“අතුරුදහන් වුවන් පිළිබඳ සත්‍යය සෙවීම හා යුක්තිය ඉටු කිරීම අපගේ ධාර්මික ඉගැන්වීම්වලට කොතරම් අදාළද යන්නයි. පැහැදිලි ලෙසම සෑම මිනිසෙකුටම ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ආගම් අනුව යමින් බැලු කල මෙය සිදු විය යුතු කරුණකි.

 

වසර එකහමාරකට පසු ඔව්, මාර්තු මස ජිනිවා මානව හිමිකම් සැසිවාරයට පෙර ජනපතිවරයා මෙරට පිහිටවු අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සඳහා කොමසාරිස්වරුන් පත් කළේය. ඒ පත් කිරීමත් සමඟ විවිධ ප්‍රතිචාර විවිධ කණ්ඩායම්වලින් ඉස්මතු විය.

රාජපක්ෂවරුන්ගේ මතවාදි ප්‍රකාශකයින් හා සිංහල ජාතිකවාදි බලවේග මෙය රණවිරුවන් පාවාදීමේ කූට ප්‍රාප්තිය ලෙස නම් කරන ලදී.

ජනපති නම් කළ එක් අයෙකු වන නිමල්කා ප්‍රනාන්දු කොටි ඩයස් පෝරාවේ නියෝජිතයෙකු ලෙස හඳුන්වා දෙමින් මෙය විදේශයට රට පාවාදීමක් ලෙස විස්තර කරන ලදී.

එයට ප්‍රතිචාර දැක්වු මංගල සමරවීර ඇමැතිවරයා රජය වෙනුවෙන් ප්‍රකාශ කරනු ලැබුයේ අතුරුදහන් කාර්යාලය රණවිරුවන් දඩයමට නොවන බවයි. තව දුරටත් ඔහු සඳහන් කර තිබුණේ ප්‍රචණ්ඩත්වය ඇති කළ වරදකරුවන්ට එරෙහි අධිචෝදනා ගොනු කිරීමේ බලයක් මෙම කාර්යාලයට නැති බවයි.

මේ අතර අතුරුදහන්වූවන්ට සාධාරණය ඉල්ලා ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයට වසරක් පිරීම නිමිත්තෙන් මාර්තු 03 වන දා පැවැති උද්ඝෝෂණයට එක් වු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමයේ නාගෙන්ද්‍රන් ජයලක්ෂ්මි පවසා තිබුණා මෙවැනි අදහසක්.

“මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙන්වීම සඳහා පමණක් ස්ථාපනය කරන ලද්දක්. මේ කාර්යාලය සඳහා පත් කළ අය අතර අතුරුදහන්වීම් හා පැහැර ගැනිම්වලට සම්බන්ධ අයත් සිටිනවා. ඒ නිසා අපට සාධාරණයක් ඉටු වේ යැයි සිතන්නට බෑ”

මෙම කොමිසමේ නිලධාරින් හමු වු කතා නායකවරයා පවසා තිබුණේ අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය සෙවීම මෙම කොමිසමේ කාර්යය බවයි.

ශ්‍රී ලංකාව තුල සංක්‍රාන්ති යුක්තිය ඉටු කිරිමේ ක්‍රියාමාර්ග පිළිබඳ රට තුළ ඇති විසංවාදි තත්වය මේ ප්‍රතිචාර තුළින් මොනවාද පැහැදිලි වේ.

නිලධාරින් පත් කිරීම වසර එකහමාරක් පමණ පමා වීම තුළින්ම ජනපතිවරයා මෙය ක්‍රියාවට නැංවීමට දක්වන අකමැත්ත පෙන්නුම් කරයි. කොමිසම පත් කළ ද ඊට අවශ්‍ය නිලධාරින් යටිතල පහසුකම් නිසි පරිදි වෙන් වී නැති බවද පැවසේ.

මේ සියලු ප්‍රතිචාර හා තත්වයන් මැද අප සිතා බැලිය යුත්තේ “අතුරුදහන් වුවන් පිළිබඳ සත්‍යය සෙවීම හා යුක්තිය ඉටු කිරීම අපගේ ධාර්මික ඉගැන්වීම්වලට කොතරම් අදාළද යන්නයි. පැහැදිලි ලෙසම සෑම මිනිසෙකුටම ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ආගම් අනුව යමින් බැලු කල මෙය සිදු විය යුතු කරුණකි. අතුරුදහන් කිරීම ගැන බිය යුත්තේ අතුරුදහන් කිරීමට සම්බන්ධ අය පමණි. අපරාධ සහයකයින් පමණි.

ඒ නිස ධාර්මික සාරාර්ථ නම් ජාත්‍යන්තරය රැවටීමට හෝ නොකර බැරි නිසා ක්‍රියා නොකර අතුරුදහන් වීම් පිළිබඳ සොයා බැලීම ධාර්මික කරුණක් වන බවයි.
“සත්‍ය ඔබව නිදහස් කරයි” යන ජේසු තුමන්ගේ ඉගැන්වීම අනුව සත්‍ය හෙළිදරව් කිරීම අත්‍යාවශ්‍ය වේ.


     6cac3e4af71ab8dda6dba234a97e4887 මධුර කුසුම් කුමාර

jesustodaysl 2 වන වසර 2 වන සතිය 2018 මාර්තු 17