මියටම අැහුම්කන් දෙමු.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනට යාපනය ජනතාව වෙනුවෙන් මගේ ගෞරවය පිරිනමනවා. මේ වෙද්දි අපේ ජනතාවට කිසිම අාධාරයක් නොලැබෙන තත්වයක් තියෙන බ අද පැමිණ සිටින අමාත්‍යවරු දෙදෙනාට බොහොම සි්ත් වේදනාවෙන් ප්‍රකාශ කර සිටිනවා.

දකුණේ සිටින තනිකරම බලලෝභි, අන්තජාතිවාදි, අාගම්වාදි ගිහි පැවිදි පිරිස් කියවා නොගන්නේ (දැනුවත්වම) මෙම සිත් වේදනාවට හේතුවයි. 

දකුණ සිටි පැමිණි අමාත්‍යවරුන්ට මම මාගේසිත් වේදනාව ප්‍රකාශ කරනවා. ස්ත්‍රීයක් මොන තරම් වේදනාවක් විඳිනවද කියලා දන්නේ එ් ස්ත්‍රීයම හැර වෙන පිරිමියෙක් නොවෙයි. අවුරුදු හයක දැරියක් දූෂණය කර මරා දමා අැති අවස්ථාවක අපි මෙවන් වැඩසටහන් පවත්වන්නේ කුමටද ? අපේ සහයෝගයෙන් අපි ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ මේ උත්සව වෙනුවෙන්ද ? ජනාධිපති තුමා කළේ මොනවාද ? එතුමා තම පක්ෂය දියුණු කරගන්නවා විතරයි අපගේ ජනතාව අාරක්ෂා කරන්නේ. අැත්ත වශයෙන් 2009 මැයි 18 දිනට පෙර එල්.ටී.ටී.ඊ. කාලයේ ජනතාව ජීවත් වූයේ කොහොමද කියලා තාමත් මතකයි. අද පවතින ත්ත්වය හැටියට නැවතත් එල්.ටී.ටී.ඊ, සංවිදානය අැති කළ යුතුයි යන අදහස කරා ජනතාව අැදී යනවා. අප ජීවත් විය යුතුයි නම්, අප සැනසීමේ පාරවල් දිගේ අැවිදගෙන යා යුතුයි නම්, අපගේ දරුවන් පාසල් ගොසින් කිසි කරදරයක් නැතිව නැවත නිවෙස් කරා පැමිණිය යුතුයි නම් උතුරු නැගෙනහිර ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ පාලනයක් අැති විය යුතුයි.

මේ අැයගේ කථාවේ ප්‍රවේශයයි. කථාව මීට වඩා ඉතා දිගු එකකි. මෙම කාෙටස තුල වූවද, අැය පවසන්නේ කුමක්දැයි අවංකව සිතන අයෙකුට තේරුම් යා යුතුය. අැය ත්‍රස්තවාදය නැවත අැති කළ යුතු බවක් පවසනවා ද? නැතිනම් තමන්ගේ අාරක්ෂාව පවතින තත්වය තුල නොසැලෙසෙන බව පවසනවාද ?

දකුණේ බහුතරයේ අප්‍රසාදයට පත්ව සිටින මහ අැමති විග්නේෂ්වරන් ජනපති තුමා වෙත එදිනට පෙර ලියු ලිපිය දැන් අපි කියවමු.

"ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (29දා) යාපනයට පැමිණිම ඉතා අගය කොට සලකමි. මේ වන විට උතුරේ මෑතක සිට සිවිල් ප්‍රචණ්ඩ ක්‍රියා හා මත්ද්‍රව්‍ය භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර මේ තත්ත්වය මැඩලීමට වහා පියවර ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි. මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝ සහකාර පොලිස්පතිවරයකු යටතේ විශේෂ කණ්ඩායමක් යොදවා කඩිනම් විමර්ශන අාරම්භ කොට උතුරේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීමටත් කටයුතු කරන්නැයි ඉල්ලා සිටිමි.

දේශපාලන සිරකරුවකු වන කිලිනොච්චියේ අානන්ද සුගාදරන්ගේ බිරිය මිය යෑම නිසා ඔවුන්ගේ දරුවේ ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටිති. සුදාගරන්ට පොදු සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. එසේම එම කුඩා දරුවන්ට තමන්ගේ පියා ඉඳහිටවත් දැක ගැනීමට ඔහුව කිලිනොච්චියට සමීප බන්ධනාගාරයකට මාරු කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෙමි. ඊට ජනාධිපතිවරයා එකඟ වුණේය. එම කාරණයද මෙහිදි සිහිපත් කරමි. ඊට අවශ්‍ය පියවර ගන්නැයිද මම ජනාධිපතිවරයාෙගන් ඉල්ලමි. තවද උතුරු පළාත් මහ අැමති අරමුදල සඳහා අනුමැතිය ලබාදෙන්නැයි මධ්‍යම රජයෙන් මා ඉල්ලා සිටින්නේ වසර පහක සිටයි. මෙතෙක් එ් සඳහා අනුමැතිය ලැබී නැත. එයින් හැඟී යන්නේ මධ්‍යම රජය උතුරු පළාත සංවර්ධනය වීම දැකීමට අැති අකමැත්ත යැයි පෙනී යයි."

මේ දෙදෙනාගේ ප්‍රකාශ තුළ සැඟවී අැත්තේ මොනවාද ?

