මා මෙහිදි ධනවාදයේ මූලධර්මය යන වචනය පාවිච්චි කරනුයේ කිතු තුමා ජීවත් වු සමයේ ධනවාදයක් නොතිබුුන බැවින් එතුමා ධනවාදයට එරෙහිව අදහස් නොදැක්වු බවට කෙනෙකු තර්කයක් ඉදිරිපත් කළ හැකි නිසාය. අප පවසන්නේ සමාජ විද්‍යාත්මක අරුතින් ගෝති‍්‍රක වඩවසම් ධනවාදි ලෙස යුගයන් බෙදා දක්වන නමුදු එකි සැම යුගයකම ධනවාදයේ අධිරාජ්‍යවාදයේ මූලධර්මම මුල රූපය කි‍්‍රයාත්මක වු බවයි. එනම් සුුළුතරයක් විසින් සාහසික තිරශ්චීන හා සංග්‍රාමික ලෙස බහුතරය සූරාකෑම ස්වභාවය පැවැති බවයි.

 

මෙම ලිපිය ධනවාදය බරපතල පාපයකි. නමින් හැඩ්ලි අැන්තනි ලියූ පොත සම්බන්ධයෙන් මහින්ද නාමල් සොයුරා කළ කතාව අැසුරින් සකස් වූවකි. පොත පිළිබඳ හැඳින්වීමකට වඩා ධනවාදය හා ක්‍රිස්තියානිය පිළිබඳ සාකච්ඡාවක් මෙහි අැතුලත් වන නිසා සංවාදය පිණිස මෙය මෙහි ඵල කරමු. 

 

‘ධනවාදය බරපතල පාපයකි’ යන ඉතා වැදගත් වු ප්‍රකාශය මෙරට කි‍්‍රස්තියානි ප්‍රජාව අතර සංවාදයට ලක් කිරිමේ නව ප්‍රවේශයක් බවට මේ ග්‍රන්ථය පත් කර ගත හැකි නම් එය කි‍්‍රස්තියානියේ සැබැ තරු මතු කර ගැනිමටත් වඩා පේ‍්‍රමණිය ලෝකයක් රටක් ගොඩනගා ගැනිමටත් කදිම පිටුවහලක් කර ගත හැකිය.

‘ධනවාදය බරපතල පාපයකි’ යන ප්‍රකාශය මීට වසර 25 කට පමණ පෙර ජන විමුක්ති පූජක සංඝය නමින් ගොනු වු පූජක පිරිස ඉස්මතු කරන ලද්දකි. අද ජන විමුක්ති පූජක සංඝය මෙන්ම එය ඉහත කි මතවාදය ප්‍රචාරය කිරිම ඇරඹු ජන විමුක්ති පුවත් සඟරාවද නැත.

කිතුසර පුවත්පතේ සමාජ දේශපාලන විග්‍රහය ඉදිරිපත් කරන විශේෂාංගය වන ‘විශ්වාසයේ දෑස’ තුළින් ධනවාදය බරපතල පාපයකි. යන මැය යටතේ හැඞ්ලි ඇන්තනි ලියු ලිපි පෙළ මෙසේ පොතක් ලෙද අද දොරට වඩි.

මෙම පොතට අරුතක් ලැබෙන්නේ ධනවාදය පාපයක් යන සංවාදය ඉදිරියට ගැනිමෙන් වන නිසා මේ අවස්ථාවේ ධනවායදය සමාජවාදය හා කි‍්‍රස්තියානිය ගැන අදහස් කීපයක් බෙදා ගැනිමට අදහස් කරමු.

හැඞ්ලිගේ පොත ධනවාදයේ බරපතල පාපයක් වන්නේ කෙසේද? යන්න ගැන බරපතල විග්‍රහයක් නොවේ. එය ඒ ගැන හැදින්වීමක් කරමින් විමුක්ති දේව ධර්මය ගැනත් එහි ව්‍යාප්තිය හා ශි‍්‍ර ලංකාව තුල එහි භාවිතය ගැනත් කථා කරන අතර මෑත කාලින දෙස් විදෙස් සිදු වීමක් කීපයක් විවරණය කරන ලිපි එකතුවකි.

ධනවාදය බරපතල පාපයකි යන්න පිළිබඳ සංවාදය තව බොහෝ ඉදිරියට හා ගැඹුරට ගෙනයා යුතු සංවාදයකි.
සංවාදය සඳහා අදහස් කීපයක් එක් කරමු

 ධනවාදයට පක්ෂව කි‍්‍රස්තියානිය උපුටා දැක් විය හැකිද?
 ධනවාදය පාපයක් නම් වරප්‍රසාදය සමාජවාදයද?
 කි‍්‍රස්තියානිය ධනවාදයට එරෙහි වන්නේ නම් සමාජවාදයට හා කොමියුනිස්ට් වාදයට පක්ෂවේද, මෙවැනි ප්‍රගීතහිනයක් කෙනෙකුට මතු කළ හැකිය. ඒවා කෙසේ පාලන     තර්ක බවටද පත් කර ගත හැකිය

01 ධනවාදය සාධාරණීකරණය කිරිමට කිසිදු සහයක් කි‍්‍රස්තියානි ඉගැන්වීම් තුල නැත.

