ආගමික ආයතන වලට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය යනු කඵ සල්ලි සුුදු කිරීමේ මාර්ගයකිිි....... සීසර්ගේ රාජ්‍යයේ අනුග්‍රහය කිසිවිටක ක්‍රිස්තුස් වහන්සේ ලබා ගත්තේ නැත. සිසර්ගේ ආධාරයෙන් සිසර්ගේ රාජ්‍යයට ප්‍රතිපක්ෂව වු කිතුනුවා පතන රාජ්‍ය උදා කරගත නොහැකිය.

ධනවාදී යුගය තුළ කි‍්‍රස්තු ඉගැන්වීම.

ලෝකය වැඩවසම්වාදයට ඇතුලත් වන විට එකි සමාජය තුල කි‍්‍රස්තියානියේ සාරය වු ධනවාදයට එරෙහි වීම අහෝසි වි තිබුනි. පූජක පැලැන්තිය තවත් පීඩක ව්‍යුහයක් වි තිබුණි. සභාව පීඩිතයාගේ නොව පීඩකයාගේ පංතියට අයත් ආයතනයක් විය. වැඩවසම්වාදය බිඳවැටෙනාත් සමඟම නැගි එන ධනවාදයට සහය පල කරමින් සභා නායකත්වය කි‍්‍රස්තුස් වහන්සේට වෛර කරමින් ධනයට පේ‍්‍රම කිරිමේ තම පැවැත්ම නිරුවත් ලෙස කරලියට ගෙනන ලදි.

කතෝලික සභාව මෙන්ම අනිතුක් රෙප‍්‍රමාදු සභාවන්ද එක සේ ඊට දායක විය.

කාර්මික විප්ලවයෙන් පසු නැගි ආ ධනවාදයේ අාරක්ෂකයා බවට සභාවන් පත් විය. ඒ වන විට තව දුරටත් කි‍්‍රස්තු ධර්මය නොපැවති අතර කි‍්‍රස්තු ආගම පමණක් පැවැතුනි. ලෙනින් හා මාක්ස් අබිං යැයි කිවේ ඒ ආගමටය. කි‍්‍රස්තියානි සාරාර්ථයට නොවේ.

ලෙනින් එකතු කළ හැකි 10 වෙනි වෙළුමේ මෙසේ පවසන්නේ එකී ආගම ගැනය.

"ආගම වු කලි ධනවාදයට වහල් සේවාවන් සැපයීමට සිදු වි ඇති පීඩිත ජනතාවට තම මිනිස් ස්වරූපයද මිනිසාට යෝග්‍ය අන්දමේ ජීවිතයක් සඳහා වන තම ඉල්ලිමද අමතක කර දැමිමට උපකාරි වන එක්තරා ආධ්‍යාත්මික මත්පැන් විශේෂයකි."

නැගි එන ධනවාදය ලොව පුරා පීඩිතයින් ලක්ෂ ගණනින් පැටව් ගසද්දි ධනවාදයට විකල්පයක් ලෙස කොමිනියුස්ට්වාදය හා සමාජවාදය ඉස්මතු විය. කොමිනියුස්ට්වාදිහු ධනවාදයේ රන් දෙවොලට පහර එල්ල කළ අතර රුසියානු විප්ලවය ධනවාදි කඳවුර සසල කළේය. ඒ සසල වීම ධනපති පංතියේම කොටසක් වන සභාවන් කෙරෙහි බලපෑවේය.

කොමිනියුස්ට්වාදින් පෙනි සිටියේ පැරණි ගිවිසුමේද, නව ගිවිසුමේද කි‍්‍රස්තියානියේ හරය වෙනුවෙනි. කි‍්‍රස්තියානින් සැබැ කි‍්‍රස්තියානින් නම් විවෙචනාත්මකව වුව සහය දැක්විය යුතුව තිබුනේ කොමිනියුස්ට්වාදින්ටය. නමුත් සිදු වුයේ එහි අනික් පැත්තයි. මේ ගැන රෝසා ලක්සම්බර්ග් "සමාජවාදය හා කි‍්‍රස්තියානි සභා" නම් ලිපියේ මෙසේ සඳහන් කරයි.

"ධනවතුන්ගේ නියෝජිත ප්‍රකාශකයාද සූරාකෑමේ හා මර්ධනයේ ආරක්ෂකයාද වන පූජක පක්ෂය කි‍්‍රස්තියානි මූලධර්මවලට බරපතල ප්‍රතිවිරෝධි තැනක තමා විසින්ම තමාව පිහිටුවා ගනි."

