සැබෑ ජේසු අනුගාමිකායා අසරණ පීඩිත රෝගි අයෙකු සඳහා යාච්ඥා කරන කෙනෙක්. ඒ සමඟම ඔහු එවැනි පීඩිතයෙකුගේ සුබ සාධනයට ද වැය වෙනවා. ඔහු එතනින් නොනැවති පීඩිත බව ඇති කරන කොන්දේසි අහෝසි කිරිමට සටන් වදිනවා.

jesustodaysl.org වෙබ් අඩවියේ දෙවන වර්ෂයේ සමාරම්භක හමුවේ භාවනාව.

ගැඹුරට දියත් කරනු පිණිස දෙවිදුන් අපට ආරාධනා කරන්නේ කුමක් කිරීමටද ? jesustodaysl.org හි දෙවන වර්ෂය නව ආරකින් දියත් කරන මේ මොහොතේ අපගේ භාවනාව, කතිකාව, යාච්ඥාව විය යුත්තේ එයයි.

උන්වහන්සේ ඉල්ලා සිටින දේ පහත පරිදි වචන ගත කරන්න මා කැමැතියි.

සම්පූර්ණ ජේසුව අනුසාර කරන්න. සෑම පෙරමුණකම වැඩ කරන්න.
සම්පූර්ණ ජේසුව අනුසාර කිරීම
කිතුනුවන්ගේ කැඳවීම ජේසු වගේ වීමයි.
මා ඔබට පේ‍්‍රම කළාක් මෙන් .........
‘ජේසු වගේ වීම’ ගැඹුරින් මෙනෙහි කළ යුතු දෙයක්.

‘ජේසුව’ පිළිබඳ අද බොහෝ විට ඇත්තේ සම්පූර්ණ චිත්‍රයක් නොවෙයි. තම තමන්ට අනුව ජේසුව අර්ථකථනය කිරීම නිසා ජේසු ව කොටු කොට, පටු කොට, පුංචි කොට, කැබලි කොට තිබෙනවා.

සමහරුන්ට ජේසු හුදු පෞද්ගලික සුව දායකයෙක්.
තව සමහරුන්ට ජේසු සුබ සාධන වැඩ කරන්නෙක්.
තවත් සමහරුන්ද ජේසු හුදු සමාජ වැඩ කරන්නෙක්.

සම්පූර්ණ ජේසු මේ සියල්ලේ එකතුවක්. අද අපි මේ සම්පූර්ණ ජේසුව අනුගමනය කරන අය බවට පත් විය යුතුයි.

මගේ අවධානය යොමුවන්නේ රැඩිකල් ප්‍රගතිශීලි ව්‍යාපාරය වෙත. ඔවුන් ජේසුගේ සමහර පැතිමාන ගැන දැක්වූයේ අඩු අවධානයක්.

සුව දායකයන් හා සුබ සාධකයන් සමඟ ගනුදෙනුව මගින් ඔවුන්වද විමුක්ති මතවාදයේ කොටස්කරුවන් බවට පත් කරගන්න අපට නොහැකි වු බවයි සත්‍ය.
සෑම පෙරමුණකම වැඩ කරන්න.

ප්‍රගතිශීලි කිතුනු ව්‍යාපාරය විශේෂයෙන් මෑතම දශක දෙක තුළ අවධානය නොදුන් පැති ගණනාවක් තිබෙනවා. ඒ නිසාම තරුණ හා ඊළඟ පරපුර මෙම ව්‍යාපාරය සමඟ බද්ධ වීම වැලකි තිබෙනවා. එවැනි ක්ෂේත‍්‍ර කීපයක් ගැන අවධානය දෙන්න මම කැමැතියි.

1 ළමා දේව ධර්මක් ගොඩනැගීමට ක්‍රියා නොකිරීම (CT)
2 නව යොවුන් (TT) දේව ධර්මයන් ගොඩනැගීමට ක‍්‍රියා නොකිරීම.
3 තරුණ දේව ධර්මයක් (YT) ගොඩනැගීමට ක්‍රියා නොකිරීම.
4 විමුක්තිවාදී කිතුනු සාහිත්‍යයක් ගොඩනැගීමට ක්‍රියා නොකිරීම.
5 ස්තී‍්‍රන් සමඟ ක්‍රියාකාරිත්වය දේව ධාර්මික තලය සමඟ මුසු කිරීම ප්‍රමාණවත් නොවීම.
6 එදිනෙදා දේව වචනය තුළ විමුක්ති හරය මතු කිරිමේ අවශ්‍යතාවය  ප්‍රමාණවත්ව තෘප්ති නොකිරීම.
7 අන්තර් සභා, ආගමික හා අනාගමික සංවාදය සමාජ සාධාරණත්වය සමඟ ප්‍රමාණවත්ව ඉදිරියට නොගැනීම.
8 ප්‍රැන්සිස් සුදතුම් පියාගේ මැදිහත් වීම ගැඹුරට සංවාද නොකිරීම.

