අපතයෝ’ කිසිවෙක් නැත. දරුවන් අතර මෝඩයෝ’ නැත. බූරුවෝ’ නැත. කාලකණ්නියෝ’ නැත. වැඩ-බැරි-ටාසන්’ ලා නැත. මෙම ලෝකයට දරුවන්ව එවා ඇත්තේ, ස්වාමීන් වහන්සේ ට වැරදීමකින් නොවේ. දරුවන් ඔබ තුළින්’ පැමිණ ඇත්තේ යම් කාර්යයකට ය. දරුවන් තුළ ඉන්න කෙනා’ සොයාගන්න. ඔබ දෙදෙනා එම දරුවාට උදව්වනවා විනා, ඔබට උවමනා කෙනා’ බවට, දරුවාව පත්කරන්නට උත්සාහ කරන මෝඩ’ දෙමව්පියෙකුගේ භූමිකාවක් රඟපාන්නට නොයන්න.

හැම දරුවෙක්ම වටිනා දරුවෙක්.

අද බොහෝ දෙමව්පියෝ දරුවන්විමරාගෙන කන බව’ පවසන්නට මම මැළි නොවෙමි. එවැන්නක් පැවසීම ගැන මට සමාවන්න. එහෙත්  දරුවන් සමග නිතරම ගැවසෙන ගුරුවරයෙක් වශයෙන්, එය මා පැවසිය යුතුම ය. එසේ නොමැතිව මට මෙය කියන්නට වෙනත් වචන සොයාගත නොහැක. දෙමව්පියන් විසින් තම දරුවන්ව මරා දමන ආකාරය මට නිතරම පෙනේ.  දරුවන් මිය ගිය පසුල පපුවට ගසාගෙන අඬලා වැඩක් ඇත්තේ නැත. එමනිසා අපේ පාප්තුමා පවසන පරිදි, දරුවන්ට ඇතුළාන්තයෙන් පිබිදෙන්නට ඉඩ දී බලන්න. ඔබ එවිට පුදුමයට පත්වනු ඇත. ඔබේ දරුවාගේ හැකියා දැක ඔබ මවිතයට පත්වනු ඇත. නමුත් ඔබේ දරුවා ඔබ සිතපු කෙනා ම නොවිය හැකිය. එහෙත් ඔහු තුළ පවතින විභවය විවෘත කරගත් විට, එම දරුවා තම ඇතුළාන්ත දක්ෂතාවය දක්වමින් ලෝකය ලස්සන කරනු ඇත.  

සෑම දරුවෙක් තුළම අති දක්ෂයෙක්’ සිටින බව අමතක නොකරන්න.  දරුවාගේ ඇතුළාන්තයේ යමක් උපතින් ම තැන්පත් කරනු ලැබ ඇත.

දරුවෙක් තමාගේ ඇතුළාන්තය සොයාගෙන, ඒ අනුව පිබිදුන විට, ඔබට සිතාගන්නටත් බැරි තරමේ අති සාර්ථක මිනිසෙක් බවට ඔහු පත්වෙනු නො අනුමානය.  බලෙන් පුප්පවා’ ඒ සුන්දර මල් මරා දමන්න එපා යැයි මම දෙමව්පියන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.  පාප් වහන්සේ එය සුන්දර වචනයකින් සරසා ඇත. දරුවාගේ පිබිදීම, දෙමව්පියන් ව මවිත කරවනු ඇතැයි, උන්වහන්සේ පවසයි, 