මිහයිලෝ එටෙල්මාච් නම් ලේඛකයා මේ ප්‍රතිගාමි බව මෙසේ පවසයි.

"ගැමියන්ගේ ආත්මය තුල තාර්කිකව වර්ණ ගන්වා තිබුනේ ජීවිතයේ අනුකම්පා රහිත බවයි. දෙවියන්වහන්සේ අපට පේ‍්‍රම කරයි. සාර් අපට රැකබලාගනි. අපි ඉඩම් හිමියන් ට ඉහලින් යා යුතු නැත." 

ධනවාදි යුගයේදි කි‍්‍රස්තියානි සමාජ දර්ශනය නමින් සුදතුම් පියවරුන් විසින් ධනවාදයේ ප්‍රතිඵල ලෙස පැන නැගුනු සමාජ ප්‍රශ්න කෙරෙහි විශේෂයෙන් කතෝලික සභාව ප්‍රතිචාර දක්වන ලදි. කතෝලික සමාජ දර්ශනය ලෙස එය හඳුන්වයි.

කතෝලික සමාජ දර්ශනය බැලූ බැල්මට රැඩිකල් ප්‍රකාශන රාශියකින් යුක්තය. එය මධ්‍යනන යුගයේ සභා ස්ථාවරයට වඩා යහපත්ය. නමුත් කනගාටු වෙන් වුවද කිව යුත්තේ, පිලිගත යුත්තේ එකි සමාජ දර්ශනය මුලික වශයෙන් ධනවාදය ආරක්ෂා කිරිම සඳහා සියුම්ව කි‍්‍රයා කරන බවයි.

වෙහෙසන මිනිස්සු විශ්ව ප්‍රකාශයෙන් ඇරඹෙන විශ්ව ප්‍රකාශන මාලාව කම්කරුවාගේ අයිතිය පිළිගන්නා නමුත් සුරාකෑම අහෝසි කිරිම ගැන කතා නොකරයි.

විශේෂයෙන් රැඩිකල් කිතුනුවන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති දෙවන වතිකානු සමුළු නිර්දේශ සලකා බැලූවද ලෝකයේ ප්‍රබලතම සංස්ථාගත පාපය වන සුරාකෑම අහෝසි කිරිම පිළීබඳ කිතුනු චින්තනය මතු නොකරයි. එය පූජකවරුන්ගේ විශේෂ යුතුකම දුප්පතුන් හා දිළිදුන් කෙරෙහි පවතින බව ප්‍රකාශ කළත් දිළිඳුන් පීඩිතයින් නොමැති දේව රාජ්‍ය සඳහා ප්‍රධාන බාධාව වන ධනවාදයේ තර්කතයට විරුද්ධ කි‍්‍රස්තු ඉගැන්වීම ඉස්මතු නොකරයි.

දෙවන වතිකානු සමුළුව නියෝග 16 මෙසේ කියයි.

සමාජයක් විනාශ කරන නීචකම් රැසකි. මිනිමැරිම්, ගබ්සාව, සියදිවි නසා ගැනීම  ආදි වශයෙන් නීචකම් 14 ලැයිස්තුගත කරයි. නමුත් එහි තිරශ්චීන ශ‍්‍රම සූරාකෑම දුප්පතාගේ අයිතිය උදුරා ගැනිම ලැයිස්තු ගත නොවේ.

කථිකාවත වචන ලස්සනට හසුරවයි. ප්‍රශ්නය සියුම්ව මඟ හරියි.

බලන්න 16 25

"සමාජයේ කැරලි කෝලාහල වලට බොහෝ විට හේතු වන්නේ ආර්ථික සමාජ දේශපාලන කටයුතු වල පවතින අවිනිශ්චිත බවයි."

අවිනිශ්චිත බව යන වචනය තුල හේතුව දිය කරන හැටි කොතරම් සූක්ෂමද. බලන්න එවන් තවත් වචන හරඹයන් කීපයක්.

"මනුෂ්‍යයන් අතර දක්නට ලැබෙන ආර්ථික සමාජික වෙනස්කම් බරපතල අපචාරයකි. සියළු දේශපාලන ක්‍රම යටතේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුය."

"ව්‍යවස්ථාමය ඒකාධිපතිවාදය තුල අයිතින් රැකිය නොහැකිය. කම්කරුවෙකු ලෙස වැඩ කළ කි‍්‍රස්තුස් වහන්සේගේ ජිවිතාදර්ශය කි‍්‍රස්තු භක්තිකයන්ගේ ප්‍රීතියට හේතු විය යුතුය."

