පාප් වහන්සේ ගේ මෙම විශ්ව ප්‍රකාශයට අනුවල අාචාර ධර්මවලට පදනම’ වන්නේ දෙමව්පියෝ විශ්වාස කළහැකි අය බවට පත්ව සිටීම ය. මෙය අප වැඩිදුරට නොසිතන පැත්තකි. "මට මගේ අම්මව ෂුවර්.....”  එසේත් නැතිනම්, කවුරු නැතත්, මට මගේ තාත්තව ෂුවර්” යැයි දරුවෙකුට පවසන්නට හැකි විය යුතු ය. තමාගේ ජීවිතයේ ඕනෑම තැනකද මගේ තාත්තා සහ අම්මා මා සමග ඉඳියි’ යන විශ්වාසය දරුවෙකුගේ සිතේ පැවතිය යුතු ය. අපට දෙවියන් වහන්සේ ගැන ද ඇත්තේ එවැනි විශ්වාසයකි. උන්වහන්සේ තමා ගේ දරුවන් කිසිවෙකුත් අතහරින්නේ නැත.  තමාගේ දෙමව්පියන්ව විශ්වාස කළ නොහැකි යැයි’ දැනෙන දරුවෙකුගේ ආචාර ධර්ම අධ්‍යාපනය අසාර්ථක ය.

හොද අධ්‍යාපනයක සහතිකය කුමක්ද ?

ළමයා හොඳින් ඉගෙන ගත්තා යැයි කියන්න ඇති සහතිකය කුමක් ද? 

සුදොතුම් පියා ඒ ගැන ද කතා කරයි.

උන්වහන්සේට අනුව එම සහතිකයේ කරුණු 2 ක් ඇත.

  • දරුවා හොඳ අධ්යාසපනයක් ලබා ඇත්නම්, තම ජිවිතයට මෙන් ම, අනුන් ගේ පැවැත්ම කෙරෙහිත් තමාට වගකිමක් ඇතැයි යන හැඟීම ඔහු තුළ පැවතිය යුතු ය. මගේ ජිවිතයත්, මා ආදරය කරන මගේ පවුලේ සහ සමාජයේ අයගේ ජිවිතවල වගකීමක්, මගේ අතට ද දී ඇති බව ඔහුට හැඟේ. මගේ අතින් ද ඔවුන් වෙනුවෙන් යමක් සිදුවිය යුතුව ඇති බව එවැන්නෙක් වටහා ගනී. අද කොතරම් උගත්තු හිටියත්, ඔවුන්ට තම දෙමව්පියන්ගේ ජීවිත ගැනවත් හැඟීමක් නැත. එවිට අනික් අය ගැන ඇති හැඟීම පිළිබඳ කියනුම කවරේද ? 
  • ‘නිදහස’ යනු මහා තිළිණයක් බව වටහාගත් පුද්ගලයෙක් බවට දරුවා පත්වේ. මේ ලෝකයේ මහා ප්‍රහර්ශයකින් යුතුව ජීවත් විය හැක්කේ, පුද්ගල නිදහස උපරිමයෙන් ලබන තැනැත්තන් ය. ඔවුන් පාපයට හෝ වෙනත් දේවල් වලට වහලෙක් වන්නේ නැත.  නිදහස  යනු දෙවියන් වහන්සේ දුන් තෑග්ගකි. එය තමාට ඕනෑ ඕනෑ ආකාරයට යොදවා ගන්නට බැරි බව ඔහු දනී. නිදහස වගකීමකින් භාවිතා කරන්නා, හොඳින් ඉගෙනගෙන ඇති දරුවෙකි. 

ඉහත කි කාරණා දෙක සපුරා ගෙන නැතිනම්, යමෙක් හොඳින් ඉගෙන ගෙන සිටින්නෙක් නොවේ. 