ඔබත් මමත් දන්නා තවත් එක් පුද්ගලයෙක්, මහා සංගිතමය විභවයකින් යුතුව සිටියේ ය. ඔහු නම් වෙනින් කවුරුවත් නොවේ. ලංකාවේ සංගීත කෙත අපූරු අයුරකින් පෝෂණය කළල ක්ලැරන්ස් විජේවර්ධනයන් ය. ක්ලැරන්ස්ල සිංහල රසවින්දනාත්මක බටහිර සංගීතයක්, ඉතා සංවරව ඉදිරියට ගෙන ආ සංගීතඥයෙකි. බැරි වෙලාවත්, ක්ලැරන්ස් ගේ ගුරුවරයා, ඔහුගේ සංගීත පිස්සුව නැති කිරීම පිණිසල සංගීතය නවත්වන්නට බලකර, ටයිපින් පන්තියකට දැම්මා නම්, (සිනා) අද ලංකාවේ සංගීතය කොතරම් දුප්පත් විය හැකිව තිබුණා ද?  ක්ලැරන්ස් ගේ මව ඔහු වෙනුවෙන් රබානක් මිළදී ගෙන,  උඹ පුතේ මේකෙන් සෙල්ලම් කරපං” කියා කිවු නිසා, අද අපිට විශිෂ්ඨ සංගීතඥයෙක් සිටී. 

අපි දෙවියන් වහන්සේ ව විශ්වාස කරනවා නම්, උන්වහන්සේ දරුවන් තුළින්, ලෝකය සුන්දර කරන ආකාරය දැක ගත හැකි ය. මතක තබාගන්න, අප සෑම කෙනෙකු තුලම, උන්වහන්සේ ගේ ස්වරූපය ඇත. අඩු උගත්කමක් අැති දරුවන්ට වෘත්තිය පුහුණුව දෙන අායතනයක වැඩසටහනකට ගිය විටෙක, එහි සිටි ගුරුවරයෙක් මට පැවසුවේ,  සර් කොල්ලෙක් නම් ඉන්නවා මෙහෙ, ඌ පට්ටිපොල් බූරුවෙක්. ඌට මුකුත් කරන්න බෑ” කියා ය. මා වැඩිදුර විස්තර විමසීමේදී එතුමා පැවසුවේ මේි පොල්බූරුවා’, සේරටම වදයක් වී ඇති බව ය.  මා එවිට පැවසුවේ,  වෙන්න බෑ.... මොකක් හරි දෙයක් පුළුවන් වෙන්න ඕනේ” කියා නමුත්, එතුමා පැවසුවේ, කිසිම දෙයක් බැරි බව ය.  ලේත් මැෂින් එකට දැම්මා. ඒක බෑ? වෙල්ඩිං වැඩට දැම්මා. ඒකත් බෑ? මූව බේකරි වැඩට දැම්ම. අඩු තරමේ ඒකවත් බෑ. කොල්ලොත් මූට කියන්නේ බූරුවා’ කියල යි.” යනුවෙන් එම ගුරුතුමා පැවසීය.

මා එවිට ඇසුවේ කිසිම දෙයක් කරන්නේ නැති ද කියා ය. එවිට එතුමා කීවේල  එක දෙයක් විතරක් කරනවා. දැං මල්පැල වලට වතුර දාන්නේ මෑන් තමා” කියා ය. මම එවිට කීවේ මල් පැල වලට වතුර දාන එකත්, ඉතාමත් හොඳ වැඩක් බවත්, ඔහුට පෝර ටිකක් ලබා දීල එ් අායතනයේ වත්තේ මල් පැල සිටවීමට යොදා බලන ලෙසට ය. එම ආයතනයේ ඔහු සමග සිටි සහෝදර ශිෂ්‍යන් යන්, පරිඝණක ඉගෙන ගෙන, වෙල්ඩිං වැඩ ඉගෙන ගෙන, ලේත් මැෂින් වැඩ ඉගෙන ගෙන පිටව යන අතරේ, පොල් බූරුවා’ නම් ගෞරවනීය නමක් ලද  මෙම ශිෂ්යා්ද, නියමිත වසර 2 අවසානයේදී, ආයතනයෙන් පිටව ගියේය. 

