එය මේ රටේ සියලූ නීතිගරුක පුද්ගලයින්ගේ ප්‍රසාදයට හේතු විය යුතුය. සෑම ආගමිකයෙකුගේම ප්‍රසාදයට හේතු විය යුතුය. මන්ද ”මම සොරකිමින් වැලකෙමි” යන්න පංච සීලයටද ‘සොරකම් නොකරව’ යන්න දස පනත අදාලට වන මූලික ප්‍රතිපදාවක් වන නිසාය.

බරපතල වංචා දූෂණ විභාග කරන විශේෂ අධිකරණය සහය දීම ආගමික යුතුකමක් බව ඉතා පැහැදිලිය.

ශී‍්‍ර ලංකාව තුල යුක්තිය ඉටුවීමට ඇති ප්‍රධාන බාධාවක් ලෙස නීතිගරුක පුරවැසියන් සියලූ දෙනා එකඟවන කාරනයක් වන්නේ නඩු ඇසීමේ පමාවයි.

විශේෂයෙන් රටේ ජනතාවට අයත් සම්පත් මහා පරිමාණයෙන් කොල්ලකන පුද්ගලයින්ට එරෙහි නඩු ප්‍රමාණවත් වේගයකින් ඇසීම සිදු විය යුතු බවට ජනතාවගේ පැත්තෙන් වන ඉල්ලීම සෑහෙන කලක සිට සිදුවන්නකි. නමුත් ඒ ඉල්ලීම මෙතෙක් කිසිදු රජයක් ඉටු කලේ නැත.

දැන් මහජන ඉල්ලීම බලවත් වීම හිසාත්, ඒ ඉල්ලීම ඉටු නොකිරිම ගැන රජයට බලවත් විරෝධයක් එල් වි ඇති නිසාත් බරපතල වංචා දූෂණ නඩු ඇසීම සඳහා ස්ථිර ත‍්‍නිපුද්ගල මහාධිකරණ පිහිටුවීමට රටේ පවතින පනත් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

එය මේ රටේ සියලූ නීතිගරුක පුද්ගලයින්ගේ ප්‍රසාදයට හේතු විය යුතුය. සෑම ආගමිකයෙකුගේම ප්‍රසාදයට හේතු විය යුතුය. මන්ද ”මම සොරකිමින් වැලකෙමි” යන්න පංච සීලයටද ‘සොරකම් නොකරව’ යන්න දස පනත අදාලට වන මූලික ප්‍රතිපදාවක් වන නිසාය. පොල්ගොඩියක් කඩා ගැනීම වැනි දේ නොව මහ පරිමාණ වංචා දූෂණ යනු එම පංච සීලය දස පනත බරපතලව උල්ලංඝනය කිරිම්ය.

රටේ බොහෝ දෙනා මේ පිළිබඳ ප්‍රසාදය ඵල කරද්දී සුළු පිරිසක් මේ පනතට විරුද්ධව අධිකරණය හමුවට ගොස් ඇත.

ඔවුන් වනාහි සොරකම් පිළිබඳ චෝදනා එල්ල වු අයගේ හිතවතුන්ය. මේ විරෝධතාවය දෙවියන්ගේ දැසින් දකින විට පැහැදිලිව පෙනේනේ ‘හොරුන් හා සොරුන්ගේ කල්ලියේ විරෝධයක් ලෙසය.’

ඔවුන්ගේ මූලික තර්කය වන්නේ මේ හරහා විරුද්ධවාදින්ගෙන් පලිගත හැකි බවය. එවැනි නඩු ද සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය තුල විසදිය හැකි බවය. නමුත් දැනට පෙනෙන කරුනු අනුව මෙම මහාධිකරණ සඳහා විනිසුරන්පත් කරන්නේ දේශපාලකයින් නොවේ.

ශී‍්‍ර ලංකා ජනරජයේ මහාධිකරණ විනිසුරන් අතරින් ඔවුන්ව පත් කරන්නේ ස්වාධින අධිකරණ කොමිසන් සභාව විසිනි. නඩු පවරන්නේ නීතිපතිවරයා විසිනි. ඒ නිසා දැනට පවතින ක්‍රියාවලීයට වඩා වෙනස් අනීතික ක්‍රියාවලියක් එතැන නැති බව පෙනේ.

කිතුනුවන් ලෙස, අප මෙම ක්‍රියාවලිය සහය දිය යුතුය. මන්ද වංචාව, දුෂණයය පිටුදැකිම දෙවිදු අභිමයතය වන නිසාය. සාධාරණ විනිශ්චයක් ලැබීම දෙවිදු අභිමතය වන නිසාය. හාල්මැස්සන්ට පමණක් නීතිය ක්‍රියාත්මක වීම දේව අභිමතය නොවන නිසාය.

දේශපාලන විරුද්ධවාදින්ට පමණක් නිතිය ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියාකරන්නේ නම් ඊට වන්දි ගෙවීමට රජයට සිදුවනු ඇති අතර විනිසුරන් අල්ලසට යට වුවහොත් ඊට වන්දි ගෙවීමට ඔවුන්ටද සිදුවනු ඇත.

”විනිසුරන් මිනිසුන්ගේ තරාතිරම් නොබැලිය යුතුය. අල්ලස් නොගත යුතුය. අල්ලස් ගැනීමෙන් නැණවතුන්ගේ තෙත් අඳුරු වේ. යුක්තිය, යුක්තිය, යුක්තිය පමණක්ම අනුගමනය කළ යුතුය”

(ශුද්ධ වු බයිබලය)

jesustodaysl 2 වන වසර 3 වන සතිය 2018 මාර්තු 25

 

Comments powered by CComment