ශිෂ්‍ය අවදියේදි ’මාක්ස්ගේ චින්තනය පුබුදු කිරීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ඔහු ද්විතීය අධ්‍යාපනය ලැබු පාසලයි. එය ඔහුගේ උපන් ගම් ප්‍රදේශ වු ටි‍්‍රර් (ටයර්) හි පිහිටි ජේසු නිකායික පියවරුන් විසින් පවත්වාගෙන ගිය කතෝලික පාසලකි.

කාල් මාක්ස් ගැන කිතුනු මාධ්‍යයක ලිපියක් ඵල කිරිම සාම්ප්‍රදායික කිතුනුවන්ට මරණීය පාපයක් සේ පෙනි යා හැකිය. එහෙත් කාල් මාක්ස් නම් වූ තවමත් ලොව ශ්‍රාස්ත්‍රිය කටයුතු වලදි වැඩියෙන්ම උපුටා දැක්වෙන දාර්ශනිකයාගේ ද්විශතක ඡන්ම සංවත්සරය වෙනුවෙන් ඔහුගේ ක්‍රිස්තියානි මූල්‍යන් ගැන කෙටි සටහනක් තැබීම යෝග්‍යය. යුතුයය.

ජාතිවාදි ආගම්වාදි නායකයින් බදා වැළඳ ගන්නා කිතුනු නායකයින් හා විශ්වාසකයින් බහුතරයට මාක්ස් කියවීම පාපයක් සේ පෙනී යාම අන්ධභාවයේම ප්‍රකාශයක් විනා අන් යමන් නොවේ.

කාල් මාක්ස්, ඔහු උපත ලැබුවේ 1818 මැයි 05 වනදාය. ඒ එදා පර්සියාව ලෙස හැඳින් වූ අද ජර්මනිය ලෙස හඳුන්වන රටේය. මාක්ස් පවුල කාලීන අවශ්‍යතාවයන් අනුව තම නාමයන් හා ආගම ක්‍රිස්තියානි ලෙස වෙනස් කරගත් යුදෙව් වාර්ගිකයින් විය.

ශිෂ්‍ය අවදියේදි ’මාක්ස්ගේ චින්තනය පුබුදු කිරීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ඔහු ද්විතීය අධ්‍යාපනය ලැබු පාසලයි. එය ඔහුගේ උපන් ගම් ප්‍රදේශ වු ටි‍්‍රර් (ටයර්) හි පිහිටි ජේසු නිකායික පියවරුන් විසින් පවත්වාගෙන ගිය කතෝලික පාසලකි.

ටි‍්‍රර් විදුහල ලිබරල්වාදි හා මානවාදි හැඩ ගැස්මක් ලබාදෙන පිළිවෙතත් අනුගමනය කළ යුගයට සාපෙක්ෂව ප්‍රගතිගාමි පාසලක් විය. එහි ඉගැන්වූ ගුරුවරු බොහොමයක් සම්භාවනාවට පාත්‍ර වූ විද්වතුන් විය. නව යොවුන් මාක්ස්ට එය තම නිදහස් චින්තකය විකසිත කර ගැනීමට කදීම තෝතැන්නක් විය.

මාක්ස්ට සරසවියට ඇතුළු වීමට ඉඩ කඩ ලබාද දීමේදි ප්‍රාන්ත විභාග කමිටුව ඔහුගේ යෝග්‍යතාවය සහතික කිරීමට පාදක කරගත් හේතු කීපයකි.  සාමාන්‍ය යහපත් හැසිරීම, ජර්මන් හා සම්භාව්‍ය භාෂා පිළිබඳ හොඳ නිපුණතාවයක් තිබීම. ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ හොඳ දැනුමත් තිබීම. ගණිත පිළිබඳ හොඳ දැනුමක් හා භෞතික විද්‍යාව පිළිබඳ සාමාන්‍ය දැනුවත් තිබීම.