ඇතැමුන් කිතුනුවන් දේශපාලනයෙන් විතිර්මුක්ත විය යුතු බව ධනවාදයට එරෙහි නොවි යුතු බව ජේසු තුමන් කියා ඇතැයි පැවසීමට උපුටා දක්වන ජනපි‍්‍රය පාඨයක් ඇත. එනම් ”සීසර්ගේ සිසර්ටත් දෙවියන් හි දේ දෙවිහන්ටත් දෙන්න”

මෙය පැහැලිදිවම වැරදි අර්ථ දැක්වීමකි. සීසර්ගේ දේ සීසර්ට දෙන්න කීමෙන් අදහස් කළේ පවතින ධනපති අධිපති රයට බදු ගෙවයන් යන්න නොවේ. සීසර්ගේ ක්‍රමය (ධනවාදි ක්‍රමය හා දෙවියන් ගේ ඉඩස අතර ඇති ප්‍රතිවිරෝධයයි. පේ‍්‍රමයේ අත් වැඩක්. එය සීසර්ගේ ක්‍රමයට සීසර්ගේ දේ අනුව ගොඩනැගිය නොහැකියි. මෙම සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දීම යන්න ක්‍රම විරෝධී ප්‍රකාශයක්.

කි‍්‍රස්තු ඉගැන්වීම් තුලින් හෝ පැරනි ගිවිසුමේ ශුද්ධ ලියවිලි පාඨ තුලින් ධනවාදයට පවතින අධීපතිවාදයට පක්ෂව කරුනු ඉදිරිපත් කළ නොහැකිය. නමුත් කි‍්‍රස්තු ඉගැන්වීම් නොවන කි‍්‍රස්තු ඉගැන්වීම් වලට ශුද්ධ වු පාවුළු තුසා සපයන ඇතැම් අටුවාටානා ඇතුලත් ලිපිවලින් නම් එහෙන් මෙහෙන් ක්‍රමයට පක්ෂපාති විය යුතු බවට සදහනක් දෙකක් උපුටා ගත හැකිය. නමුත් පැහැදිලිය. 

මා මෙහිදි ධනවාදයේ මූලධර්මය යන වචනය පාවිච්චි කරනුයේ කිතු තුමා ජීවත් වු සමයේ ධනවාදයක් නොතිබුුන බැවින් එතුමා ධනවාදයට එරෙහිව අදහස් නොදැක්වු බවට කෙනෙකු තර්කයක් ඉදිරිපත් කළ හැකි නිසාය. අප පවසන්නේ සමාජ විද්‍යාත්මක අරුතින් ගෝති‍්‍රක වඩවසම් ධනවාදි ලෙස යුගයන් බෙදා දක්වන නමුදු එකි සැම යුගයකම ධනවාදයේ අධිරාජ්‍යවාදයේ මූලධර්ම මුල රූපය කි‍්‍රයාත්මක වු බවයි. එනම් සුුළුතරයක් විසින් සාහසික තිරශ්චීන හා සංග්‍රාමක ලෙස බහුතරය සූරාකෑම ස්වභාවය පැවැති බවයි.

02 ධනවාදයට පෙර ධනවාදය හා පැරනි ගිවිසුම.

කි‍්‍රස්තු උපතට වසර දෙමසකට එපිටින් වු ඊශ‍්‍රායල්වරුන්ගේ ඉතිහාසය තුළ එකල පැවැති ගෝතී‍්‍රක සමාජයේද්දි ධනවාදයේ මූලධර්මයට බයිබලීය ඉගැන්වීම ප්‍රබල විරෝධයක් දක්වයි.

1 ශ‍්‍රමය සුරාකෑම මිනිමැරිමක් ලෙස අර්ථ දක්වයි
2 කම්කරුවා නිසි වැටුප ඉර බැස යාමට පෙර ගෙවිය යුතු බව දක්වයි
3 ලාභය පාපයක් ලෙස දක්වයි
4 පොලිය දීම පාපයක් ලෙස දක්වයි. ගිනි පොලි ගන්නා දෙවියන් ගේ මැදුරට නුසුදුසු අයෙකු බව පවසයි
5 නික්මයාම නම් පීඩිතයා වහල් භවයෙන් නිදහස් කර ගැනිමේ අරගලය තුළ ඇති කර ගන්නා දස පනතේ ආචාර ධාර්මික පදනම ධනවාදයේ තර්කයට ඉදුරාම පටහැනි     වෙයි. දස පනත නම් සම්මුතිය ඇති කර ගත්තේ ධනවාදයේ තර්කයට සමාජය යට නොවනු පිණිසය. අපි මදක් සිතා බලමු. ධනවාදය යනු මුළු දස පනතම බිඳ දමන්නකි.
1 ධනවාදයේ පදනම

 සොරකම් කිරිමයි
 සූරාකෑම ලොව විශාලම සොරකමයි

2 ධනවාදය බොරු කිම සාධාරණීකරණය කරයි

 බොරුවෙන් දිලින්දා රවටයි

3 ධනවාදය මිනි මරයි

 ලොව පුරා දිනකට කුසගින්නේ මිය යන 25000 පමණ වන මිනිසුන් ධනවාදයේ අධීතර තන්හාව නිසා සිදු කරන ඝාතනයක් වේ.

