කි‍්‍රස්තියානිය පැහැදිලිවම රෝම අධිරාජ්‍ය තුළ නිර්ධන පංතිකයාගේ ආගම විය. ඒ නිසාම එය ඉතා සහසික ලෙස මර්ධනයට ලක් විය. එය අධීරාජ්‍යයාගේ ආගම බවට පත් විම කෙමෙන් කෙමෙන් සිදු වු හැටි වෙනම කථා කළ යුතු මාතෘකාවකි.

ධනවාදයට පෙර ධනවාදය හා කි‍්‍රස්තු තුමන්ගේ ඉගැන්වීම්. 

කි‍්‍රස්තුස් වහන්සේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ දෙවියන්ටත් ධනයටත් එක විට සේවය කළ නොහැකි බවය. ධනයට සේවය කරන්නා දෙවියන්ට වෛර කරන බවයි. සාතන්ට සේවය කරන බවයි.

ජේසු තුමා ජීවත් වූයේ වහල් යුගය තුළයි. එතුමා වහල් යුගයේ සමාජවාදියා ලෙස සැලකිය හැකියි. එතුමා තම මෙහෙවර ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කරන්නේ තමාගේ කාර්යය පීඩිතයන්ට මිදිම ප්‍රකාශ කිරිම බවයි. වහලූන්ට නිදහස ප්‍රකාශ කිරිම බවයි.

ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට යාම ඔටුවෙකුට ඉදිකටු මලෙන් රිංගා යාම තරම් අපහසු බව පැවසු එතුමා, අහෝ ධනවත් ඔබට වන විපතක මහත යැයි ප්‍රකාශ කරන ලදී.

කි‍්‍රස්තු ශ්‍රාවකයන්ට එතුමා ඉතා පැහැදිලි හා සෘජු ලෙස එදා පැවැති ධනවාදයේ තර්කයට යටත් ධනබල තන්ත්‍රයට විරෝධිව ඊට සපුරා පටහැති ක්‍රමයක් පවත්වාගත යුතු බව පවසන ලදි.

ඔබ අතර එසේ නොවිය යුතුය. ඔබ අතර නායකයා සේවකයා විය යුතුය.

කි‍්‍රස්තියානිය පැහැදිලිවම රෝම අධිරාජ්‍ය තුළ නිර්ධන පංතිකයාගේ ආගම විය. ඒ නිසාම එය ඉතා සහසික ලෙස මර්ධනයට ලක් විය. එය අධීරාජ්‍යයාගේ ආගම බවට පත් විම කෙමෙන් කෙමෙන් සිදු වු හැටි වෙනම කථා කළ යුතු මාතෘකාවකි.

03. ධනවාදයට පෙර ධනවාදය හා මුල් කිතුනුවන්ගේ ඉගැන්වීම්

කි‍්‍රස්තු සංඝය කෙමෙන් වර්ධනය වෙද්දි ධනවාදි තර්කයේ පාපතර මුල් බීජ ඒ තුල මතු වීමද සිදු විය. ඇතැම් සභා පියවරුන් සුවිසල් මර්ධනය හමුවේ පැවැති බිද වැටෙන අධීරාජ්‍යවාදි රාජ්‍යය සමඟ සම්මුතිගත වීමේ යෝජනා, ඉගැන්වීම් ඉදිරිපත් කරන ලදී. නමුත් මුලීක හා ප්‍රබල මතය ධනවාදයේ තර්කයට එරෙහිව පැවැතුනි.

මුල් කිතුනු සංඝ තුල සාංගික ජිවිතයක් විය. දේපල පොදු අයිතිය ප්‍රකාශ විය. පරිභෝජන පොදු විය. පළමු සියවස් පහ තුලවත් මුල් සභාවේ පොදු මතය ධනවාදයේ තර්කයට විරුද්ධ ව පැවැතුනි.

ජාකොබ් තුමා මෙසේ පවසයි. "දැන් ඉතිං ධනවතුනි ඔබ අපිට පැමිනණන්නට වන අවසනාවන්ත ඉරණම ගැන කනගාටු වෙන්න". බොහෝ පුරෝගාමින් සභාව තුල ඇති නැති පරතරය ඇති වේගන එ්ම නිර්දය ලෙස විවේචනය කර ඇත.

සාන්ත බැසිල් මෙසේ පවසයි

අප අපට අයිති දේවල් තබා ගැනිම වරදක් වන්නේ කෙසේදැයි නුඹලා අසති. නුඹලා තමනගේ දේපල යයි හඳුන්වන දැ ලබා ගත්තේ කෙසේදැයි මම අසමි. සියල්ලන්ටම අයිති දේවල් තමන්ට අයිතිකර නොගත්තේ නම් දේපොල හිමියන් පෝසතුන් බවට පත්වන්නේ කෙසේද? සැම කෙනෙක්ම තමන්ට අවශ්‍යතම දේ පමණක් ගෙන ඉතිරි දේ අන්‍යයන්ට ඉතිරි කර තැබුවේ නම් ධනවතුන්වත්, දිළිඳුන්වත් නොසිටිහු ඇත.

සාන්න ජොන් කි‍්‍රසොස්තම් මෙසේ පවසයි

තවද මුල් කිතුනුවන් අතර ඉමහත් පරිත්‍යාගීශිලිත්වයක් පැවැතුනි. ඔවුන් අතර කිසිදු දිළිඳුන්දෙක් නොවිය. කිසිවෙක් තමන්ට අයත්ව තිබු දේවල් තමන්ගේම දේවල් ලෙස නොසැලකිය. ඔවුන්ගේ ධනය පොදු දේපල විය.

මහා ග්‍රෙගරි පාප්තුමා මෙසේ පවසා ඇත.

තමන් සතුව තිබෙන දැ අන්‍යයන්ට නොදෙන පුද්ගලයා මිනිමරුවෙකි. ඝාතකයකි. පීඩා විදින්නන් සමඟ අප බෙදාගන්නා විට අප ඔවුන්ට දෙන්නේ ඔවුන්ට අයිති දේම ය. අපට අයිති දේ නොවේ. මෙය අනුකම්පාව දැක්වීමේ කි‍්‍රයාවක් නොව ණයක් ගෙවීමකි.

jesustodaysl 2 වන වසර 14 වන සතිය 2018 ජූනි 10

 

Comments powered by CComment