දැන් එ ප්‍රකාශය ක්‍රිස්තුස් භක්තිකයින්ට දනවන අරුත කුමක් කියා ඔබ සිතන්නේද,

සියලූ කම්කරුවෝ මෙන් ධනවාදයේ මුලධර්මයට එරෙහිවව නැගි සිටිය යුතු බවද? එසේ නැත්නම් කුඩා කල සිට හැඩ ගස්වා ඇති පරිදි කම්කරුවෝ සාන්ත දාන්ත තින්ත කුඩු සේ දෙවියන්ට තුති දෙමින් සුරාකෑම භාරගෙන සිටිය යුතු බවද?

ධනවාදයේ පළමු ඉණිමද මේ  දෙවන තෙවන ඉණිම්වලදී ද ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නා් සිදු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේට පිටුපෑමකි.

අප දැන් සාරංශයකට එළඹෙමු,

ධනවාදයේ මුලධර්මය සුජාත කළ හැකි ඉගැන්විමක් ක්‍රිස්තු භාවිතය තුලින් සොයාගත නොහැකිය. ධනවාදය ප්‍රතික්ෂේප කිරිමට සෑම අනුබලයක්ම එහි ඇත.

තිස් හතලිස් ගනන් වල ලංකාවේ ඇතැම් පුජකවරු කොමිනියුස්ට් වාදින්ට දිව්‍ය සත්ප්‍රසාදය දිම ප්‍රතික්ෂේප කර ඇත. සත්ප්‍රසාදයේ අරුතට පිටුපාන්නේ ධනවාදියාය. සත්ප්‍රසාදය නොදිය යුතුනම් නොදිය යුත්තේ ධනවාදියාටය. නියම දේව දෝහියා ධනවාදයට පක්ෂ වන්නාය. අණ්ඩු පක්ෂයේ වේවා, විපක්ෂයේ වේවා දේශපාලකයින් පල්ලි පන්සල්වල යමින් ලබා දෙන්නේ පැපිෂ්ඨ මුදල්ය. ජනතාවගෙන් සුරාගත් මුදල්ය.

- මිහිපිට බිහිවිය යුතුියැයි ක්‍රිස්තුස් වහන්සේ කිවු දේව රාජ්‍යය ස්වර්ග රාජ්‍යයට ආදෙශ කිරිම බරපතල පාපයකි

- යාහාවන් ක්‍රිස්තු ඉගැන්විමට පිටුපා ධනවාදය ආරක්ෂා කිරිමේ හේතුව සභාවන් දේපල හිමි පංතියක් විමයි

- පූජකවරු බඹසර රැකිම නියම කිරිෙමි් මුලික හේතුවක් වුයේද සභා දේපල බෙදියාම වැලැක්විමය.

- මුල් සභාවේ දුප්පතුන් පඬුරු ගෙන එ්මත් දහයෙන් කොටස පුජකයන්ට දිමත් නොවිය. ඒ සියල්ල ඇරඹුනේද සභා දේපල ගොඩගැසිම සඳහාය.

දේපල තිබිය යුත්තේ පොදු අයිතිය සදහාය. නමුත් දේපල ඇත්තේ සභා නායකත්වයේ අයිතියටය. ජනතාවට ඒවායේ කිසිදු අයිතියක් නැත. එසේ තවත් දේපල හිමි පංතියක් යනු පුරුකාමී සංස්ථාවක් බව අප අකමැත්තෙන් වුවද පිළිගත යුතුය.

සභාවෙන් ජනතාවගේ ඳිළිදුකමින් වාසි සැලසෙන, ලාබයට ශ‍්‍රමය හූරාකන අයතන බවට පත්වි ඇත.

සභා ආයතන ධහේෂ්වර සුරාකැමේ අපායන් බවට පත්වි ඇතයි ද සියල්ලටම වඩා නරක තත්වය වන්නේ දුප්පත් ළමුන්ගේ හා ගැහැණුන්ගේ ශ‍්‍රමය සූරැකීම යයිද රොසා ලස්සන්බර් ලියා ඇත. එය අද ද අසත්‍යය යැයි අපට පැවසිය හැකිද?

ආගමික ආයතන වලට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය යනු කඵ සල්ලි සුුදු කිරීමේ මාර්ගයකිිි....... සීසර්ගේ රාජ්‍යයේ අනුග්‍රහය කිසිවිටක ක්‍රිස්තුස් වහන්සේ ලබා ගත්තේ නැත. සිසර්ගේ ආධාරයෙන් සිසර්ගේ රාජ්‍යයට ප්‍රතිපක්ෂව වු කිතුනුවා පතන රාජ්‍ය උදා කරගත නොහැකිය.

