දෙවියන්ගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, යහපතට වුවත්, බලකරන්නේ නැතිවීම යි. ‘නිදහස් කැමැත්ත’ යනු ක්‍රිස්තියානි දහමේ ප්‍රධාන ලක්ෂණය යි. නිදහසින් උත්තර දීමට ඔබට පැවරී ඇත. එබැවින් දරුවාට ඉගෙන ගන්නට, ‘ආදරණීය අත්වැලක්’ වෙන්න. ඔබ බලෙන් තින්දු තීරණ දෙනවා නම්, ඔබේ දරුවා කිසි කලෙක, ආත්ම විශ්වාසයකින් යුතු දරුවෙකු වන්නේ නැත.

කාලය අර්ථවත්ව ගතකරන ආකාරය ඉගැන්වීම

ඊළඟ කාරණය වන්නේ, දරුවන්ට කාලය අර්ථවත්ව ගතකරන ආකාරය ඉගැන්වීම යි. ජීවිතය යනු ද කාලය යි. යමෙක් ජිවත් වන්නේ යහපත් ලෙසද, අයහපත් ලෙසද යන්න තේරුම් ගන්නට ඇති පහසුම ආකාරය වන්නේ, ‘දරුවා කාලය ගතකරන්නේ කෙසේ ද’ යනුවෙන් සොයා බැලීම යි. ඔබේ කාලය ඔබ වැයකරන්නේ කෙසේ ද? ඔබේ දරුවා ඔහුගේ කාලය වැයකරන්නේ කෙසේ ද?  අද දරුවන්ට කාලය ගතකරන්න වි ඇත්තේ. තිරයක් දෙස බලාගෙන ඔහේ සිටීමට ය. දරුවන්ට කිසිම වැඩක් නැතිව ‘නිකං බලං ඉන්නට’ අවශ්‍යය සියළු වටපිටාව, අපද, සමාජයද සාදා අවසන් ය. ඒ නිසා, දැං කාලයේ දරුවන් කිසිදු වැඩක් නොකර තිරයක් දෙස බලා සිටි. ඔබ ඔබේ පවුලට කාලය ගතකරන ක්‍රමයක් සාදා තිබෙනවා ද? ඔබලාගේ දරුවන් සමග එකට එකතුවෙනවා ද? ඔවුන් ව වැඩකට දායක කරගන්නවා ද? ගතකරන කාලය අර්ථවත් නම්, ජිවිතයක් අර්ථවත් වේ. දරුවන්ගේ කාලය නිකං ම ගතවෙනවා නම්, Better Education (වඩා හොඳ අධ්‍යාපනයක්), එතැන නැත.

සමහර දෙමවිපියන්, තමාට ඕනෑ ආකාරයට කාලය ගතකළ යුතුයැයි දරුවන්ට නිති පනවයි. එය වැරදිය. සුදොතුම් පියා පැහැදිලිව පවසන්නේ, නිති වලින් මේවා කළ නොහැකි බවයි. උන්වහන්සේ පවසන්නේ. දෙමව්පියන්, තම දරුවන් ව, බලහත්කාරයෙන් පාලනය කරන්නට නොයන ලෙසට ය. දරුවා සමග කටයුතු කළ යුතු වන්නේ, ආදරයේ භාෂාවකිනි. ළමයා නිදහසේ ‘කාලයට’ ඇතුල්විය යුතුව ඇත.  අපි සරල ම උදාහරණයක් ගනිමු. බොහෝ දෙමව්පියන්ට ඇති ප්‍රශ්නයක් වන්නේ, තම දරුවා ප්‍රමාණවත් පරිදි පාඩම් නොකිරීම යි. ඔබට දරුවෙක් සිටියත් නැතත්, සියළු වැඩිහිටියන්ට මේ ප්‍රශ්නය අදාළ ය. ප්‍රශ්නය වන්නේ, “අපි කිව්වට, ළමයි පාඩම් කරන්නේ නැහැ” යන්නයි. දරුවාට ‘පාඩම් කරන්න’ කියා, ඔබලා කරන්නේ මොනවා ද? තාත්තා වෙන වැඩකය. අම්මා වෙන වැඩකය. දරුවාට පමණක් පාඩම් කරන්න කියා ඇත. එවිට ළමයින් පාඩම් කරන්නේ නැත. එය ඉතා සාධාරණ ප්‍රතිචාරයකි.

