ඉරුදින සුපුවත
සාමාන්‍ය සමයේ 33 වන ඉරුදින

 

දිනට නියමිත ශුද්ධ ලියවිලි

හිතොපදේශ          31/10-13, 19,20,30,31
1 තෙසලෝනික       5/1-6
මතෙව්                25/14-30

දේව ගරු බිය දක්වන්න.

 

  • ජුදා ප්‍රඥා සාහිත්‍යයේ මුදුන් මල්කඩක් සේ සැලකිය හැකි හිතෝපදේශය ග්‍රන්ථය තුළින් ජීවත්වීමට අදාල විවිධ උපදේශ ඉදිරිපත් කරයි.
  • හිතෝපදේශ ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදයේ අවසානයේ දැක්වෙන්නේ සත් ගුණවත් බිරිඳකගේ ගතිගුණයන්ය.
  • සත් ගුණවත් බිරිඳකගේ ලක්ෂණය වන්නේ දේව ගරු බිය ඇතිව සිටීමයි. එය සත්ගුණවත් පුරුෂයාටද අදාල වන්නකි.
  • අද බොහෝ විට බිරිඳකගෙන් බලාපොරොත්තු වන්නේ රූපයයි.
  • ආගමික පුවත්පත්වලද රූමත්, පැහැපත්, යුවතියක පතයි යනුවෙන් මිස ගුණවත් බිරිඳක පතයි යනුවෙන් සඳහන් නොවේ.
  • සමිදුන් පෙන්වා දෙන්නේ රූ සපුව මායාවක් බවයි. එය පහව යන්නක් බවයි. පහව නොයන දේ ගුණවත් කමයි.
  • විශේෂයෙන් කිතුනු ප්‍රඥාවේ මූලික ගුණයන් වන දිළින්දා වෙත දැක්විය යුතු ආකල්පයද මෙහිදි අවධාරණය කරයි. ‘ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත.’

ආලා්කයයි සූදානම.

  •  පාවුළු තුමා තෙසලෝනික සභාවට පවසන්නේ පුනරාගමනයට සූදානම් වීම ගැනයි.
  •  ජේසුතුමන්ගේ යලි පැමිනිම ඉතා ඉක්මනින් සිදු වේ යැයි යන අදහස එකල පැවැති අතර ඒ පිළිබඳ කතාබහ සිදු විය.
  • ඒ දවස සොරෙකු මෙන් පැමිණෙනු ඇත. යනුවෙන් මෙහි සඳහන් වේ.
  • පාවුළු තුමා අවධාරණය කරන්නේ ආලෝකය තුළ සිටිනවා නම් ඒ දවස කොයි මොහොතේ වූවද ගැටළුවක් නොවන බවයි. 
  • ඔබ අන්ධකාරයේ නොසිටින නිසා බිය නොවන්න. ඔබ ආලෝකයේ දරුවෝද දිවා කාලයේ දරුවෝද වන්න. නිදා නොඉඳ අවදිව සිහි කල්පනාව ඇතිව සිටින්න.
  •  ගැලවීම ලැබීම සඳහා අන්ධකාරයේ ක්‍රියාවලට හවුල් නොවන ජීවිතයක් අප ගත කළ යුතුය. මරණය ගැන සිතුවද එය කොයි මොහොතේ අප වෙත ළඟා වේදැයි නොදනිමු. ඒ නිසා සෑම විටම යහපත තුළම ආලෝකයේ තුළම සිටිය යුතුය.

හැකියා දෙව් රජය උදෙසාම වැය කරන්න.

  •  අද ජේසු තුමා දක්වන උපමාව ගැන වාද විවාද පවතී.
  • එසේම මේ උපමාව ඉතිහාසය තුළ වැරදියට අර්ථ දක්වා ඇත.
  •  ධනවාදයේ නැගීම සඳහා ධනය වඩ වඩා ඉපදවීම දේව අභිමතය බව පෙන්වා දීමටද මේ උපමාව භාවිතා කෙරි ඇත.
  •  සාමාන්‍ය ව්‍යවහාරය තුල මේ උපමාව අර්ථ දක්වන්නේ තලෙන්තු පිළිබඳ උපමාව යනුවෙනි. එහෙත් උපමාව ගැන සඳහන් වන මතෙව් හා ලුක් සුවිශේෂ වල එවැනි සඳහනක් නැත.
  •  ඇතැම් බයිබල විශාරදයන්ගේ මතය වන්නේ මේ මගින් පෙන්වන්නේ මේ ලෝකයේ රාජයයේ අයගේ ප්‍රඥාව ගැන බවයි.
  • දේව රාජ්‍ය උදාකරගත හැක්කේ තමන්ට ලැබී ඇති හැකියා දක්ෂතා මේ ලෝකයේ ධනය ගොඩගැසීමට යෙදවීමෙන් නොවන බව කිතු තුමාගේ ඉගැන්වීම් තුළින් පැහැදිලිය. දේව රාජ්‍ය ගොඩනැගෙන්නේ තමන් සතු හැකියා දක්ෂතා මිල මුදල පවා ප්‍රේමය ගොඩනැගීමට කැප කිරීම තුළිනි.