ඉරුදින සුපුවත සාමාන්‍ය සමයේ 32 වන

දිනට නියමිත ශුද්ධ ලියවිලි

ප්‍රඥා                           6/12-161 තෙසලෝනික                  4/13-18

මතෙව්                         25/1-12    

12

 අදට නියමිත ශුද්ධ ලියවිලි වල පොදු තේමාව වන්නේ ප්‍රඥාව හෙවත් නැණ නුවණයි. ඉතා නිවැරදිව හඳුනා ගන්නේ නම් ප්‍රඥාව හා ගැලවීම අතර සම්බන්ධතාවය අද ශුද්ධ ලියවිලි අවධාරණය කරයි.

 ප්‍රඥා පොත ලියවෙන්නේ ඊශ්රායලය ග්‍රීක සභ්‍යත්වය හා සංස්කෘතියට ඇදි ගිය වකවානුවකදීය. ප්‍රඥා පොතේ කතුවරයාගේ අරමුණ වන්නේ සැබෑ ප්‍රඥාව කුමක්ද යන්න අවධාරණය කිරිමයි.

පිවිසුමක් වශයෙන් ප්‍රඥාව සපයන ගුරුවරුන් වෙත නාසි වද කඳවුරකින් පැන ආවෙකු ලියු මේ කවිය අපට යොදා ගත හැක.

ආදරණීය ගුරුතුමෙනි,
මම නාසි වඳ කඳවුරකින් මිදි
පලා ආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නුදුටු
නොදැකිය යුතු බොහෝ දෑ
මම දුටුවෙමි.
උගත් ඉංජිනේරුවන් විසින්
ගෑස් කුටි තනා තනන හැටි
දක්ෂ වෛiවරු විසින්
මිනිසුන්ට විෂ එන්නත් කර
මරා දමන හැටි
පුහුණුව ලත් හෙදියන් විසින්
ළඳරුවන් මරා දමන හැටි
උපාධිධාරින් විසින්
ගැහැණු හා පිරිමි ළමුන්
පුළුස්සා මරා දමන හැටි
මට අධ්‍යාපනය ගැන ඇත්තේ
සැකයකි.
මාගේ ඉල්ලීම නම්,
ගුරුවරුන් විසින් තම සිසුන්ට
කියා දිය යුත්තේ
මානව දයාවෙන් යුතු මිනිසුන්
වන ආකාරයයි.
ඔබේ ඉගැන්වීම අවසාසනයේ
ලොවට උගත් අමනුෂ්‍යයින්
අති දක්ෂ යක්ෂයින්
දායාද කළ යුතු නැති
කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය
වැදගත් වෙන්නේ
ඒ මගින් අනාගත පරපුරට
වඩා මානව හිතවාදී වීමට
කියා දෙන්නේ නම් පමණි.

ප්‍රඥාව හා ගැලවීම.
ප්‍රඥාව යනු ගැලවීම ලබා දෙන ප්‍රඥාවයි. ප්‍රඥාවන් මිනිසා යහපතට පැමිණිය යුතුය. ප්‍රඥාවන්තයා ඔළුව දැනුමෙන් පුරවාගත් අයෙකු නොවේ. ආලෝකයෙන් හිස හා හදවත අවදි කරගත් අයෙකි.
වත්මනේදි පාසල් දහම් පාසල් ටියුෂන් වලට ගාල් කරමින් අප සිදු කරන්නේ දරුවන් ප්‍රඥාවන්තයින් කිරීම යැයි අප සිතා සිටින්නේ නම් එය මුලාවකි.
 ජාතිවාදය වපුරන මහාචාර්යවරු
 රෝගින් දූෂණය කර මරා දමන වෛiවරු
 පරිසර විනාශ කරන ව්‍යාපෘති අනුමත කරන ඉංජිනේරුවරු
 සිසුන් අපයෝජනය කරන ගුරුවරු
 දිවි නසා ගන්නා විශ්ව විiාල සිසුන්

මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ ගැලවීම ලබා දෙන ප්‍රඥාව මේ දැනුම සපයන අධ්‍යාපනයෙන් නොලැබෙන බවයි.
සත්‍ය හා යථාර්ථය වෙත අපව අවදි කරන්නේ සැබෑ ප්‍රඥාාවයි. අපව නිදහස් කරන්නේ, අපව ගලවන්නේ ඒ සත්‍යයයි.

අවදිව සිටීම.

අදට නියමිත සුවිශේෂ පාඨය තේරුම් ගැනීමට නම් එය හුදකලාව සලකා නොබලා ඊට පෙර හා පසු කොටස්ද අප සිහියේ තබා ගත යුතුයි. යුවතියන් දස දෙනා පිළිබඳ මෙම උපමාව ඇතුල්වන්නේ ක්‍රිස්තුස් වහන්සෙගේ නැවත පැමිණිම හා අවදිව සිටීම පිළිබඳ විස්තරයක එක් කොටසක් ලෙසයි.

මනාලයා හමුවීමට යන යුවතියන් දස දෙනාගෙන් පස් දෙනෙකු පමණක් සිය පහන් සමඟ බදුන් වල තෙල් ද රැගෙන යයි. අනිත් අය තෙල් රැගෙන නොයයි. තෙල් රැගෙන ගිය නැණවත් යුවතියන්ට පමණක් මනාලයා සමඟ යාමට ඉඩ ලැබෙයි.

උපමාව අවසන ලබාදෙන උපදේශ වන්නේ ‘දවසවත් පැයවත් නොදන්නා නිසා අවදිව’ සිටින්න යන්නයි. 

මේ අවදිව සිටීම දිනපතා හැම මොහොතකම සිදුවිය යුතුය. කිතු සමිදුන්ගේ පැමිණිම සිදුවන්නේ යුගාන්තයේදි පමණක් නොවේ. හැම මොහොතකම සිදු වේ. අප අවදියෙන් සිටිමින් එතුමාව හඳුනා නොගන්නේ නම් එතුමාව ආදරය නොකරන්නේ නම් යුගාන්තයේදිද අපට එතුමන් හමුවීමට නොහැකිය යන පනිවුඩය මේ තුළ ගැබ් ව ඇත.

සහෝදරය තුළ අසල්වැසියා තුළ
අන්‍ය ජාතිකයා තුළ අන්‍ය ආගමිකයා තුළ අපි නිතිපතා
දෙවිදුන්ව දකිනවාද?
එසේ නැත්නම් නහින දෙහින කාලේ වල පය යි ගොඩ පය යි
තියෙන කාලේ දෙවියන්ට ලංවි දෙවිදුන්ව ස්වර්ගයේදි දකින්න
හිතනවාද?
යහපත් නොකර, ජනප්‍රිට පිං දහම්, ආධාර උපකාර උත්සව වලට
උපකාර කර ස්වර්ගය ප්‍රාර්ථනා කරනවාද ?
එය ප්‍රඥාව නොවේ.
මුලාවයි.

 

jesustoday 37 සතිය 2017 නොවැම්බර් 12