මේ ප්‍රකාශය පිළිබඳව හෝ ඉන් මත කළ කරුණු පිළිබඳව හෝ ඉදිරි දැක්මක් සකසා ගැනීම අවශයය. එ් පිළිබඳව ශ්‍රී ලාංකීය කිතුනු ප්‍රජාවගේ අවධානය යොමු විය යුතු බව මේ ලියුම්කරුගේ අදහසයි. 

ජූනි 05 ලෝක පරිසර දිනයයි. අාගම් හා පරිසරය පිළිබඳ සිතා බැලීමකට අත්‍යාවශ්‍ය පෙරවදනකි මේ ලිපිය.

පරිසරය පිලිබඳ අාගම්, අාගමික නායකයින් හා අාගමික ජනතාවගේ වගකිම පිළිබඳ කරුණු ස්වල්පයක් ගෙනහැර පෑමට අදහස් කළේමු. එහිදි අපගේ විශේෂ අවධානයට ලක්වනුයේ අාගම් භුමිය හා සංරක්ෂණය පිළිබඳ ඔහිටෝ ප්‍රකාශනය වෙතය. එය ලෝක අාගම් හි මුල් පෙළේ ක්‍රියාකාරින් රැසක් විසින් 1995 දී ජපානයේ ඔහීටෝ නුවරදි පවත්වන ලද සමුළුවකදි නිකුත් වූවකි.

එහිදි හඳුනාගත් මූලික කරුණක් වූයේ "ලෝක අාගමික ප්‍රජාවන්, ස්වකීය වාසභූමිය වූ මේ මිහිතලයේ පාරිසරික ගැටළු සම්බන්ධව නිහඬව සිටියා පමණක් නොව එ් හා සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන්ද දුරස් වී සිටියහ. එහෙත් සැබැවින්ම ලෝක අාගමික ප්‍රජාව සාමුහිකව ගත් කල උක්ත කාරණය අරඹයා බලගතු හඬක් නියෝජනය කිරීමේ ශක්තියෙන් යුක්තය යන්නයි.

සැබැවින්ම මේ කාරනය විශාල ප්‍රමාණයකට ක්‍රිස්තියානියටද අදාලය. කතෝලික සභාවේ පුරෝගාමි මෙහෙවරක් කළ 1891 දී ක්‍රිස්තියානි සමාජ දර්ශනයක් ඉදිරිපත් කළ 13 වෙනි ලියෝ පාප්තුමන් පවා පරිසරය පිළිබඳ කාරණයේදි සිටියේ නිවැරදි අස්ථානයක නාෙවේ. 2 වැනි වතිකානු මන්ත්‍රණ සභාවේදි පවා මේ පිළිබඳ අවධානයක් යොමු වූ බවක් නාෙපෙනේ.

නමුත් මේ වනවිට තත්ත්වය වෙනස් වෙමින් තිබීම සතුටුදායකය. සභා හවුල්  වලදීද විශේෂයෙන් ජනතාව අතර ක්‍රියාකරන ක්‍රිස්තියානි පූජක, පැවිදි ගිහි ක්‍රියාධරයන්ද පරිසරය පිළිබඳ තමන්ගේ වගකිම හඳුනාගෙන ක්‍රියා කිරීමට උත්සහ කරමින් සිටි. නමුත් එය ප්‍රමාණාත්මක නාෙවේ.

තවමත් කිතුනු ප්‍රජාව අැතුළු සියළු අාගමික ප්‍රජාවන් මානව වර්ගයා හා ස්වභාව ධර්මය අතර බැදීම තහවුරු කිරීම සඳහා ඵලදායි ක්‍රියාමාර්ගයන් නොගන්නා අතර මේ සම්බන්ධයෙන් අැති වගකිම ද  බව ඔහිටෝ සමුළුවේදි අවධාරණය වී අැත.

මේ පසුබිම තුල ඔහිටෝ ප්‍රකාශය ක්‍රියාකාරිත්වයකට පදනම් වන අධ්‍යාත්මික මූලධර්ම කීපයක් ප්‍රකාශ කර අැත. ඉන් කීපයක් මෙසේය. 

  • භූමියට අාදරය කළ යුතු බව අාගමික විශ්වාසයන් හා සම්ප්‍රදායන් අපට කියා දේ.
  • පාරිසරික ජීව පද්ධතින් නඩත්තු කරලීම සහ එ්වායේ තිරසාර පැවැත්ම සුරකීම අාගමික වගකීමකි.
  • ස්වභාව ධර්මයට අාදරයෙන් සැලකිය යුතුය. එ් මගින් සත්ත්ව හා ශාක ප්‍රජාව මෙන්ම භූමිය, ජලය, වාතය සහ බලශක්තිය අාරක්ෂා කර ගැනීම අප සතු වගකිමක් බවට පදනමක්ද ගොඩනැගේ.
  • පාරිසරික සහ මානව පරිහානියට මුල බීජය වන්නේ තෘෂ්නාවත්, ගිජුබවත් යන්න තේරුම් ගනිමින් උසස් ජීවිත මට්ටමක් ළඟාකර ගැනීම උදෙසා වටිනා ගුණාංග පිරි ජීවිතයක් පිළිබඳව අවධාරණය කිරීමට අාගම් අදහන පිරිසක් කටයුතු කළ යුතුය.

ඉහත මූලධර්ම මත පිහිටා ක්‍රියා කළ යුතු බවට එම ප්‍රකාශය නිර්දේශ කරනු ලැබු ක්‍රියාමාර්ගද රාශියක් වේ. ඉන් කිහිපයක් මෙසේය.

  • අාගමික ඉගැන්වීම වලදි පරිසර ප්‍රශ්න පිළිබඳ අවධාරණය කළ යුතු බව අාගමික නායකයන්ට දන්වා සිටිමු. අාගම් ඉගැන්වීමත් භාවිතයත් සොබාදහමට අනුකූල විය යුතුය.
  • තමන්ගේ භූමිය නිසි අයුරින් පරිහරණය කරන ලෙසත්, පාරිසරික වශයෙන් තිරසාර ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අාගමික ප්‍රජාවන් වෙත දන්වා සිටිමු.
  • අාගමික නායකයන්ද, අාගමික උපදේශක සේවාවන් හි නියැලි අය ද සිදුවෙමින් පවත්නා පාරිසරික පුහුණු කටයුතු සහ පාරිසරික අධ්‍යාපනය පිළිබඳ දැනුවත්භාවය ලබාගත යුතුය.
  • ස්වකීය ප්‍රජාවන් තුලත් විශේෂයෙන් තරුණ හා ළමා පරපුර අතරත් පාරිසරික අධ්‍යාපනය වර්ධනය කරලීමට අාගම් අදහන අප කටයුතු කළයුතු බව දන්වා සිටිමු.

මේ ප්‍රකාශය පිළිබඳව හෝ ඉන් මත කළ කරුණු පිළිබඳව හෝ ඉදිරි දැක්මක් සකසා ගැනීම අවශයය. එ් පිළිබඳව ශ්‍රී ලාංකීය කිතුනු ප්‍රජාවගේ අවධානය යොමු විය යුතු බව මේ ලියුම්කරුගේ අදහසයි. 

අපගේ අාගමික ජීවිත පැවැත්ම මනින ගිණුම් දණ්ඩයක් බවට පරිසරය පිළිබඳ අපගේ ප්‍රතිචාරය පත්ව තිබෙන බව අප දැනගත යුතුය.

jesustodaysl 2 වන වසර 14 වන සතිය 2018 ජූනි 10

Comments powered by CComment