අද සමහර ටියුෂන් ගුරුවරු, මේවා විහිළුවක් කරගෙන ඇත. ඔවුන් දෙපිට කැපෙන වචන යොදා, නාඹර දරුවන්ට ලිංගිකත්වය ගැන අමුතු රසයක් දෙමින්, තම මඩිය තරකරගන්නට පොරකති. මම සමහර දේවල් පවසන විට, ළමයින් සිනා වෙන්නට තැත් කරන විට, මා පවසන්නේ, "මම ඔබලාට හිනා වෙන්නට කිසිම විහිළුවක් කර නැති බව” යි. ලිංගිකත්වය ගැන කියා දිය යුත්තේ, වගකීම් සහගත ලෙසට ය.

ලිංගික අධ්‍යාපනය

ලිංගික අධ්‍යාපනය ගැන උන්වහන්සේ වචන කිහිපයක් භාවිතා කරයි. එනම්, ඉතාමත් පරෙස්සම් සහගත ව’ මේ දැනුවත් කිරීම සිදුකරන්න යනුයි. එමෙන් මලිධනාත්මක වන්නාවූ’ ලිංගික අධ්‍යාපනයක් දෙන ලෙසට ද උන්වහන්සේ වැඩිදුරටත් අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී. එනම් පියවරෙන් පියවර කියා දෙන ලෙසට ය. සත්වන වසරේ දරුවෙකුට වඩා වැඩිපුර, දහවන වසරේ දරුවෙකුට කියා දිය යුතුව ඇත. එසේත් නොමැතිවල ලිංගික අධ්‍යාපනය යනු, ඉතාමත් නරක හෝ භයානක දෙයක් ලෙස කිසිදා ඉගැන්විය යුතු නොවේ. ලිංගිකත්වය විශයයෙහි පවතින දිව්‍යමය අර්ථය’ පැහැදිලි කර දිය යුතුව ඇත. සෑම දෙයකට මල දිව්‍යමය අර්ථයක් ඇත.

ඔබ වැඩිවියට පත්කිරීමට සලසවා ඇත්තේ, දෙවියන් වහන්සේ විසින් බව දරුවන්ට පෙන්වා දිය යුතු ය. දෙවියන් වහන්සේ නරක දේවල් කරන්නේ නැත. එය දෙවියන් වහන්සේ ගේ ක්‍රියාවලියක් නිසා, ලිංගිකත්වය යනු සෑම විටකම ඉතාමත් හොඳ දෙයකි. යහපත් දෙයකි. මේවා කතා කිරීම ලජ්ජාවට කරුණක් විය යුතු නොවේ. මේවා පැහැදිලිව කියා දෙන්න. ර්‍ඔයා අද වැඩිවියට පත්වුණාම, ඔයා තුළ ස්ත්‍රිරි බීජයක් හැදෙනවා. ඒ හැදෙන්නේ, අද මම’ අම්ම කෙනෙක් වෙන්න නෙමෙ. තව අවුරුදු 10 කින් විතර අම්මා කෙනෙක් වෙන්නට යි.” පිරිමි දරුවෙකුට පැවසිය යුත්තේ, ර්‍ඔබ වැඩිවියට පත්වුණහම, ඔබේ කරදඩු උස්වෙලා, ඔබේ කටහඩ වෙනස් වෙලා ඔබ වැඩෙන්නේ, වෙහෙස මහන්සි වෙලා වැඩකරලා, අනාගතයේදී තාත්තා කෙනෙක් වෙන්නයි” යනුවෙන් කියා දිය යුතුව ඇත. ර්‍ඔබේ කටහඩ වෙනස් වෙන්නේ, දරුවෙක් ගේ ජිවිතයට වදින යමක්, අම්මෙකුට වඩා ඇඟට දැනෙන ලෙසට කියන්නයි.” මෙසේ ධනාත්මකව දරුවන්ට ඉගැන්විය යුතුව ඇත. දෙවියන් වහන්සේ හැම දෙයක් ම කරන්නේ, අර්ථයක් ඇතිව’ බව දරුවන්ට වටහා දෙන්න. ලිංගික අධ්‍යාපනය යනු, මේවාවල දිව්‍යමය අර්ථය තේරුම් කර දීම යි. වැඩිහිටියන් වශයෙන් ඔබලා, එක එක වයස් තලවලදී දරුවන්ට, එම දැනුම ලබා දෙන්නට, අළුත් භාෂාවක් සොයාගත යුතුව ඇත. මේ දැනුම විහිළුවක් බවට පත් නොකරන්න. දෙපිට කැපෙන වචන වලට හරවන්න නොයන්න. අමුතු රසයක් ලබා දෙන්නට නොයන්න.

අද සමහර ටියුෂන් ගුරුවරු, මේවා විහිළුවක් කරගෙන ඇත. ඔවුන් දෙපිට කැපෙන වචන යොදා, නාඹර දරුවන්ට ලිංගිකත්වය ගැන අමුතු රසයක් දෙමින්, තම මඩිය තරකරගන්නට පොරකති. මම සමහර දේවල් පවසන විට, ළමයින් සිනා වෙන්නට තැත් කරන විට, මා පවසන්නේ, "මම ඔබලාට හිනා වෙන්නට කිසිම විහිළුවක් කර නැති බව” යි. ලිංගිකත්වය ගැන කියා දිය යුත්තේ, වගකීම් සහගත ලෙසට ය. සියුම් නොමග යෑම් ඇති බැවින්, ඒවා ගැන ද පරෙස්සම් විය යුතුය. අද අධ්‍යාපනය අමාත්‍යාංශය වශයෙන් ලබාදී ඇති පත්‍රිකා වල, සමහර කාරණා අරබයා ගැටළු ඇත. වෙෙද්‍යවරු ලබාදෙන ලිංගික අධ්යායපන දැනුවත් කිරීම්වල ද ප්‍රශ්න ඇත.

