අාහාර අනුපාත දර්ශකය සලකා බැලු විට දී තව දුරටත් මේ තත්වය පැහැදිලි වේ. කිලිනොච්චි මඩකලපුව හා මූලතිව් දිස්ත්‍රික්ක තුළ සිටින කුටුම්භ සිය සමස්ථ වියදම් කිරීම් වලින් අඩකටත් වඩා අාහාර සඳහා වැය කරයි. ඉහත දිස්ත්‍රික් තුනට පසු වැඩීම අවාසිදායක තත්වයක් පෙන්නුම් කරන අනිත් දිස්ත්‍රික්ක තුනද යුධ ගැටුම් පැවැති ප්‍රදේශයි. එනම් මන්නාරම, ත්‍රිකුණාමලය හා අම්පාරයි.

දකුණේ සිංහල බහුතරයට යුධ ජයග්‍රහණයකි. උතුරේ බහුතර ද්‍රවිඩයට ජන සංහාරයකි. දෙමළ ජනයාට අැති ප්‍රශ්නය කුමක්දැයි අසමින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කළාම ප්‍රශ්නය ඉවරයි කියු ඊනියා බුද්ධිමතුන් හේතු ඵල ධර්මතාවය නොසලකා හරිනි.

මේ කෙටි සටහන ජේසුගේ වචනයෙන් නම් අස අසාත් නොඅසන, දැක දැකත් නොදකින සත්‍ය වෙත යොමු වන්නට පුංචි ඉගියකි. ඊනියා යුධ ජයග්‍රහණයෙන් වසර 9 කට පසුත් මෙරට දෙමළ ජනයා අනාගතයේදී යුද්ධයක් වෙත ගෙන කරුණු කාරණා පවතිනවා මිස එ් හේතු නැති කිරීමට ගන්නා නිසි ක්‍රියාමාර්ග නම් නොපෙනේ.

යුධ සමයේදි හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් අාපසු දෙමළ ජනයාට දීම භයානක දේශද්‍රෝහි ක්‍රියාවක් බව පිටු පුරා ලියන ලියනප්පුලා සිටින රටකි මේ. කප්පම් සඳහා දෙමළ තරුණයන් මරා දැමුවන් අත් අඩංගුවට ගැනීම රණවිරුවන් පාවා දීමකියි කියන ජාතියේ මුර දේවතාවුන් සිටින රටකි මේ.

පහත දැක්වෙන්නේ රජයේ සංඛ්‍යා දත්ත අනුව 2016 ජනගහන දරිද්‍රතා දර්ශකයේ තොරතුරුය. ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය 4.1 කි. නමුත් එය නාගරික 1.9 කි. ග්‍රාමියව 4.3 කි. වතු  අංශයේ එය 8.8 කි. එනම් වතු අංශයේ දරිද්‍රතාවය නාගරික දරිද්‍රතාවය මෙන් හතර ගුණයකට වඩා වැඩිය. ග්‍රාමීය දරිද්‍රතාවය මෙන් දෙගුණයකට වඩා වැඩිය. වතු අංශය යනු මේ රටට විදේශිය විනිමය ගෙනන ජනතාවයි. මේ ජනතාව රජයට එරෙහිව කැරැලි ගැසුවොත් එය ත්‍රස්තවාදය සේ අර්ථ දැක්වීම සාධාරණද?

දැන් අපි ප්‍රදේශ අනුව ජනගහන දරිද්‍රතා දර්ශකය සලකා බලමු.

සිංහල බහුතරයක් සිටින දිස්ත්‍රික්ක

කොළඹ            0.9

ගම්පහ            2.0

හම්බන්තොට      1.2

කළුතර            2.9

ගාල්ල             2.9

අනුරාධපුරය      3.8

පොළොන්නරුව   2.2

මාතර             4.4

මොනරාගල       5.8

වතු අංශය අැති දිස්ත්‍රික්ක

මහනුවර          5.5

නුවරඑළිය        6.3

බදුල්ල            6.8

රත්නපුර          6.5

කෑගල්ල          7.1

දෙමළ බහුතරයක් සිටින දිස්ත්‍රික්ක

කිලිනොච්චි      18.2

මූලතිව්           12.9

මඩකලපුව       11.3

ත්‍රිකුණාමලය     10.0

යාපනය          7.7

මේ කරුණු දෙස බැලු විට අපට පෙනී යන්නේ කුමක්ද ?

දෙමළ ජනයාට අැති ප්‍රශ්න අතරින් එකක් වන්නේ ඔවුන්ගේ ප්‍රදේශවල පවතින දුප්පත්කම සඳහා පිළියම් නොලැබීමයි. යුද්ධාවසානයට පසු වසර 9 ක් ගෙවන විටත් තත්වය මෙය නම්, අනාගතයේදී තවත් යුද්ධයකට හේතු මෙහි සැඟවී නැද්ද?

දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශ වල සීමිත අාදායම් මාර්ගවලින් මේ ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත් කර ගැනීමද ඊට හේතුවකි. ඉඩම් අාපසු ලබාදීම සේම හමුදාව අත්පත් කරගෙන සිටින, නිරත වන අාදායම් මාර්ගද ජනතාවට දිය යුතුය. රජයේ පඩි ලබන හමුදාවක් සිවිල් වැසියන් කරන රැකියාවල්ද අත්පත් කර ගැනීම සිවිල් වැසියන්ට බලවත් අසාධාරණයකි.

අාහාර අනුපාත දර්ශකය සලකා බැලු විට දී තව දුරටත් මේ තත්වය පැහැදිලි වේ. කිලිනොච්චි මඩකලපුව හා මූලතිව් දිස්ත්‍රික්ක තුළ සිටින කුටුම්භ සිය සමස්ථ වියදම් කිරීම් වලින් අඩකටත් වඩා අාහාර සඳහා වැය කරයි. ඉහත දිස්ත්‍රික් තුනට පසු වැඩීම අවාසිදායක තත්වයක් පෙන්නුම් කරන අනිත් දිස්ත්‍රික්ක තුනද යුධ ගැටුම් පැවැති ප්‍රදේශයි. එනම් මන්නාරම, ත්‍රිකුණාමලය හා අම්පාරයි.

මේ අනුව පැහැදිලි වන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල මිනිසුන්ගේ ජීවිත නඟා සිටුවන සංවර්ධනයක් සිදු නොවන බවයි. 2017 වසරේ නාගරික සංවර්ධන අධිකාරිය ඵල කළ දැන්වීමක එම අායතනයේ සංවර්ධන ව්‍යාපෘති වැය වලින් ඉතාම අල්ප වැයි කිරිම් කරන පලාත් දෙක ලෙස පැහැදිලිව පෙනී ගියේ උතුර හා නැගෙනහිරයි. 

jesustodaysl 2 වන වසර 11 වන සතිය 2018 මැයි 20

 

Comments powered by CComment