මීළඟට පාප් වහන්සේ පවසන්නේ, දරුවන්ගේ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ සැලකිලිමත් වන ලෙසට යි. දරුවන්ගේ සාරධර්ම, ඔහුගේ ජීවිතයේ යහපත් දේවල් වලට වගකිව යුතු වන්නේ, පවුල යි. දරුවාගේ පූර්ව පාසල පවුල යි. එමනිසා දරුවෙකුගේ පළමු පාසල පෙර පාසල’ නොවේ. තම පවුල යි. උන්වහන්සේ පවසන්නේ, පළමු ගුරුවරු දෙමව්පියන් බව ය. බුදුරජාණන් වහන්සේ මෙය ඉතා ලස්සන වචන වලින් දක්වා ඇත. දෙමව්පියන් යනු ළමයින් ගේ පූර්වාචාර්යවරුන්  බව උන්වහන්සේ දේශනා කර ඇත. එනම්, පළමු ගුරුවරුන් ය. එමනිසා දරුවන් යහපත් ලෙස ගොඩනැගී නැත්නම්, දෙමව්පියන් ඒ පිළිබඳ වගකිව යුතුය.

දරුවන් ඉගෙන ගන්නේ කොයි වයසේ දී ද ? මතක තබාගන්න. දරුවන්ගේ මොළයේ වර්ධනය, ඔහුට වසර 6 පමණ වනවිට, 90 ක් ම ගොඩනැගී අවසාන ය. දරුවාගේ මොළයේ වර්ධනය 90 වෙන කාලයේ, දරුවා සිටියේ කොහේ ද ? අනිවාර්යෙන් තම දෙමව්පියන් සමග’ බව පැහැදිලි ය. එ් කාලයේ මොනව උගන්වන්නද ?” කියා සමහරු විමසති. ඒ කාලයේ විශේෂයෙන් උගන්වන්න අවශ්‍යම වන්නේ නැත. ඔබලා දරුවාට කතන්දරයක් කීම, දරුවාට ආදරය කිරීම, කවියක් කීම, සොබා දහමේ අසිරිය පෙන්වීම, දරුවා සමග සෙල්ලම් කිරීම.... මේ සියල්ල අධ්‍යාපනය යි. දරුවා ඉතා ඉක්මණින් විශාල දැනුම් සම්භාරයක් උකහා ගනි. ළමයි ඉගෙන ගන්නේ අකුරු ලියන්න පුළුවන් වූ විට පමණක් නොවේ. ළමයි ඉගෙන ගන්නේ ගණන් හදන්න හැකි වූ දාට නොවේ. දරුවා ඉගෙන ගන්නේ, අම්මාගේ කුසයේ ඉන්නා කාලයේ පටන් ය. කුසයේ දී පවා, අම්මා තම දරුවා සමග අවිඥාණිකව සන්නිවේදනය කරයි.  දරුවාගේ මොළය  හැදෙන්න පටන් ගන්නේ, ඇතුළේදීම ය. අවුරුදු 14 දී මොළය හැදී අවසානය. 

 ර්‍අනේ අපට මේව කරන්න බැරිවුණානෙ” යනුවෙන් සමහර විට මෙතැන සිටින වයසක අම්මලා ට සිතෙන්නට බැරි නැත. අපට මෙය කලින් අහන්න ලැබුණා නම් කොච්චර දෙයක් දැයි ආදී වශයෙන් නොසිතන්න. ඒ ගැන කණගාටු නොවන්න. මේවා ඉගෙනගත්තාට අපතේ යන්නේ නැත. කවදා හෝ උවමනා වේ. ඒ නිසා අද ම පටන් ගන්න. ඔබේ මුණුබුරා සහ මිණිබිරිය ගෙන් ඒවා අරඹන්න. ඊළඟ පරම්පරාවට මේ දැනුම දෙන්න. කිසිම දෙයක් ප්‍රමාද නැත. 

