ශුද්ධවන්තකම, ශුද්ධවන්තකම මනින මිණුම් බවට දිළින්දා කෙරෙහි දක්වන අාකල්පය පත්වන බව ජාකොබ් සදෙස අවධාරණය කරයි.ශුද්ධවන්තකම යනු දෙවියන්වහන්සේ තෝරාගත් දිළින්දා පිළිගැනීම හා දේව රාජ්‍ය උදෙසා වැය වීමයි.

සැබෑ ප්‍රශංසාව තමයි “ජීවිතයම ප්‍රශංසාවක්” බවට පත්කර ගැනීම. එවිට ඔබ ප්‍රශංසා කරනවා විතරක් නොවෙයි. ඔබව දකින සියලු දෙනා දෙවියන්ට ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසාවේ ඉල්ලම් නෑ. ප්‍රශංසාවම, ස්තූතියම පමණයි.

ධනය, පිරිස් බලය සහ කීර්තිය ක්‍රමයෙන් එ්කරාශී වන විට, එ්වා කෙරෙහි වඩ වඩා ගිජුවීමේ මනුෂ්‍ය ස්වභාවය නිසා සංවිධානයේ ශක්තිමත් බවට සහ නායකත්වයේ ස්ථාවරය බවට හේතු වන අයුරින්, ගුණාත්මක අරමුණු හීලෑ කර ගැනීමට සිදු වේ.

දේව සම්ප්‍රදාය හා මනුෂ්‍ය සම්ප්‍රදාය එකිනෙකට වෙනස්ය. බොහෝ නායකයෝ දේව අාඥාව යැයි කියා ගනිමින් මනුෂ්‍ය සම්ප්‍රදායන් පවත්වා ගනිති. එසේ කිරිම කෙෙරාටික කමකි. මුවින් දෙවිඳුන් පසසමින් ක්‍රියාවෙන් ලෝකයේ සම්ප්‍රදායන් රැකීම රැවටීමකි.

"එකම දෙවියන්" යනු නිකම්ම නිකම් දෙවි කෙනෙක් නොවේ. "ජනතාව නිදහස් කරන දෙවියන්" ය. එම දෙවියන්ට නමස්කාර කිරීම යනු නිකම්ම නිකම් අැදහීමක් නොව " නිදහසේ ජීවිත ක්‍රමයක් තුළ" පැවැතීමයි. අන් දෙව්වරුන්ට වැදුම් පිදුම් කිරීම යනු හුදෙක් අන් දෙවි වරු වන්දනා කිරීමක් නොව "වහල් කමේ ක්‍රමයට " නතු වීමකි.