මාක්ස් නම් යව්වනයා සතුව ක්‍රිස්තියානිය පිළිබඳ හොඳ දැනුමක් තිබු අතර ඔහු ටි‍්‍රයර් හි උසස් ශාස්ත්‍රාලය තුළදි ඉදිරිපත් කළ විභාග රචනා වලින් ප්‍රකාශයට පත් වු රචනා දෙකක් ඔහුගේ ධාර්මික බව පෙන්නුම් කරයි. ඒවා නම් ”වෘතිත්යක් තෝරා ගැනීම පිළිබඳ තරුණයෙකුගේ ප්‍රත්‍යාවේක්ෂණයක්” හා ”ක්‍රිස්තුස් වහන්සේ සමඟ විශ්වාසකයින්ගේ එකමුතුවයි” මේ රචනා දෙක තුළම ඔහු කෙරෙහි වූ ක්‍රිස්තියානි ආචාර ධාර්මික බලපෑම හා ඔහු තුළ වූ මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා කැපවීමේ ගුණය දැකිය හැකිය.

මෙහි පෙර කී පළමු ලිපියේ උපුටා ගැනීමකි පහත දැක්වෙන්නේ.

ගෞරවන්නීයත්වය ලබා දිය හැක්කේ දින අතකොළු නොවී අපට අපගේම වපසරිය තුල ස්වාධිනව ක්‍රියා කල හැකි වෘත්තියට ය  ගෞරවනීයත්වය ලබා දිය හැක්කේ, යටත් පිරිසෙයින් මතු පිට පෙනුමින් පාව දෝෂ දර්ශි වන ක්‍රියාවන් ඉල්වා නොසිටින. හොඳම පුද්ගලයාට උදාර අභිමානයකින් යුක්තව යෙදිය හැකි වෘත්තියටය. මෙය වැඩියෙන්ම සහතික කරන වෘත්තීය හැම විටම උසස් නොවේ. නමුත් හැම විටම එය හොඳම වෘත්තිය වෙයි.

ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක් අපව පහත් තත්වයකට ඇද දමන්නාක් සේම අප විසින් පසුව සාවද්‍ය යැයි හඳුනාගනු ඇති අදහස් මත පාදක වූ වෘත්තියක බරටද අපව යට වී යනු ඇත.

එහිදි ආත්ම චංචනය Self Deception හැර අන් පිහිටක් අපට නොපෙනේ. ආත්මය පාවාදීම සහතික කරන වෘත්තියක් යනු කෙතරම් නම් අපෙක්ෂා භංග වු ගැලවීමක්ද?

ජීවිතය පිළිබඳව එතරම් දුරට නොසලකන සහ එමෙන්ම එයට ප්‍රතිවිරුද්ධ ලෙස වියුක්ත සත්‍යයක් මත සාවධානිත වී ඇයි වෘත්තීන්, තම මූලධර්මයන් තවමත් හැඩගැසී නොමැති, සිය අවබෝධය තවමත් ශක්තිමත් සහ අචල වී නොමැති තරුණයකුට අතිශයින්ම හානිකරය. එහෙත් ඒ අතරම මේ වෘත්තීන් අප හදවත් තුල ගැඹුරට මුල් බැස තිබේ නම් සහ ඒවා තුල බල පවත්වන අදහස් උදෙසා අපගේ ජීවිත හා සියලූ ප්‍රෝත්සාහයන් පරිත්‍යාග කිරිමෙහිලා අප සමත් වේ නම් ද ඒවා අත්‍යුත්කෘෂ්ඨ සේ පෙනී යා හැකිය.

තමන් කරා කැඳවු තැනැත්තාට සන්තුෂ්ටිය ප්‍රධානය කිරිමට ඒවාට හැකිය. අදූරදර්ශි හදිසියකින් යුතුව, ප්‍රත්‍යාවේක්ෂණයකින් තොරව සහ මොහොතෙහි අවශ්‍යතාවයට යටත්ව තමන්ව වැලඳ ගන්නා තැනැත්තාව ඒවා විසින් වනසා දමයි.

අනෙත් අතට අපගේ වෘත්තිය පදනම් වී ඇති අදහස් පිළිබඳව අපට ඇති උසස් ආකල්පය, අපට සමාජයෙහි ඉහල ස්ථානයක් ප්‍රධානය කරයි. අපගේම ගරුත්වය විනාශ කරයි. අපගේ ක්‍රියාවන් අනභිභවනීය බවට පත් කරයි.