පාප් වහන්සේ ගේ මෙම විශ්ව ප්‍රකාශයට අනුවල අාචාර ධර්මවලට පදනම’ වන්නේ දෙමව්පියෝ විශ්වාස කළහැකි අය බවට පත්ව සිටීම ය. මෙය අප වැඩිදුරට නොසිතන පැත්තකි. "මට මගේ අම්මව ෂුවර්....." එසේත් නැතිනම්, කවුරු නැතත්, මට මගේ තාත්තව ෂුවර්” යැයි දරුවෙකුට පවසන්නට හැකි විය යුතු ය. තමාගේ ජීවිතයේ ඕනෑම තැනකද මගේ තාත්තා සහ අම්මා මා සමග ඉඳියි’ යන විශ්වාසය දරුවෙකුගේ සිතේ පැවතිය යුතු ය. අපට දෙවියන් වහන්සේ ගැන ද ඇත්තේ එවැනි විශ්වාසයකි. උන්වහන්සේ තමා ගේ දරුවන් කිසිවෙකුත් අතහරින්නේ නැත.  තමාගේ දෙමව්පියන්ව විශ්වාස කළ නොහැකි යැයි’ දැනෙන දරුවෙකුගේ ආචාර ධර්ම අධ්‍යාපනය අසාර්ථක ය. 

ගුරුවරුන් අරබයා ද මේ කාරණය මෙසේම ය. ඔබ ගුරුවරයෙකු නම්, සිසුන්ට විශ්වාස කළහැකි ගුරුවරයෙකු විය යුතු ය.  පූජ්‍ය පක්ෂයේ අය ද, ළමයාට විශ්වාස කරන්නට පුළුවන් මට්ටමේ සිටින පූජකයෙක් විය යුතු ය.  වැඩිහිටියෙක් නම්, ළමයින්ට විශ්වාසය තැබිය හැකි වැඩිහිටියෙක් විය යුතු ය, ඒ ලෙසින්ම, මෙතැන සිටින දෙමව්පියන් වන ඔබ, දරුවන් කෙරෙහිත් විශ්වාසය තැබිය යුතුව ඇත.  අා.....පෝ....  මෙයාට දුන්නොත් නම් මේ වැඩේ කවදාවත් හරියට කරන එකක් නෑ.....” යනුවෙන් ඔබ දරුවෙකුට පවසන්නේ නම්, සියල්ල අවසාන ය. එවන් කතා වලින් දරුවන්ව ගොඩනැගිය හැකි වන්නේ නැත. සමහර ගුරුවරු මට කියන්නේ,  එ් පන්තියට නම් කිසිම දෙයක් බාර දෙන්න එපා. වැඩක් නෑ” කියා ය. එය අමු මෝඩ, අඥාණ ප්‍රකාශයක් බව එම ගුරුවරුන්ට  නොවැටහෙන්නේ ඇයි දැයි මට ද පුදුමය. එවිට කිසිදා දරුවන් ගොඩ නැගෙන්නේ නැත. අප ඔවුන්ට උදව් කරමින්, ඔවුන් විශ්වාස කළ යුතුව ඇත. 

අද බොහෝ දරුවන්ට වැඩිහිටියන් කෙරෙහි එම විශ්වාසනීයභාවය නැත. කාටත් පෙර, තමාගේ අම්මා සහ තාත්තා විශ්වාස කිරිමට දරුවෙකුට හැකිවිය යුතුය. දරුවන් ගෙවල් දා පැන යන්නේ, දරුවන් දිවි නසාගන්නේ, දරුවන් දඩබ්බරකම් කරන්නේ, දරුවන්ගේ සිත්වල සතුට නැත්තේ, මේ නිසා ය.  "මගේ දෙමව්පියො දෙන්නා මට විශ්වාස කළ හැකියි” යන්න, දරුවෙකුට තේරෙන පරිදි ජීවත් වීම’ සියළු දෙමව්පියන්ගේ යුතුකමකි. වගකීමකි.  එවිට දරුවන්ව අමුතුවෙන් හදන්න දෙයක් නැත. එවිට දරුවෝ අාධ්‍යාත්මිකව ඉතා ඉහළ මට්ටමකට පත්වෙතිගිමගේ අම්මා-තාත්තාට, මුළු ලෝකයටම වඩා මාව වටිනවා’ යන්න දරුවෙකුට දැනෙන්නට අවශ්‍යය වේ. මම ඔබට කලින් ද පැවසූ පරිදි, මා හෙට කෙසේ හෝ කළුතරට යන්නේ,  පුතාලා මම ඔයා ගැන සැලකිළිමත් මට පාන්දර 2 කට නැඟිටලා, විශාල දුරක් තැන් දෙකකට යන්න තියෙනකොට මට දැනෙන ඇඟේ අමාරුවට වඩා, මට ඔයාව වැදගත්” යන පණිවිඩය මගේ දියණියට දෙන්නට ය. එවැනි තාත්තා කෙනෙක් වීමට ලැබීම මට ද සතුටකි. මගේ කිසිදු කාරණයකට වඩා, මගේ දියණියන් මට සදා වටී. උදේ වරුවේ නොදැනුවත් ව හෝ මගේ අතින්, මගේ දරුවන්ගේ සිත් රිදුනා නම්, මම රාත්‍රීම වන්නට පෙර එය නිවැරදි කරමි. එසේ කළ යුතුව ඇත. එවිට,  ර්‍අප්පච්චි මගේ හැඟීම තේරුම් ගත්තා” යැයි ඇයට දැනේ. 