4 ධනවාදය කාමයේ වරදට හැසිරිම

 පොළඹවයි. ධනවාදය කාමරාගය කුළු ගන්වයි. අද ගම් මට්ටමේ ගණිකාවන් වර්ධනය වේ. යුක්රේන රුසියානු ගණිකාවන් ආසියාවේ ආශ්චර්ය උදෙසා කොළඹ ආනයනය කෙරේ.

5 ධනවාදය අන් වස්තු ආශා කරයි.

 හැම සුපිරි ධනවතෙකුම අනුන්ගේ ධනය කොල්ලකා අත් හරියි.

6 ධනවාදය සැබැ වු වන සත්‍යට පේ‍්‍රමයට පිටුපා මුදලට ධනයට වදින පිරිසක් බවට ජනතාව පත් කරයි. 

7 ධනවාදය සතියේ දිනවල පමණක් නොව ඉරු දින ද නිවාඩු නොගෙන වැඩ කලේ නැත්තම් ජිවත් විමට බැරි තැනම ජනයා පත්කරාවි. මිනිසා දෙවියන්ගෙන් පමනක්  නොව තාමාගේ ජිවිතයෙන්ද මිනිසාව වෙන් කරනු ලබයි. විහිවැව තබා මිනිසාට නිවාඩු නොදෙයි

8 ධනවාදය දෙමව්පියන්ට සැලකිමද ආර්ථික වටිනාකම මත තිරණය කරන තැනට ජනයා පත් කරයි.
9 ධනවාදය සැබැ වූ දෙවියන්ගේ නාමයේන් බොරුවට දිව්රිම ජනයාගේ මනස ධනවාදය පනතට විරුද්දවයි.

නික්ම යාමෙන් පසු නව දේශය තුල ඊශ‍්‍රයල් ජනයා ඇතිකරගන්නා ජිවිතය ක්‍රමය තුල ජුබිලි වර්ෂ නීතිය මගින් සමාජ විෂමතාවය මිනිසා පමණක් නොව සොබාදහමට සූරාකෑම අහෝසි කරන ධනවාදයේ තර්කය අහෝසිකර දමන නියමයක් කි‍්‍රයාත්මක වෙයි.

නික්මයාමෙන් පසු පොරොන්දු දේශය තුළ පැවැතියේ පොදු දේපල අයිතියකි. දේපල රජුට නොව දෙවියන්ට අයිති විය. එය දෙවියන්ගේ නියොජිතයා වන රජුට හා පූජකයින්ට අයිතිය යන්නක් ඊශ‍්‍රායල් නොවිය. එය එකල පැවැති බැබ්ලෝනියන් අසීරුන් වලට වඩා වෙනස්

රජ කෙනෙකු පත් කිරිමට පෙර එහි ඇති නැති විරතරය ඉතා අල්ප වු අතර මධ්‍යගත රාජ්‍ය ක්‍රමයක් ඇති කිරිමට එය විරුද්ධ විය. ධනය බලය කීර්තිය මුල් කරගත්  රජ කෙනෙකු පත් වීම දෙවියන්ට පිටුපෑමක් ලෙස සලකන ලදී.

නිෂ්පාදන මාධ්‍යයේ පොදු අයිතිය අහෝසි කර ධනවාදි ආර්ථීක ක‍්‍රමයට එය විරුද්ධ විය.

පැරණි ගිවිසුමේ කි‍්‍රස්තියානි පොරොන්දු දේශයේ මුලීක ලක්ෂණ අහෝසිකරමින් රාජ ක‍්‍රමය ඇති වු පසුවද සුබසාධන ආර්ථීක ප්‍රතිපත්ති යෝජනා නොකරයි. එසේම පැරනි ගෝති‍්‍රක ක‍්‍රමයට ආපසු යාමට යෝජනා නොකරයි. ඒ වෙනුවට නැවත ධනය රජ නොකරන දෙවියන් රජ කරන ක්‍රමය වෙත හැරි එම විසදුම් බව දක්වයි. ඔටුන්න හි සිංහසානයට වෙත කෙනෙකු පත් කිරිම වෙනුවට සිංහාසනය නැති ක්‍රමයකට දෙවියන් පමණක් රජ කරන සේවක ස්වාමි පාලක පාලික සබඳතා නැති සහෝදරත්වයේ ක්‍රමයක් වෙත හැරි එ්ම යෝජිත කරයි. ගෝත්‍රික යුගයේදි සමාජවාදය තර්කය කි‍්‍ර ව පැරනි ගිවිසුම කල හැකි

Comments powered by CComment