තමන් ඉහලම ගෞරවාදරයෙන් සලකන වෘත්තියක් තෝරාගන්නා කවුරුන් වූවද ඒ කෙරෙහි අගෞරවනීය වීම පිළිබඳ අදහස ඉදිරියේ කිලිපොලා යනු ඇත. සමාජයෙහි තම ස්ථානය උදාර වන හෙයින් ඔහු උදා ලෙස ක්‍රියා කරනු ඇත.

කෙසේ වූවද වෘත්තියක් තෝරා ගැනීමේදි අපට මඟ පෙන්විය යුතු ප්‍රධාන මූලධර්මය නම් මනුෂ්‍ය සංහතියේ සුභ සිද්ධිය මහ අපගේම පරිසමාප්තියයි. මෙම උත්සුකතාවයන් දෙක එකිනෙක සමඟ ගැටෙන බව හෝ එකක් විසින් අනෙක වනසා දැමිය යුතු යයි හෝ නොසිතිය යුතුය. ඊට ප්‍රතිපක්ෂව, තම සමාජයේ පරිසමාප්තිය සහ සුභ සිද්දිය උදසො කටයුතු කිරීම මගින් පමණක්ම තමන්ගේම පරිසමාප්තිය සාධනය කරගත හැකි වන පරිදි මිනිසාගේ ස්වභාවය සැකසී ඇත.

තමන් සඳහා පමණක් පුද්ගලයෙක් කටයුතු කරයි නම් ඔහුට ඇතැම් විට ප්‍රකට ශාස්ත්‍රඥයෙකු මහා ප්‍රාඥයෙකු හෝ කැපී පෙනෙන කවියකු විය හැකිය. එහෙත් පරිපූර්ණ සහ සැබැවින්ම ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමට නම් ඔහුට නොහැකිය.

පොදු යහපත සඳහා කටයුතු කිරිම මගින් තමන්වම උදාරත්වයට පත් කරගත් ශ්‍රේෂ්ඨතමයින් ලෙස ඉතිහාසය එම මිනිසුන්ව හඳුන්වනු ඇත. බොහෝ මිනිසුන් සතුටට පත් කල තැනැත්තා අතිශ්‍යනිම සතුටට පත් තැනැත්තා වශයෙන් අත්දැකිම විසින් ප්‍රශංසාවට බඳුන් කරනු ඇත. ආගම පවා අපට උගන්වන්නේ සැවොම අනුගමනය කිරීමට පරිශ‍්‍රම දරන ඒ පරමාදර්ශි පුද්ගලයා, මනුෂ්‍ය සංහතිය උදෙසා තමන්වම පරිත්‍යාග කල බවයි. මෙබඳු විනිශ්චයන් හිස් ප‍්‍රලාබ බවට පත් කිරීමට තරම් නිර්භීත වනු ඇත්තේ කවරහුද?

මනුෂ්‍ය සංහතිය උදෙසා වැඩියෙන්ම දායකත්වයක් කල හැකි වෘත්තියක් අප විසින් තෝරාගනු ලැබ ඇති කල්හි, කිසිදු බරකට අපව බිමට පාත් කල නොහැකිය. මන්ද, ඒවාද සියල්ලන්ගේම යහපත උදෙසා කල පරිත්‍යාගයන් වන බැවිනි. එවිට අප කිසිිඳු පටු, සීමිත, ආත්මාර්ථකාමි සතුටක් අත් නොවිඳිනු ඇත. අපගේ සතුට ලක්ෂ සංඛ්‍යාත ජනකායකට අයත් වනු ඇත. අපගේ ක්‍රියාවන් නිහඬ වූවද සදාකාලිකවම පවතිනු ඇත. අපගේ භෂ්මාවශේෂයන් මත උතුම් මිනිසුන්ගේ උණු කඳුළු වැගිරෙනු ඇත. (උපුටා ගැනීම අවසානයි) (ඩෙස්මන් මල්ලිකාඅාරච්චිගේ මාක්ස්වාදී රචනා පොතෙනි.)