පසුගිය සතියේ ද මා මීගමුවේ දෙදින වැඩසටහනකට සහභාගී වීමට එහි ගොස් සිටින විට, මගේ දියණිය සමස්ත ලංකා ක්‍රීඩා තරඟයකට සහභාගී වීමට ගොස් සිටියා ය. ඔවුන් කුසලානය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් සිටියද, මා දුරකථන පණිවිඩයක් ඇයට දෙනවිට, මට දැනුනේ, අවසාන පූර්ව තරඟයෙන් ඔවුන් පරාජය වී ඇති බවකි. එබැවින් ඊළඟ දිනයේ ආපසු නිවෙස්වලට පැමිණෙන්නට බලාපොරොත්තුව සිටි ඔවුන්, එදිනම රාත්‍රීයේම පැමිණෙන බව දැනගන්නට ලැබිණි. මා ද මීගමුවේ වැඩසටහනට සහභාගී වී, ඊළඟ දිනයේ නැවත එම වැඩසටහනට සහභාගී වීමට නියමිතව සිටි බැවින්, එහි සිටි සංවිධායකවරුන්, මට එදිනත් නැවතීමට කියා සිටියද, ක්‍රීඩා  තරඟයෙන් පැරදී නිවසට එන දියණියට, මා සමග බොහෝ දේවල් පැවසීමට’ ඇති බව මා දන්නා නිසා, මා එදින රාත්‍රීයම ඇයත් සමග ගතකිරීමට නිවසට පැමිණෙන්නට තීරණය කළෙමි. මගේ බිරිඳත් ඇය සමග ඒ තරඟයට ගොස් සිටිය ද, මගේ දියණියට මා සමගත් බොහෝ දේවල් කීමට ඇති බව මා දන්නා නිසා, මම මගේ වෙහෙස ද නොතකාල, පසුදින ආපසු මීගමුවට එන බලාපොරොත්තුවෙන්, නැවත කළුතර මගේ නිවසට ගියෙමි. ඔවුන් නිවසට පැමිණියේ රාත්‍රී  12 පසුවී නමුත්, මගේ දියණිය එහි විස්තර මා සමග පවසන්නට පැය 2 ක පමණ කාලයක් ගත්තාය. එදින අප නින්දට ගියේ පාන්දර 2 ත් පසුවී ය. මම නැවත පාන්දර 3 ට අවදි වී මිගමුවට ඒම පිණිස කළුතරින් පිටත් වුණෙමි. මා මේවා ඔබට කියන්නේ, සෑම විටකම ඔබේ දරුවන් ගැන, ඔවුන්ගේ හැඟීම් ගැන, සැලකිළිමත් විය යුතු බව කීමට ය. ඔවුන් සමග ජීවිතය බෙදා ගන්නා ලෙස ඔබට මතක් කිරීමට ය.

ඔබේ දරුවන් ගැන සැලකිළිමත් වන්න!

6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රීති ජයසූරිය

jesustodaysl 2 වන වසර 7 වන සතිය 2018 අප්‍රේල් 22

Comments powered by CComment