අපේ නිවසේ, පාඩම් කරන සංස්කෘතියක් පැවතිය යුතු ය. නිවසේ ටී.වී. එක වැසෙන වෙලාවක් ඇත්නම්, බොහෝවිට යාච්ඤා කරන නිවසක් නම්, ඒ, යාච්ඤා කරන වේලාවේදී විය හැකිය. ඊට පසු ව එළැඹෙන්නේ දරුවන්ගේ පාඩම් කරන වෙලාව නම්, මොන තරම් හොඳ වැඩසටහනක් විකාශය වූවද, එම කාල වේලාව තුළ කිසි දිනෙක ‘රූපවාහිනිය දැමීම’ නොකළ යුතු ය. නිවසේ හැමෝම ඒ වෙලාවට පාඩම් කළ යුතුව ඇත. තාත්තාට පත්තරයක් බැලිය හැක. අම්මාට පොතක් බැලිය හැක. නැතහොත්, දරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරක් දිය හැකිය. කුඩාම දරුවෙකු සමග වුවත්, පින්තූර පොතක් බලමින්, ඒ කාලය තුළ පවුලේ සියල්ලන්ම පොත පත සමග සාවධානවත් කාලයක් ගත කිරීම අවශ්‍යය වේ. අද සිදුවන්නේ කුමක් ද? දරුවන් පාඩම් කරන විට, කුමන හෝ චැනලයක අම්මා බැලියම යුතු ටෙලි නාට්‍යයක් විකාශනය වේ. එය නම්, බලන්නටම ඕනෑ ය. (සිනා) මෙවැනි සංස්කෘතියක් ඇති නිවෙසක, දරුවන්ට ‘පාඩම් කරන්න!’ කියන්නේ කෙසේ ද?  නිවසේ පාඩම් කරන සංස්කෘතියක් හදා මිසක්, දරුවන්ට පාඩම් කරන්නට කීම, අපරාධයකි. දරුවන් ඒවා අසන්නේ නැත. එබැවින් තාත්තා කියන නිසා පරාධීන ලෙස නොව, ‘ස්වාධීන ලෙස’ දරුවාට පාඩම් කරන්නට උත්තේජනයක් ඇතිකිරීම දෙමව්පියන්ගේ වගකිමකි.

දෙවියන්ගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, යහපතට වුවත්, බලකරන්නේ නැතිවීම යි. ‘නිදහස් කැමැත්ත’ යනු ක්‍රිස්තියානි දහමේ ප්‍රධාන ලක්ෂණය යි. නිදහසින් උත්තර දීමට ඔබට පැවරී ඇත. එබැවින් දරුවාට ඉගෙන ගන්නට, ‘ආදරණීය අත්වැලක්’ වෙන්න. ඔබ බලෙන් තින්දු තීරණ දෙනවා නම්, ඔබේ දරුවා කිසි කලෙක, ආත්ම විශ්වාසයකින් යුතු දරුවෙකු වන්නේ නැත. ඔහු ලොකු මහත් වූ පසුද, “අම්මෙ කොහොමද කරන්නේ...?” හෝ “තාත්තේ කොහොමද කරන්නේ....?” ආදී වශයෙන් සෑම දෙයක් ම අනෙකාගෙන් අසන දුර්වල ආත්ම ශක්තියකින් යුතු දරුවෙකු වනු ඇත. ඔබ හදිසියේ මිය ගියොත්, එවිට පවුලේ කිසිවෙකුට නිවැරදි තීරණයක් ගන්නට බැරිකමක් ඇතිවනු  නොඅනුමාන ය. දරුවා විවාහ වුණත්, ජිවිතයේ තීරණයක් ගත නොහැකි අයෙක් බවට පත්වනු ඇත.

දරුවන්ට තිරණ ගන්න උගන්වන්න. ඒ කෙසේ ද? මම සමහර අවස්ථාවලදී, මගේ දියණියන් දෙදෙනාට ද, පොඩි පහේ ‘පාට්’ දමමි. නමුත් එසේ කරන්නේ යම් ක්‍රමවේදයක් තුළ ය. ඇඳුමක් අඳින්න යනවා නම්, “මේකම අඳින්න!” යනුවෙන් බල කිරීමක් නැත. තවත් ගවුමක් පෙන්වා, මේ දෙකෙන් එකක් අඳින්න යැයි, විකල්පයක් ද ඔවුන්ට දෙනු ලැබේ. එවිට, දරුවාට ද මනාපයක් කිරීමේ අවස්ථාවක් ලැබී ඇත. එය යම් ප්‍රමාණයක මගේ පාලනයට ද යටත් ය. ළමයින්ටත් කුඩා කාලයේ පටන් ම, ‘කුඩා කුඩා තීරණ ගැනීමට’ අප අවස්ථාව ලබා දිය යුතු ය.