ඉන්පසු ඔහු බැඳී තිබුණේ, අබාන්ස්’ ආයතනයට ය. ඔහු ලද රාජකාරිය ව තිබුණේ, කොළඹ Round about වල මල් වැවීම ට උදව් වීම ය. ඔහු මල් පැල වලට ඉතා ආදරය කෙරුවේය. කොළඹ කුරුඳුවත්තේ වට රවුම් දෙකක කටයුතු, ඔහුට බාර විය. ඔහු ඉතාමත් සුන්දර මල් වලින් ඒවා සැරසීය. එම වටරවුම් බොහෝ දෙනෙකුගේ සිත්ගෙන තිබුණි. මා මේ පවසන්නේ දැනට වසර හය හතකට පෙර සිදුවූ දෙයකි. මේ කියන කාලයට වසර දෙකකට පමණ පසු, මා එ් අායතනයට  දේශනයක් සඳහා සහභාගී වන්නට එහි ගියෙමි. මා එහිදී දුටුවේ, එම ආයතනයේ එක් කොටසක, නවත ඩෙල්’ පරිඝණක 6 ක් සවිකර ඇති ආකාරය යි. මම එම ආයතනයේ සිටි ගුරුතුමාගෙන් විමසුවේ  මාර භාණ්ඩ ටිකක් නෙ. කිරි ටොයියො’ වගේ මේ කම්පියුටර් ටික කොහෙන් ද හම්බවුණේ?” කියා ය. එවිට එතුමා සිනහ වෙමින් පැවසුවේ,  අා මං ඔයාට කියන්නමයි හිටියෙ නාමල් සර්’... අර එදා මම කීව පොල් බූරුවා’ තමයි මේවා ගෙනත් දුන්නේ” කියා ය.

(සභාවේ සිනා) මගේ ඊළඟ ප්‍රශ්නය වූයේ  පොල් බූරුවෙකුට කොහෙන්ද මේවා?” යන්න යි. (සිනා)  සිදුව තිබුණේ මෙය යි. ඔහු වට රවුමේ මල් වලට සාත්තු කරමින් ඉන්නා විට, ඇමරිකාවේ සිට ලංකාවට රැකියාවක් සඳහා පැමිණි විදේශිකයෙකු, ඔහු පිළිබඳ ප්‍රසාදයක් ඇති කරගෙන, ඔහුගේ ද කැමැත්ත විමසා, ඔහු ව තම ආයතනයේ අලංකරණ කටයුතු වලට, සම්බන්ධ කරවාගෙන තිබිණ.

වසරක් යනවිට, එම ආයතනයේ සිටි උද්‍යාන භාර කරු ඔහු විය. ඔහුට විශාල වැටුපක්, නිවසක් සහ වාහනයක් ලැබිණ. ඔහු වසරක් පමණ යනවිට තමාට ලැබී තිබුණු  වැටුප් මුදලින් පළමුව සිදුකර තිබුණේ, තමාගේ පළමු ආයතනය වෙත, පරිත්‍යාගයක් ලෙස මෙම පරිඝණක කිහිපය ලබාදීම යි. එම පොල්බූරුවා’ එසේ මෙම ආයතනයට සලකා තිබූ අතර, අනෙකුත් වැදගත් ශිෂ්යියන්, ආයතනයෙන් ගියපසු ඔවුන්ගේ කිසිම හෝඩුවාවක් වත්ල සොයා ගන්නට ලැබී නෑ. (සිනා)

එම නිසා, ස්වාමින් වහන්සේ පොල් බූරුවන්’ මවා නැත. ඕනෑම අවස්ථාවක මෙවැනි දේවල් සිදුවිය හැක්කේ ඒ නිසා ය. ඔබේ දරුවාට, ඔහුට ආවේනික ලෙස විකසිත වන්නට’ ඉඩ දෙන ලෙසට ශුද්ධෝත්තම පාප් වහන්සේ මෙහිදී දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී. ජෝන් මේරිවියානි පියතුමා ගැන ඔබ අසා තිබේ ද? 

එතුමා සෙමනේරියට ඇතුළු වන්නටල කිහිප වතාවක් උත්සාහ කළ ද නොහැකි විය. වතාවක්, සෙමනේරියට ඇතුළු වන විභාගය සඳහා ඉල්ලුම් පත් පරීක්ෂා කිරීමේදීල එම පරික්ෂණ මණ්ඩලයේ සිටි එක් පියතුමෙක් පවසා තිබී ඇත්තේ,  අර බූරුවා මේ සැරේත් අැප්ලයි කරලා” කියා ය. එවිට, එම මේසය වටා අසුන් ගෙන සිටි වයෝවෘද්ධ පියතුමෙක් විමසා  ඇත්තේ, කවුද මේ බූරුවා’ කියන්නේ? කියා ය. එවිට උන්වහන්සේට දැනගන්නට ලැබී ඇත්තේ හැම වතාවකම විභාගයට ලියන, ඒත් අසමත් වන අපේක්ෂකයෙක් ගැන මෙසේ පැවසුන බව යි. එවිට එම වයෝවෘද්ධ පියතුමා ලස්සන කතාවක් සිහිපත් කර ඇත. බයිබලයේ ඇති සැම්සන් ගේ කතාව ඔබලාත් දන්නවා ඇති. 