අද ජේසු වෙබ් අඩවිය පසුගිය වර්ෂය තුළ මේ සියලූ ක්ෂත‍්‍ර ආවරණය කිරීමට උත්සහ කළා. ඒ හුදු ලිපි ඵල කිරිමෙන් නොවෙයි. කිසියම් ප්‍රයෝගික ක්‍රියාකාරිත්වයන්ද යෝජනා කරමින්. විමුක්තිගතික ළමා දේව ධර්මයක්, යොවුන් දේව ධර්මයක්, තරුණ දේව ධර්මයක් ගොඩනගන්නට අවශ්‍ය මූලික පදනම් ඒ තුළ සංවාද ගත වී තිබෙනවා.
සම්පූර්ණ ජේසුව අනුසාර කරනු සඳහා එකවිට සෑම ක්ෂත්‍රයකම ක්‍රියාකාරිවන කිතුනුවන් වීමට අවශ්‍ය ආලෝකයක් සෑම තරාතිරමකම අය සමඟ වැඩ කිරිමට ආලෝකමත් සහිත පුළුල් පදනමක් ඇති කර තිබෙනවා.

සැබෑ ජේසු අනුගාමිකායා අසරණ පීඩිත රෝගි අයෙකු සඳහා යාච්ඥා කරන කෙනෙක්. ඒ සමඟම ඔහු එවැනි පීඩිතයෙකුගේ සුබ සාධනයට ද වැය වෙනවා. ඔහු එතනින් නොනැවති පීඩිත බව ඇති කරන කොන්දේසි අහෝසි කිරිමට සටන් වදිනවා.

ප්‍රායෝගික තලයකදි එලෙස ජේසුව අනුගමනය කරන කිතුනුවන්ව මේ විදිහට අපිට දකින්න පුළුවන්.

ඔහු / ඇය ළමයින් සමඟ සෙල්ලම් කරනවා. යව්වනයන් සමඟ තරුණයින් සමඟ හැසිරෙනවා. වැඩ කරනවා. ආච්චිලා සීයලා සමඟ පාදනමස්කාරයක් හෝ යාච්ඥා මෙහෙයක සිටිනවා. විපතට පත් වූවන්ට ආධාර බෙදනවා. අකුරු බැරි ළමයි සමඟ අකුරු පංති කරනවා. එහෙමත් නැත්නම් ඒ වගේ ක්‍රියාකාරිත්වයන් සමඟත් සිටිනවා. ඒ වගේම සමාජ අසාධාරණයට විරුද්ධව කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ලිප්ටන් වටරවුම් උද්ඝෝෂණ වලත් ඉන්නවා. අනිකුත් කිතුනු සභා සමඟ ක්‍රියා කරනවා. අනාථකයින් සමඟ වැඩ කරනවා. උතුරේ ජනතාව සමගත්, කඳුකර ද්‍රවිඩ ජනතාව සමගත් මුස්ලිම් බෞද්ධ ආදි අය සමගත් ක්‍රියාත්මක වෙනවා.

ඇතැම් විට ඔහු / ඇය වැඩිපුර වෙහෙසෙන්නේ එක් ක්ෂත්‍රයක නමුත් ඔහු පිළිගන්නවා සම්පූර්ණ ජේසුව අනුසාර කිරිමට මේ සෑම ක්‍රියාවක්ම අවශ්‍ය බව දේව රාජ්‍ය ගොඩනැගෙන්නේ ඒ සියල්ලන් කියලා. ඔහු එක ක්ෂත්‍රයක්වත් අවතක්සේරු කරන්නේ නැ.

ගැඹුරට දියත් කරන්නැයි ජේසු ශ‍්‍රාවකයින්ට කළ ආරාධනයේ අරුත වන්නේ තමන් පය ගසා සිටින තැනකට කොටු පටු නොවී සම්පූර්ණ ජේසුව අනුසාර කරමින් දේව රාජ්‍ය ගොඩනැගීම උදෙසා ක්‍රියා කිරීමට කැපවීමයි. jesustodaysl.org ඒ සඳහා වේදිකාවක් කර ගැනීමට අපි දායක විය යුතුයි. කැපවිය යුතුයි.

 6cac3e4af71ab8dda6dba234a97e4887මහින්ද නාමල්

jesustodaysl 2 වන වසර 4 වන සතිය 2018 අප්‍රේල් 01

 

Comments powered by CComment