මාක්ස් ද්විතීය අධ්‍යාපනයෙන් පසු ඔහුව බොන් විශ්ව විද්‍යාලයට ඇතුලත් කළේ නීතිඥයකු වූ තාත්තාගේ පුතාව ද නීතිඥායෙකු කිරීමේ සිහිනය වෙනුවෙනි. එහෙත් ඔහු එහිදි යොමුවූයේ සාහිත්‍ය හා දර්ශකය වෙතටයි. දෙවන වාරයෙන්ම බොන් විශ්ව විද්‍යාලයේ ගමන නවතා දැඩි පිළිවෙතක් සහිත බර්ලින් විශ්ව විද්‍යාලය වෙත යොමු කළත් පියාගේ සිහිනය ඉටු නොවින. ඔහු එහිදි එම විශ්ව විද්‍යාලයේ කීර්තිමත් මහචාර්ය හේගල්ගේ අනුගාමිකයික් පිහිටුා ගෙන තිබුණු ’තරුණ හිගලියානුවෝ' සංවිධානයට බැඳිනි.

මාක්ස් තරුණයාගේ මේ ස්වභාවය පුදුමයක් නොව බව ඉහත උපුටා දැක් වූ ලිපි කොටස අනුව තේරුම්ගත හැකිය.

භෞතිකවාදියෙකු බවට පත්වූවද ඔහු පේ‍්‍රමාන්විත මිනිසෙකු විය. කිතුනුවන් ඇතුළු බොහෝ දෙනා භෞතිකවාදය අර්ත දක්වන රථ ස්වභාවය මාක්ස්ගේ භෞතිකවාදය තුළවත් ජීවිතය තුළවත් නැති බව ඉතා පැහැදිලිය. ඔහු රටේ පාලන තන්ත්‍රය හා ඉහල සබඳතා තිබු රදල පවුලක දියණියක සමඟ පෙමින් බැදුණු අතර ඒ පේ‍්‍රමය විවාහයෙන් කෙළවර විය. ජෙනී වෙස්ට්පාලියන් මාක්ස් සමඟ අප්‍රමාණ දුෂ්කරතා සහිත ජීවිත ගමනක සහකාරියක වූයේ උතුම් අරමුණ උදෙසා කැපවූ ස්ත්‍රිරියකගේ ආදර්ශයක් වෙමිනි. ඒ සඳහා මාක්ස්ගේ ලතෙන් මාකස්වාදි හදවත හේතු විය.

ඔහු ලියු ආචාර්ය උපාධි නිබන්ධනය පිළිගැනීම නිසා ඔහුට ආචාර්ය උපාධිය පිරිනැමුනි. එහෙත්, ක්‍රමයට පක්ෂපාත උගතෙකුගේ භූමිකාව වෙනුවට ක්‍රමය වෙනස් කිරීමේ භූමිකාවට පණ පෙවු දාර්ශනිකයෙකුගේ භූමිකාවට පණ පෙවීමට ක්‍රියා කිරීමත් සමඟ ඔහු රටින් පිටුහල් කරනු ලැබීය. තම රටින් පමණක් නොව රටවල් කීපයකින් ඔහුව පිටුවහල් කෙරුනි. තම පියාගෙන් උරුම වූ දේපල බෙල්ජියම් කම්කරු ව්‍යාපායරට ඔහු පිරිනැමිය. අවසන බි‍්‍රතාන්‍යයට පැමිණි ඔහු මිය යන තුරුම එහි ජීවත් විය. මේ ගමන ජුසේ තුමා මරිය තුමිය හා බෙත්ලෙහෙමට ගිය ගමනටත් වඩා දුෂ්කර විය. ඔහු ඒ ගමන ගියේ තම ගැබ්බර බිරිඳ සමඟය. ඔි තම සැමියා අත් නොහැරියය. රදළ සැප සම්පත් අත් හැරියාය.

මාක්ස්ගේ චින්තනයේ වඩා වැදගත් කොටස ඔහුගේම වචන වලින් මෙසේය.

”දාර්ශනිකයින් ලෝකය විසිතුරු ලෙස විස්තර කර ඇත. එහෙත් වැදගත් වන්නේ ලෝකය යහපත් තැනකට වෙනස් කිරීමයි”

ඔහු ඒ වෙනස සඳහා ආලෝකයක් සැපයු දාර්ශනිකයා විය.

jesustodaysl 2 වන වසර 11 වන සතිය 2018 මැයි 20

Comments powered by CComment