අද රට තුළ මේ දෙබිඩි ජීවිත ගත කරන විනයධරයින් වැනි අයට අභියෝග කරන ජේසු වැනි අාගමික නායකයින් නැති කමින් විනයධරයින් වැනි අාගමික සමාජ දේශපාලන නායකයෝ දුප්පතුන්ගේ දේ කොල්ලකති. කෝටි ගණන් මුදලට විකිනෙන, මිලදි ගන්නා දේශපාලකයින් කරන්නේ එ් කොල්ල කෑම නොවේද ?

දේව වචනය අපට පෙන්වා දෙන්නේ දේශයක චිරස්තිතිය, සෞභාග්‍ය පවතින්නේ හුදු අාගමික නාමයක් පවත්වා ගන්නා මිනිසුන් නිසා නොව අාඥා අණ පණත් පිළිපදින මිනිසුන් සිටිමෙන් බවයි.

පෙනීම ලැබු අන්ධ මිනිසාගේ ඊළඟ ක්‍රියාව වූයේ කුමක්ද ? ජේසුගේ අනුගාමිකයෙකු වී මිනිසුන් ගළවන ගමනට එක්වීමයි. දෙවිඳුන්ගෙන් මහත් දේ ලැබු අප තව තවත් ඉල්ලනවාද ? ගැලවීමේ දූත කාර්යයට දායක වෙනවාද ?

පාවුළු තුමාද පවසන්නේ "සාමය" උදෙසා සියළු ජාතින්ගේ එකමුතුවට ක්‍රියා කළ යුතු බවයි. එදා තද බල ලෙස එකිනෙකා නොරිස්සු ජාතින් අතර එකමුතුභාවයට ක්‍රියා කිරීම ධර්මදූත කාර්යය බවයි එතුමා පෙන්වා දෙන්නේ.

හම්බ කරන දෙය තමා සඳහා භාවිතා කරනවා කියලා දෙයක් නෑ. ඔහු / ඇය කන්නේ බොන්නේ අදින්නේ, යන්නේ, හිතන්නේ, සියල්ල කරන්නේ දෙවිදුන් දුන් දූත කාර්ය උදෙසා නම් එතැන තියෙන්නේ 10 % ක් දීමේ ක්‍රිස්තියානිය නොවෙයි.