උදාහරණයක් වහයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශ වශයෙන් ලබාදී ඇති පොතෙහි කියා ඇත්තේ, ර්‍ආරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන්න” කියා ය. ර්‍අනාරක්ෂිත ලිංගික සබඳතා වලින් මිදෙන ලෙසට” ය. එවන් දැනුවත් කිරිමක්, ඉතාමත් භයානක ඉගැන්විමකි. එබැවින් දරුවන් ව සියුම්ව නොමග ඇරීම් පවතින බැවින්, ඒවා ගැන ද පරෙස්සම් වන ලෙසට, මෙම විශ්ව ලේඛණය තුළින් පාප් වහන්සේ පෙන්වා දී ඇත.

අද අපි හැමෝම, ශරීරය භාණ්ඩයක්’ ලෙස භාවිතා කිරීමට පුරුදු වෙමින් ඇත. මේ පවසන්නේ ලිංගික ජිවිතය ගැන ම නොවේ. අද අන්තර්ජාලයේ, මුහුනු පොතේ, දත්ත හුවමාරු කරගන්නා අයගෙන් 20‍ ක් පමණ තමන්ගේම නිරුවත් හෝ අඩ නිරුවත් ඡායරූප අන්තර්ජාලයට මුදා හරින්නන් බවට වාර්තා වී ඇත. සෙල්ෆි ගැහීම’ නමින් නවතම උන්මාදයක් අද තරුණ අය අතර පමණක් නොව, වැඩිහිටි අය අතර ද පැතිර ගොස් ඇත. සෑම විටකමිමාව’ දකින්න, මාව පෙන්වන්න’මම වටා’ අනෙක් අය ඉන්නවා දකින්නට ආශාවක් ඇති වෙමින් යයි. මෙයට මනෝ විද්යාමවේදී පැවසෙන්නේ ප්‍රයදර්ශන කාමය’ කියා ය. මේවා, තම ශරීරය භාණ්ඩයක්’ ලෙස දැකීමට ඇතිකර තිබෙන මානසිකතාවයන් ය. මේවා ගැන ද දරුවන්ව දැනුවත් කරන්න.

ඒ සමගම දරුවාට, ස්ත්‍රීරිව පුරුෂ දෙදෙනාගේ ම වටිනාකම උගන්වන්න. දෙන්නාම වටින බව සිතට කාවද්දන්න. එවිට විවාහ වූ පසු ද, තමාගේ විරුද්ධ පාර්ශවයේ සහකරුට ගෞරව කරන්නට, ඔහුට හෝ ඇයගේ වටිනාකම තේරුම් ගන්නට එය රුකුලක් වනු ඇත. පාප් වහන්සේ පවසන්නේ, ස්ත්‍රීරි පුරුෂ භාවය පමණක් නොව, ඊට වෙනස් ස්වභාවයක් ඇති අය කෙරෙහි පවා දයානුකම්පාව දක්වන ලෙසට ය. එනම් ද්වි ලිංගික හෝ ලිංගික ආබාධිත අය වෙත පවා, දයාවේ හස්තය දිගුකරන්නට උගන්වන ලෙසට ය. අතරමැදි ලිංගිකත්වය සහිත පුද්ගලයන්ට පවා ගරු කරන්නට දරුවන්ට උගන්වන්න.

මා ඔබට ඉතාමත් අවධාරණයෙන් පවසා සිටින්නේ, ඉහළ පාසැල් වලට දරුවාව ඇතුල් කළාට, දරුවා තුළ විශ්වාසය ගොඩ නගන්නට එයට හැකියාවක් නැති බව යි. ළමයා විශ්වාසය ගොඩ නගාගන්නේ, තම පවුල තුළිනි. Generation to Generation! බයිබලීය විශ්වාසයන් පැමිණියේද පරපු‍රෙන් පරපුරට යග මෙය ඉතාමත් වැදගත් දෙයකි. මගේ තාත්තාගේ විශ්වාසය පැමිණ ඇත්තේ, මගේ ආච්චිගෙනි. මට ආගමික විශ්වාසය පැමිණියේ මගේ පියාගෙනි. මගේ දරුවන් විශ්වාසය ‍ගොඩනගා ගන්නේ, මගේ සහ බිරිඳගේ ජීවිත පැවතුම හරහා ය. ආදරය ඉගෙන ගන්නට වෙනත් ක්‍රමවේද නැත. ආදරය ගලා එන්නේ පරම්පරාවෙනි. ආදරය ඉගෙන ගන්නා පාසල, ගෙදර’ ය. විශ්වාසය ඉගෙන ගන්නා පාසල ගෙදර ය.

6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රීති ජයසූරිය

jesustodaysl 2 වන වසර 11 වන සතිය 2018 මැයි 20

Comments powered by CComment