මැයි 30 දිනයට තම පාරම්පරික භූමියෙහි කූඩාරම් ලා සතියකි. එදින එහි නැවතී සිටින වැඩිහිටි පිරිසට අමතරව තවත් විශාල පිරිසක් එක් වී සිටියහ. ඔවුහු නම් මෙම පවුල්වල දරුවන්ය. තම ආච්චිලා, සීයලා, අක්කලා, තාත්තලා ඉපදුණු හැදුණු වැඩුණු එම පින්බර භූමිය ඔවුන්ගේද උරුමයි.

පොල් අතු පැලක් වූවද, මාලිගාවක් වූවද තම ‘ගෙදර’ තරම් සුන්දර වූ නිදහස් වූ තැනක් තවත් නොමැති තරම්ය. කොහේ ගියත් ‘ගෙදර යන්නේ කොයි වෙලාවේද? කියා සිතන්නේ ඒ නිසාමය. 

2018.05.03.11

එය එලෙස වන විට තම ගෙදරින්, භූමියෙන් එළවා දමා පලවා හැර උදුරාගෙන වෙනත් කවුරුන් හෝ තම නිවසේ බලහත්කාරයෙන් පදිංචි වූ විට ඇතිවන තත්වය හා ඇති වන හැගිම් වචනවලට නැගිය හැක්කේ, එම තත්වයට මුහුණ දුන්  හා මුහුණ දෙන අයට මිස වෙනත් කිසිවෙකුටවත් නම් නොවේ.

මුල්ලිකුලම (මන්නාරම් දිස්ත්‍රික්කය) ඉරනතීවු (කිලිනොච්චි දිස්ත්‍රික්කය) කෙප්පාපිලාවු (මූලතිව් දිස්ත්‍රිස්තිකය) යනු සංහාරක යුද්ධයෙන් පසු තමන්ගෙන් උදුරාගෙන, තමන්ට අහිමිකල, එහෙත් දැනට ශ‍්‍රී ලංකා සන්නද්ධ හමුදා අත්පත් කරගෙන තිබෙන ආයාචනා කලත් නොදෙන නිසාම, තමන්ගේ එම පාරම්පරික භූමිය, නිවස නැවත ලබා ගැනිම අරමුණින් යුතුව අඛණ්ඩ අරගල, විරෝධතා වල යෙදී සිටින ගම්මාන කීපයකි. 

ඉරණතිවු දූපතෙන් පිටමං කරන ලද ජනතාවගේ විරෝධතාවයට වසරක් පිරුනේ පසුගිය අපේ‍්‍රල් 23 ටය. තම භූමිය උදුරාගත්තාවුන්ගෙන් කිසිම යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන නිසාම ඔවුහු 23 දා දැඩි තීරණයක් ගෙන නිර්භීත පියවරක් තැබුහ. එනම් මුලංකෝවිල්, ඉරණමාතානගර් වෙරළේ සිට මුහුදු සැතපුම් 12 ක් එපිටින් පිහිටි ඉරණතීවු දූපත නම් වු තම භූමියෙහි පදිංචි වීමට එදිනම ගමන් ඇරබිමටය. පෞරාණික දේවස්ථානය හා තවත් ගොඩනැගිලි දෙකක් හැර තම නිවසේද ඇතුලූව සියල්ල විනාශ වී ඇති බැවින් එහි නවාතැන් ගත්තේ වැඩිහිටියන් පිරිසක් පමණි.

මැයි 30 දිනයට තම පාරම්පරික භූමියෙහි කූඩාරම් ලා සතියකි. එදින එහි නැවතී සිටින වැඩිහිටි පිරිසට අමතරව තවත් විශාල පිරිසක් එක් වී සිටියහ. ඔවුහු නම් මෙම පවුල්වල දරුවන්ය. තම ආච්චිලා, සීයලා, අක්කලා, තාත්තලා ඉපදුණු හැදුණු වැඩුණු එම පින්බර භූමිය ඔවුන්ගේද උරුමයයි.

2018.05.03.12

සියලූ දෙනා තුල දක්නට ලැබුණේ පුදුමාකාර සතුටකි. සිනහවෙන් පිරුනු මුහුණු කියා පෑවේ අලූත් ජීවිතයක් ලත් බවයි. පොඩි එවුන් පිරිසක් මුහුදේය. තව පිරිසක් දුව පණිමින් සෙල්ලමේය. තව කොටසක් ගස් සෙවනේ හිඳ සතුටු සාමිච්චියේය. වැඩිහිටියෝ තමන්ගේ නිවෙස් තිබු තැන් හෙලි පෙහෙලි කරමින් තාවකාලික කූඩාරම් තැනීමට වෙහෙසෙති. දූපතට අලූත් ජීවයක් ලැබී ඇත. දූපත වටා නිශ්චල මුහුද ඔවුන් එනතුරු බලා සිටිනවා වැනිය. බාල්දියක්, බේසමක් අතට ගත් තවත් වැඩිහිටි ළමා පිරිසක් බෙල්ලෝ (මට්ටි) එකතු කිරීමේ යෙදිලාය.

2018.05.03.13

ඔවුන් අත්දකින්නේ පුදුමාකාර සතුටකි. නිදහසකි. මීට පෙර ඔවුහු එම බිමේ නිදහසේ ජීවත් වූහ. එය උදුරාගනු ලැබුහ. නැවතත් ඔවුහු එය අත්පත් කරගෙන ඇත.

එය මිනිසාගේ උරුමයයි. අයිතියයි. එය දෙවියන් දුන් නිදහසයි. තව කෙනෙකුට එය උදුරාගත නොහැක. එනම් අනුලංඝණීයයි. එහෙත් එම ශුද්ධ වු උරුම අයිතිය බොහෝ දෙනෙකුගෙන් උදුරාගෙන අහිමි කර ඇත. විශේෂයෙන් උතුරු නැගෙනහිර භූමිය උදුරාගෙන ඇත්තේ ”ජාතික ආරක්ෂාව” නැමැති තර්කය ඉදිරිපත් කරමිනි. එහෙත් එය මුසාවකි, රැවටීමකි, නොමඟ යැවීමකි. බලධාරින් නොයෙකුත් ප්‍රයෝගයන් තුලින් ජනතා අයිතින් ආපසු දෙනු ඇතැයි සිතමින් ඔවුන්ගේ මුසාබස්වලට රැවටීමෙන් වැලකිය යුතුය. අයිතින් දිනාගත යුතුය. ඒ සඳහා අරගල කල යුතුය.

ඉරණතීවු ධීවර ජනතාව එය සනාථ කර ඇත. ඔවුහු අපට ද ශක්තියෙකි. ආදර්ශයෙකි.

6cac3e4af71ab8dda6dba234a97e4887 ගරු ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා

jesustodaysl 2 වන වසර 9 වන සතිය 2018 මැයි 06

Comments powered by CComment