ශ‍්‍රම සූරාකෑම දේව සමානකම සූරාකෑමයි. දෙවියන්ව සූරා කෑමයි. ලොව ඇති දරුනුම ව්‍යුහගත පාපය ශ‍්‍රම සූරාකෑම ලෙස සැලකිය යුත්තේ අනිකුත් සෑම ව්‍යුහගත පාපයකම පදනම එය වන නිසාය.

ශ‍්‍රමය පූජනීය බව ශ‍්‍රමය පිළිබඳ දෙව් දහමේ ප්‍රධාන ඉගැන්විමයි. ශ‍්‍රමය මැවුම්කරුවාගේ සමානකමයි. ශ‍්‍රමය මැවුම්කරුවාණන්ගේ සමානකමේ මූලික හැඩ රුවකි. එනම් මැවීමේ ගුණය, නිර්මාණශීලිබව මිනිසා තුළට කා වද්දා ඇත්තේ ශ‍්‍රමය මඟිනි.

මානව ඉතිහාසය තුළ  ශ‍්‍රමයේ දෙව් අරුත සුනු විසුනු වීම ඇරඹෙන්නේ ශ‍්‍රම සූරාකෑම ආරම්භ වීම සමඟිනි. 

ශ‍්‍රම සූරාකෑම දේව සමානකම සූරාකෑමයි. දෙවියන්ව සූරා කෑමයි. ලොව ඇති දරුනුම ව්‍යුහගත පාපය ශ‍්‍රම සූරාකෑම ලෙස සැලකිය යුත්තේ අනිකුත් සෑම ව්‍යුහගත පාපයකම පදනම එය වන නිසාය.

කායික ශ‍්‍රමය හා මානසික ශ‍්‍රමය

ශ‍්‍රමය කායික හා මානසික ශ‍්‍රමය ලෙස බෙදාවෙන් කිරීම සමඟ ශ‍්‍රමිකයා උස් පහත් ලෙස වර්ගිකරණයට ලක් විය. මෙයද දේව කැමැත්තට පිටුපෑමකි.

කායික ශ‍්‍රමය වගුරුවන්නා කම්කරුවා ලෙසත් මානසික ශ‍්‍රමය වගුරවන්නා කළමකරු ලෙසත් නාමකරණය විය. දෙදෙනාම වැටුප් ලබන්නන් වූවත් ඒ අරුතින් කම්කරුවන් වූවත් කළමනාකරුවවන් කම්කරුවාව නියෝජනය නොකරයි.

මේ දෙකොට්ඨාශය අතර ආදායම් පරතරය අහසට පොළව මෙනි. ඉහල සන්නම් නාමයක් සහිත ඇඟළුම් කම්හලක ඇඟළුම් සේවිකාවන් ජීවිත කාලය තුළම උපයන වැටුප එම කම්හලක ඉහළ පරිපාලකයෙකු දින හතරකදි උපයන බව ගණනය කර ඇත.

කිතුනු යැයි කියාගන්නා කළමනාකරුවන්ද, තම වැටුප වැඩි කර ගැනීමට දරන උත්සහයන් අංශු මාත්‍රයක උත්සහයක්වත් තමා යටතේ සේවය කරන කම්කරුව්නගේ වැටුප් වර්ධනය කර දීමට නොදරති.

නමුත් සත්‍යවන්නේ අයිකරුවන් ලබන ලාභය හා කළමනාකරුවන් ලබන ඉහළ වැටුප් යනු කම්කරුවාට නිසි පරිදි නොගෙවා ලබා ගන්නා දේ බවයි. ඉතා පැහැදිලිව ඔවුන්ගේ ලාභය හා ඉහළ වැටුප් යනු කම්කරුවාගේ රුධිරය උරා බීමකි. ශුද්ධ වු බයිබලය ශ‍්‍රම සූරාකෑම ලේ වැගිරීමක් ලෙස හඳුන්වා දෙන්නේ ඒ නිසාය.