මා කළයුතු දේ ඔබ තීරණය කරයි නම්, මා ගතයුතු තීරණ සියල්ල ඔබ ගනියි නම්, එවිට මට මා නැතිවිය හැකි ය” යනුවෙන් සුන්දර කවියක් ඇත.   මනුෂ්‍යයෙක් යනු, නිදහසේ තීරණ ගතයුතු අයෙකි. නමුත්, ළමයින්ට ගන්නට බැරි තීරණ ද පවතී. නමුත් ඔවුන්ට ‘ගත හැකි’ තීරණ ද, අට අනූවක් මෙළොව පවතී. ඒවා ගත යුත්තේ ද ඔවුන් විසින් ම ය. යහපත් අධ්‍යාපනය යනු, ‘එයාට ඔයා වෙන්න නොවේ, එයාට එයා වෙන්න’ ඉඩ සලසන එක ය. අද විශාල වශයෙන් දරුවන් දුක් විඳින්නේ, අම්මලාගේ සිහින ඉෂ්ට කරන්නට වී තිබීම නිසා ය. අම්මලාට බැරිවුණු දේවල් මෙන් ම, අම්මලාගේ ‘ඇරියර්ස් කවර් කරන්නට’, ලංකාවේ දරුවෝ දුක් විඳිති. මෙවැනි කාරණා ගැන මට දහස් ගණනක් අත්දැකීම් ඇත.

මා දන්නා එක් සිසුවෙක් විය. ඔහු ඉතා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. වෛද්‍යවරයෙක් වූ ඔහුගේ පියා, ඉගෙන ගැනීමට උනන්දුව වැඩකරලීම පිණිස, දරුවාගේ කරමින් සිටි සියළු ක්‍රීඩා කටයුතු නවත්වා දැමීය. එය නියෝගයක් විය. දහවන වසරේදී, ඔහුව නිවසේ තබා, පාඩම් කිරීමට අණ කරන ලදි. දරුවාගේ නිදහස බින්දුවට ම බැස්සේ ය. ඔහුට ක්‍රිකට් පමණක් නොව, කිසිම ක්‍රීඩාවක් තහනම් විය. අවසානයේ සාමාන්‍ය පෙළ සමත් වුණේ යාන්තමිනි. පියාගේ ඊළඟ නියෝගය වූයේ, අනිවාර්යෙන් විද්‍යා අංශයෙන් උසස් පෙළ කළයුතු බවයි. පියාට අවශ්‍යය වූයේ කෙසේ හෝ දරුවා වෛද්‍යවරයෙක් කිරීමට ය. දරුවා උසස් පෙළ සමත්වුයේ ද යන්තමිනි. ඉන්පසු පියා මුදල් වියදම් කර, දරුවාව රුසියාවට යැව්වේ, වෛද්‍ය විද්‍යාව ඉගෙනගැනීමට ය. වසර තුනකට පසු, දරුවා ගෙදර ආවේ, සීල් කරන ලද පෙට්ටියකිනි. තමා තුළ පැවති පීඩනය දරාගත නොහැකිව, දරුවා එම විශ්ව විද්‍යාලයේ සිවුවෙනි මහළින් බිමට පැන සිය දිවි නසාගෙන තිබුණි. එම ළමයාට, ‘ළමයෙක් වන්නට’ එම ‘උගත්-මෝඩ’ පියා ඉඩ දී තිබුණේ නැත. සමහර විට, ඒ දරුවා කලින් සිටි ආකාරයට, සෙල්ලම් කරමින් ‘පිබිදුනු දරුවෙක්’ මෙන් සිටියා නම්, පියාගේ ඉලක්කය වෙත  යාමට හැකියාවක් ද තිබුණි.

6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රීති ජයසූරිය

jesustodaysl 2 වන වසර 5 වන සතිය 2018 අප්‍රේල් 08

 

           

Comments powered by CComment