  1. ඉඩම් ප්‍රශ්නයට හැර දෙමළ ජනතාවගේ අන් කිසිදු ප්‍රශ්නයකට රනිල් - මෙෙත්‍රී අාණ්ඩුවෙන් සැලකිය යුතු විසඳුමක් ලැබී නැත. අාණ්ඩුවේ වගකිව යුත්තන් දෙදෙනා තමා තමන්ගේ පක්ෂවල ප්‍රශ්න ගැන සිතීමට කාලය වැය කරති.
  2. උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහල ගොස් අැත. 
  3. උතුරේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍රවී අැත.
  4. උතුරේ කාන්තාවන්ගේ දරුවන්ගේ අාරක්ෂාව අනතුරට පත් වී අැත. 
  5. දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට නිසි විසඳුමක් තබා මානුෂියවාදි ප්‍රවේශයක්වත් ලැබී නැත.
  6. පලාත් සභා බලතල යටතේ කළ හැකි අැතැම් සංවර්ධනයට අදාල ක්‍රියාමාර්ගවලට අනුමැතිය නොලැබේ. 

දැන් අපි කරුණු මදක් විමසා බලමු.

  • විග්නේෂ්වරන් කියන මත්ද්‍රව්‍ය, මැරකල්ලි, ස්ත්‍රී දුෂණ, ළමා අපරාධ දකුණේත් අැත. උතුරට විතරක් අමුතු ප්‍රශ්න නොවේ යැයි දකුණේ ජාතිවාදින් පමණක් නොව ඊනියා සමාජවාදින් ද කියනු අැත. අැත්තය. එහෙත් එල්. ටී. ටී. ඊ. පාලන කාලය තුළ උතුර එ් ප්‍රශ්න අත්දුටුවේ නැත. උතුර රකින්න විශාල හමුදාවක් සිටින පසුබිමක එ් ප්‍රශ්න මතු වී අැත. එනම් හමුදාවට එ් ප්‍රශ්න විසදීමට නොහැකි වී අැත. නැත්නම් හමුදාවත් එ්වාට අනුබල දෙනවා විය හැකිය.
  • ඉඩම් ප්‍රශ්නයේදි යම් තරමක සාධනීය දෙයක් සිදු කළත් තවත් බොහෝ ප්‍රශ්නවලදි විසඳුම් දීමට රජය ක්‍රියාකර නැත. එය අප පිළිගත යුතු සත්‍යයකි. 

එය එසේ වූයේ අැයි ?

  • දකුණේ අන්තවාදින් හා ජාතිවාදින්ගේ බලපෑම මත අාණ්ඩුව කළ යුතු බව හෘද සාක්ෂිට දැනෙන බොහෝ දේ ද නොකර සිටීම මෙයට ප්‍රධාන හේතුවයි. 

අැයි අාණ්ඩුව අන්තවාදින්ගේ බලපෑමට යටත් වන්නේ ?

ශ්‍රී ලංකා රාජ්‍ය පොදු ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් සහිත රාජ්‍යයක් නාෙවේ. බ්‍රිතාන්‍ය යුගයේ සිටම එය ගොඩනැගුනේ සංඛ්‍යාත්මක බහුතරයා වන සිංහල බෞද්ධයන්ගේ රාජ්‍යයක් වශයෙනි. රාජ්‍යයේ මතවාදය වන්නේ සංඛ්‍යාත්මක සුළුතර ජාතින් සංඛ්‍යාත්මක බහුතරයේ අාධිපත්‍ය තුළ ජීවත් විය යුතු බවයි. එම මතවාදය කිසි ලෙසකින්වත් සැබෑ බුදුදහමට අනුකූල නොවන්නකි.

බුදු දහමට කිසි ලෙසින් වත් අනුකූල නොවන ස්වොත්තමවාදි සිංහල බෞද්ධ අාධිපත්‍යයක් තුළ ශ්‍රී ලංකා රාජ්‍යය බ්‍රිතාන්‍යයන් එ්කිය රාජය්‍යක් ලෙස ගොඩනැගුවේ අැයි ? 

- එයට හේතුව ධනෂ්වර රාජ්‍ය පවත්වා ගැනීමේ වුවමනාවයි. ධනෂ්වර රාජ්‍යයට නිර්ධනයින්ගෙන් එල්ලවන අභියෝගය වළක්වාලීමයි. 

- සිංහල බෞද්ධ ජාතියක් ලෙස සංවිධානය කළ විට පංතිමය ලෙස ජනයා සංවිධානය වීම සිදු නොවන තැනක පවත්වාගත හැකිවීමයි. ජනතාව ජාති ලෙස බෙදී වෙන් වී සිටිමට පුරුදු විමෙන් රාජ්‍ය ධනවතුන්ගේ න්‍යාය පත්‍රයට අනුව පවත්වා ගත හැකි වීමයි.

එල්. ටී. ටී. ඊ. සංවිධානය උතුරේ ජනතාව ඉල්ලා සිට්න්නේ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන නිසාය. එල්. ටී. ටී. ඊ. ඔවුන්ට විසඳුමක් ද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුන්ට අයිතියක් අැත. එය නිදහස පිලිබඳ දේව ධර්මයේ මූලික පදනමකි.

දකුණේ ජනමාධ්‍ය විජයකලාට පහරදීම නොව කළ යුත්තේ උතුරට අදාල ප්‍රශ්න විසදීමට රජයට බල කිරීමයි. උතුරේ සාමාකාමි ඉල්ලීම් පැහැර හැර එ්වා යටපත් කර එල්. ටී. ටී. ඊ යක් බිහිවීමට පාර කැපු දකුණේ සිංහල බෞද්ධ අනත්වාදයට ඔවුන්ගේ බෞද්ධ නොවන අන්තවාදය අත්හරින ලෙස ඉල්ලා සිටීමයි. එ් අන්තවාදයට එරෙහිවූ මතවාදයකින් ජනතාව අාලෝකවත් කිරීමයි.

jesustodaysl 2 වන වසර 18 වන සතිය 2018 ජූලි 08

Comments powered by CComment