ජනවන්දනාව (දිව්‍ය පූජා යාගය) සම්බන්ධයෙන් දෙවන වතිකාන කතිකාවේදි ඇති කරන ලද ප්‍රතිසංස්කරණ යළිත් වෙනස් කළ නොහැකි බව ප්‍රැන්සිස් සුදතුමේ පියතුමා අවධාරණය කරයි. එම ප්‍රතිසංස්කරණ ගැන යළි සිතා බැලීමට උත්සහ දරනු වෙනුවට කතෝලික සභාව කළ යුත්තේ එම ප්‍රතිසංස්කරණ තේරුම් ගැනීමටත්, ඒවා සිදුකරන ලද්දේ මන්ද යන්න වටහා ගැනීමටත් නොකඩවා කටයුතු කිරීම යයි එතුමා කියා සටියේය.

 

“දෙවන වතිකාන කතිකාවේ ප්‍රතිසංස්කරණ යළි සලකා බලනු වෙනුවට පූජකවරුන් හා දේව වන්දනාවේදි කළ යුත්තේ දේව වන්දනාවේදි කළ යුත්තේ දේව වන්දනාව ප්‍රතිසංස්කරණය කිරීමට ගත් තීරණ යලි අනාවරණය කර ගැනීමයි. එම තීරණවලට පදනම් වු දේව අනුප්‍රානීය ප්‍රතිපත්ති ආත්ම ගත කර  ගැනීමයි. එසේම ඒවා පාලනය කෙරෙන විනය නීති අනුගමනය කිරීමයි” යැයි එතුමා සඳහන් කළේය.

ප්‍රැන්සිස් සුදතුම් පියතුමා මේ බව කියා සිටියේ පසුගියදා වතිකානයේ පැවැති ඉතාලි ජන වන්දනා සංවිධානයක සංවත්සර උත්සවයකදීය.

ඉතාලියේ ක්‍රියාකාරි ජන වන්දනා සංවිධානයක් වන ජනවන්දනා ක්‍රියාමාර්ග කේන්ද්‍රීය මේ වසරේ සිය 70 වන සංවත්සවර සමරයි. මෙම ආයතනය කතෝලික ජනතාවට ජනවන්දනා පුහුණුව ලබා දෙන අතර ඉතාලි රදගුරු මණ්ඩලයේ ජනවන්දනා සහ ධර්ම සේවා මාර්ගෝපදේශ ප්‍රවර්ධනය කිරීමත් ඒ පිළිබඳ තොරතුරු බෙදා හැරීමත් සිය දූත මෙහෙවර කරගෙන සිටියි.

එම ආතයනයට මඟපෙන්වන රදගුරු හිමිවරුන් සමඟ එහි සාමාජිකත්වය දරන 800 කට අධිප පිරිසක් මෙදින සුදොතුමි පියතුමන් හමුවීමට පැමිණ සිටියහ.

කතෝලික සභාවේ ජනවන්දනාව ගැන මෙහිදි සුදොතුම් පියතුමා කළ දේශනය එතුමා එතුමන් විසින් ජනවන්දනාව පිළිබඳ කරන ලද දීර්ඝතම සහ විස්තාරත්මකම ප්‍රකාශය ලෙස විචාරකයෝ හඳුන්වති.

සුදොතුම් පියතුමා මෙම දේශනය කළේ සභා වන්දනා ක්‍රමවේද පිළිබඳව අලුතින් ආන්දෝලාන්තමක විවාදයක් පටන් ගෙන ඇති අවස්ථාවකය. මෙම විවාදය ආරම්භ කරන ලද්දේ වතිකානයේ දේව වන්දනාව සහ දේව ප්‍රසාද නිධාන ශික්ෂණය පිළිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානි ප්‍රැන්සිස් අරින්සේ කාදිනල් තුමන් විසිනි. පූජකවරුන් “නැගෙන හිරට හැරි” (එනම් ජනතාවට පසු පස හරවා ) දිව්‍ය පූජාව පැවැත්වීමේ ක්‍රමයට සභාව යළිත් පරිවර්තනය විය යුතු යැයි එතුමා කියා සිටියේය.