රාජ්‍ය හා පෞද්ගලික සේවකයා

ශ‍්‍රී ලංකාව තුළ රාජය සේවකයා යනු රටේ අනිකුත් මිනිසුන්ගෙන් යැපෙන පරපුටුවන් පිරිසක් බවට පත් ව සිටි. ශ‍්‍රමයට සරිලන සේවයක් නොකරන පිරිසක් වෙත්නම් රාජ්‍ය සේවකයින් බහුතරය ඊට අයත් වෙති.

පෞද්ගලික අංශය වල දහඩිය හලන මිනිසුන්ගෙන් උපයන බඳු මුදල්ද රාජය සේවකයින් විවිධ වරප‍්‍රසාද ලෙස භූක්ති විඳිති. රාජ්‍ය සේවකයා ඒ අරුතින් අන් අයගේ ලේ උරා බොන්නෙකුගේ තත්වයට පත්ව ඇත.

විශ‍්‍රාම වැටුප් සිට රාජ්‍ය සේවකයා ලබන වරප්‍රසාද මෙන්ම රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණ අක්‍රමිකතාද සැලකිල්ලට ගත් විට මේ තත්වය ඉතා බරපතලය.

ලෝකය තුළ රාජ්‍ය සේවක අනුපාතය ජනගහනයෙන් 250 කට එක් අයකි. නමුත් ලංකාවේ රාජ්‍ය සේවක අනුපාතය ජනගහනයේන 15 කට එක් අයෙකි. මේ අනුව ලංකාවේ රාජය සේවය රටට කොයිතරම් බරක් දැයි තේරුම්ගත හැකිය. දේශපාලකයින් තම හිතවතුනට සලකන ප්‍රධාන ආකාරය රජයේ රැකියා සැපයීමයි. ඒ නිසා බොහෝ ආයතනවල සේවක අතිරික්ත පවතී.

රාජ්‍ය සේවය රටට කරන බලපෑම වත්මන් මහ බැංකු අධිපතිවරයා වචන ගත කර තිබුනේ ”එය ශී‍්‍ර ලංකාවේ පරම්පරා අතර තබා ඇති කාල බෝම්බයක් වශයෙනි.

බොහෝ උපාධිධාරින්ද රාජ්‍ය සේවය තෝරාගන්නේ පහසුව නිකම් සිටීම හා වරප්‍රසාද වෙනුවෙන් බව පෙනී ගොස් තිබේ.

වඩුවෙකුගේ දහමක්

කම්කරු දිනය යෙදෙන මැයි 01 කතෝලික සභාව කම්කරු ජුසේ මුනිඳුන්ගේ මංගල්‍ය සමරයි. නමුත් එම මංගල්‍ය සැමරීම කම්කරු ජීවිත වල ගුණාත්මක වෙනසක් සමඟ කිසිදු ආකාරයකට බැඳි නැත. එය හුදු තවත් එක මංගල්‍යයක් පමණි.

අනිත් අතට ජේසුස් වහන්සේ ද කම්කරුවෙකු බව වඩු කාර්මිකයෙකු බව මතු නොකරයි. සැබැවින්ම කිතුනුවන්ගේ ස්වාමියා ජුදා වඩුකාර්මිකයෙක්. එය අභිමානයෙන් ප්‍රකාශ කළ යුතු අතරම එතුමාට දැක් විය හැකි ඉහළම ගෞරවයක් වන්නේ ලෝකය තුළ කම්කරුවන්ගේ තත්වය නඟා සිටුවීමයි.

වෙහෙසන බර උසුලන මිනිසුන් දිනෙන් දින පීඩාවෙන් පීඩාවට පත් වන්නේ ඇයි ? ”වෙහෙස වන්නාවුද බර උසුලන්නාවුද සියල්ලෙනි මම ඔබට සහය දෙමි” යි කී සමිඳුන්ගේ අනුගාමිකයෝ ඒ සහනය ගැලවීම ලබා දීමට ක්‍රියා නොකරන නිසාය.

 

  6cac3e4af71ab8dda6dba234a97e4887සුභාෂ් කළුතරගේ

jesustodaysl 2 වන වසර 8 වන සතිය 2018 අප්‍රේල් 29

 

Comments powered by CComment