කි‍්‍රස්තියානි කම්කරු ව්‍යාපාරය ආදිය ඇරඔුනේ කම්කරු අයිතිය ගැන කම්කරුවා දැැනුවත් කිරීමටය. නමුත් අද වන විට ආගමික සංස්ථා විසින් අරඹන වෘත්තිය සමිති කි‍්‍රයාකරන්නේ කම්කරු ව්‍යාපාරයේ ශක්තිය දුර්වල කිරීමටය.

කි‍්‍රස්තු ආගම් අද උගන්වන්නේ පීඩිත බව දේව කැමැත්ත බවයි. කි‍්‍රස්තු ධර්මය උගන්වන්නේ පීඩිත බව දේව කැමැත්ත බිඳ දැැමිමේ ප්‍රතිඵලයක් බවයි.

කි‍්‍රස්තු ආගම දෙවියන්ටත් ධනපති රාජ්‍යයටත් එකවිට පේ‍්‍රම කිරීමට උගන්වයි. කි‍්‍රස්තු ධර්මය කියන්නේ එය එසේ කළ නොහැකි බවයි.

කි‍්‍රස්තු ආගම පොදුවේ කියන්නේ පීඩිතයාට දේශපාලනය නොකරන ලෙසයි. නමුත් ක්‍රිස්තු ධර්මය පවසන්නේ තමන්ගේ ජීවිත තීරණ ගැනිමේ නිදහස තමන් අත තබා ගත යුතු බවයි.

කි‍්‍රස්තියානි සමාජ දර්ශනය ධනවාදි මුලධර්ම ආරක්ෂා කරමින් සමාජවාදි මුලධර්ම වලට සියුම්ව පහර ගසයි. නමුත් කි‍්‍රස්තු ධර්මය ධනවාදි මුලධර්මයට පහර ගසමින් සමාජවාදි මුලධර්මයන් ජිවිත ක්‍රමයට එකතු කරයි.

කි‍්‍රස්තියානි සමාජ දර්ශනය ධනවාදය ආරක්ෂා කරමින් සමාජවාදයට එල්ල කරන ප්‍රධාන ප්‍රහාරය වන්නේ එය හෘද සාක්ෂියේ නිදහසය හා දේශපාලනික නිදහස අහෝසි කරන බවයි.

නමුත් ධනවාදය තරම් අපගේ හෘද සාක්ෂිය නැති කර දමන ක්‍රමයක් තවත් නැත. අද අපි පසුකරන්නේ ධනවාදය විසින් මානවයාගේ පමණක් නොව අපේ පෘතුවියේ පැවැත්ම දරුණු අනතුරකට ලක්කරන ලද අවධියකය.

මේ අවස්ථාවට සහභාගි වන අප බොහෝ දෙනෙකුගේ අාගම ධනවාදයයි.

අපි දෙවියන්ව, බුදුන්, ද අල්ලාව ද අදහන්නේ බොරුවටය. අප ජිවන ශෛලිය තිරණය වී ඇත්තේ ශුද්දවු බයිබලය, ත්‍රිපිටකය හෝ කුරානය මත නොවේ. අපි සියලූ දෙනා අඩු වැඩි වශයෙන් අප කන බොන අදින හැටි අනාගතය ගැන සිතන හැටි තීරණය වී ඇත්තේ මේ බලගතු ධනවාදයේ තර්කය මතයි.

දැන් අපට ඇත්තේ කි‍්‍රස්තු ධර්මය නොවෙයි. ධනවාදයේ කි‍්‍රස්තු ආගමයි. පල්ලියේ උත්සවයද පන්සලේ උත්සවයද ධනවාදයේ තර්කය මත ගොඩනැගී අැත.

ධනවාදය නම් පාපය අදහන ලෝකය එ ඇදහිල්ලෙන් මුදවා ගැනිම අපේ යුගයේ අභියෝගයකි. එය භාරගැනිමට ධෛර්ය සතු කර ගැනිමට හැකි නම් මෙ සන්ධයාව වරප්‍රසාදයේ සන්ධයාවකි.

දැන් ඉතිං ධනවතුනි ඔබ පිට පාත් වෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඩා වැලපෙන්න. ඔබගේ ධන ධාන්‍ය දිරාගොස් ඇත.. මවගේ වස්ත්‍ර කාවුන් කා දමා ඇත. ඒ මලකඩ ඔබට විරුද්දව සාක්ෂියක් වී ගින්නක් මෙන්ම ඔබගේ  මාංශ කා දමනු ඇත.

jesustodaysl 2 වන වසර 15 වන සතිය 2018 ජූනි 17

Comments powered by CComment