දෙවන වතිකානු කතිකාවට පෙර දිව්‍ය පූජාව ඔප්පු කරන ලද්දේ මේ ආකාරයටය. එකල පූජා පැවැත්වුනේ ලතින් බසිනි. පඬුරු ඔප්පු කිරීම පසුව යදින දිව්‍ය පූජා නියමයේ යෙදු පියතුමන් විසින් නිහඬව තමාම කියා ගන්නා ලදී. දීර්ඝ සාකච්චා වලින් පසුව සවැනි පාවුළු පාප් වහන්සේගේ නායකත්වයෙන් යුත් කතිකා පියවරුන් විසින් දැනට භාවිතා කෙරෙන නව ජන වන්දනා පිළිවෙත සකස් කර ගන්නා ලද්දේ සමස්ත දේව ජනතාව දිව්‍ය පූජාවට සහභාගී කර ගැනීමට අරමුණේනි. මෙම ප්‍රතිසංස්කරණ “ප්‍රති-ප්‍රති” සංස්කරණය” කළ යුතු යැයි අරින්සේ කාදිනල් තුමා පවසා තිබුනේ. මේ සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදතුම් තුමාන්ගෙන් මෙතෙක් කලක් ප්‍රචාරයක් ලැබී තිබුනේ නැත.

එහෙත් මෙම දේශනයේ එතුමා අවධාරණය කළේ දෙවෙනි වතිකානු කතිකාවේ ගුරු බලය අනුව “එවැනි ආපසු හැරීමක්” සිදු කළ නොහැකි බවයි.

දෙවෙනි වතිකානු කතිකාවේ දීර්ත ඵලයක්  වන ,ී්ජරරි්බඑමප ක්‍දබජමකසමප,  නමැති පාරි ශුද්ධ වු ජනවන්දනා ව්‍යවස්ථාව ගෙනහැර දක්වමින් මෙම ප්‍රතිසංස්කරණයට පාදක වු කරුණු ද එතුමා විස්තර කළේය. “ජන වන්දනා ප්‍රතිසංස්කරණ නවෝදයේ සැබෑ අවශ්‍යතා සහා දැඩි අපෙක්ෂා සඳහා ලැබුනු ප්‍රතිචාරයක් විය. එහි ප්‍රතිඵලය වූයේ විශ්වාසකයන් තව දුරටත් නිහඬ ප්‍රේක්ෂකයන් හෝ අමුත්තන් බවට පත් නොකරන ජීවමාන ජනවන්දනාවකි. මේ නිසා සභාව නොකඩවා මෙම ප්‍රතිසංස්කරණ වලට හේතු යළි අනාවරණය කරගත යුතුය. එසේම එම ප්‍රතිසංස්කරණ විරුපි කරන පදනම් විරහිත සහ අව්වක්ෂණ අර්ථයන් අර්ථ හෙළිදරව් කිරිම් මෙන්ම භාවිතයන් ගෙන් ද වැළිකි සිටිය යුතුය” යයි එතුමා අවධාරණය කළේය.

“ස්වාභාවයෙන්ම ජනවන්දනාව සභාවේ සමත්ජ ජනතාව උදෙසා වු ජීවනයයි. ස්වභාවයෙව්ම දිව්‍ය පූජාව ජනතාවාදිය. එය පුදදුරුවාදි නොවේ. මන්ද එම වචනයේ පද අර්ථයෙන්ම අපට උගන්වන්නේ එය ජනතාව උදෙසා වන ජනතාවගේ ක්‍රියාවක් බවය. ජනවන්දනාව යාච්ඥාව මගින් සභාවේ සාමාජිකයන් එකමුතු කරයි. එසේම එය කිසිදු අයකු බැහැර නොකර දේව වචනයට සවන් දීමේ පිපාසයෙන් පෙලෙන සෑම කෙනෙකුම යාච්ඥාවෙන් එක්රැස් කරයි. ජනවන්දනාව ලොකු කුඩා ධනවත් දුප්පත් ළමා මහළු රෝගී නිරෝගි දැහැමි පවිටු සියල්ලන් තමන් වෙත කැඳවයි.” යයිද එතුමා සිය දේශනයේ දී කියා සිටියෝය.

(සමන් කපිල විජේසුරිය)

(දිනමිණ කිතුනු මිණ අතිරේකයෙනි)

Comments powered by CComment