සැම්සන් පොඩි පහේ රස්තියාදු කාරයෙක් වුවත්, දෙවියන් වහන්සේ වෙනුවෙන් සටන් කරන ලද්දෙකි.  සැම්සන් දිනක් පැමිණෙන විට, තම සතුරන් රැසක් තමා සමග සටන් කිරීමට වටලනු  දැක,  ස්වාමින් වහන්සේට ආඩපාලි කියන්නට පටන් ගනී. මම මේ කියන්නේ මගේ භාෂාවෙනි. (සිනා)  සැම්සන් දෙවියන් වහන්සේගෙන් විමසන්නේ,  ඔබ වහන්සේ මාර ආසාධාරණයි. මුං ඔක්කොම සෙට්’ වෙනවා. දැං මං මොකද කරන්නේ?” කියා ය. (සිනා) දෙවියන් වහන්සේ සැම්සන්ට කියන්නේ, වටපිට බලන ලෙසටයි. එවිට සැම්සන් දකින්නේ, බූරු ඔළුව’කි.

එවිට උන්වහන්සේ පවසන්නේ,  එ්ක අරගෙන සටන් කරපං. මම උඹත් එක්ක ඉන්නවා” කියා ය. වර්තමාන භාෂාවෙන් පවසන්නේ නම්, සැම්සන් බූරු ඔළුවෙන් ගේම දිනනවා. (සිනා) පැහැදිලි ද? සටන සැම්සන් විසින් ජයගන්නා ලදි. මා පෙර කී ජෝන් මේරිවියානි පියතුමාගේ කතාවට අනුව, එම වයසක පියතුමා බයිබලයේ එම සිද්ධිය සිහිකර පවසා සිටියේ,  ෆාදර් දෙවියන් වහන්සේ බූරු ඔළුවකින්’ යුද්ධයක් දිනුවා නම්, ඔබ වහන්සේ බය නැතිව ඔය සම්පූර්ණ බූරුවාව ම’ සෙමනේරියට ගන්න” කියා ය. (තදින් සිනා)  අවසානය, ඔහු සෙමනේරියට බඳවා ගන්නා අතර, එම සෙමනේරියේ අධ්‍යක්ෂ පියතුමා ශාන්තුවරයෙක් නොවුනාට, බූරුවාව’ ශාන්තුවරයට ඔසවන ලදි (සිනා) 

එම නිසා, ඔබේ දරුවාට විකසිත වන්නට ඉඩ දෙන්න. එය නිවැරදි අධ්‍යාපනයේ රහසයි. ඕනෑම බුරුවෙක්ගෙන් මාර විදිහට’ වැඩ ගන්නට දෙවියන් වහන්සේට හැකි බව අමතක නොකරන්න. ඔබට දරුවන් දී ඇත්තේ වෙන කවුරුවත් නොව, දෙවියන් වහන්සේ බවත් අමතක නොකරන්න. දරුවන් ඔබේ නොවේ. ඔබේ නොවන දරුවන්ට අපරාධයක් කිරීමට ඔබට අවසර නැත. දරුවන් ගැන ඔබට යම් දිනෙක ගණන් දෙන්නට සිදුවන බවත් පැහැදිලිව මතක තබාගන්න. ළමයාව, ඉබාගාතේ පාරවල් දෙක තුනක යවා, නැතිභංග නොකරන්න.

6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රීති ජයසූරිය

jesustodaysl 2 වන වසර 6 වන සතිය 2018 අප්‍රේල් 15

Comments powered by CComment