ඉරුදින සුපුවත

සාමාන්‍ය සමයේ 31 වන ඉරුදින

 

දිනට නියමිත ශුද්ධ ලියවිල

මලාකි                            1/13 / 2,8-10

1 තෙසලොතික                2/7-9,13

මතෙව්                            23/1-12

 

පූජක මෙහෙවර කෙළසන්න එපා

- මලාකි දිවැසිවරයා තුළින් දෙවිදුන් විශේෂයෙන් පූජකයින්ට අනතුරු අඟවති.

- ඊට හේතුව කුමක්ද ?

  • පූජකයින් වන නුඹලා හරි මාර්ගයෙන් පිට ගොස් ඇත.
  • නුඹලාගේ ඉගැන්වීම් නිසා බොහෝ දෙනෙකු වරදට වැටී ඇත.
  • ලෙවි සමඟ මා කළ ගිවිසුම නුඹලා කඩ කර ඇත.
  • නුඹලා මාගේ ඉගැන්වීම් නොපිළිපැද මාගේ කැමැත්ත උගන්වයි.
  • සියදු දෙනාට එකසේ නොසැලකීම.

මේ තත්වය හේතුවෙන් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද ?

  • නුඹලාගේ ක්‍රියාවලින් මට ගෞරවය නොකරන්නාහු නම්
  • මා වදාරන දේට නුඹලා සවන් නොදන්නාහු නම්
  • එය හොඳින් සිතට නොගන්නාහු නම්
  • නුඹලා පිට මම සාපයක් පමුණුවන්නෙමි. ජනතාවට ලවා නුඹලා හෙළා දකිනු ලබන්නට සලස්වන්නෙමි.

අපි මොහොතක් සිතමු.

  • අදත් ඇතැම් පැවිදි පූජක පිරිස් දෙවිදුන් හෙලා දකින මෙම වැරදි පිළිවෙත් වල යෙදෙන්නේ නැද්ද ?
  • ජනතාවගේ හෙළා දැකීමට ලක් නොවේද ?

දෙවිදුන් මේ පවසන දේ අද ගිහියෙක් මතු කළොත් පූජකවරු කෙලෙස ඔහු / ඇය බාරගනු ඇතිද ? අද කොතරම් පූජක පැවිදි පිරිසක් සමිදු මාර්ගයෙන්, සමිදු කැමැත්තෙන් ඈත් වී ක්‍රියා කරනවාද ?

  •  නිවැරදි වීම සඳහා ඒ බව පෙන්වා දීම සමිදුන් අභිමතයයි.
  • වත්මන් ප්‍රැන්සිස් සුදතුම් පියාණන් මේ පිළිබඳ කරන පැහැදිලි කිරිම් කීපයක් මෙසේය.

බරක් නොවන කැපවු ජීවිතයක්.

  • පාවුළු තුමා තෙසලෝනික සංඝයට පවසන්නේ දේව සේවකයින් වශයෙන් ඔවුන්ගේ (ශ්‍රාවකයින්) ජීවිත ආදර්ශයයි.
  •  ජනතාව කෙරෙහි දේව සේවකයින් දැක්විය යුතු ආකල්පය කුමක්ද ?
  • කිරි මවක සිය දරුවන් මෘදු ලෙස පෝෂණය කරන්නෙක් මෙන්
  • මවක් දරුවා පෝෂණය කරන්නේ කිසිදු ප්‍රතිලාභයක් අපෙක්ෂාවෙන් නොවේ. ජීවිතය පවා පරදුවට තබාය.
  • දේව සේවකයාට තමාගේ යැපීමට අයිතිය ඇතත් පාවුළු තුමා ආදර්ශයක් වෙමින් රැකියාවක් කරමින් දේව සේවයේ නිරත විය.

“ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස දිවා රෑ දෙකෙහි රැකියාවක යෙදෙමින් දෙවියන්ගේ සුබ අස්න ඔබට දේශනා කළේමු”

  •  අද මේ ආදර්ශමත් බව පෙන්වන්නේ කී දෙනෙක්ද ? ජනතාවට නැති සැප සම්පත්. පරිභෝජන ද්‍රව්‍ය භුක්ති විදින දේව සේවක ජීවිත පැවැත්මක් අපි නොදකිමුද?
  • ජනතාව හොඳින් දේව පණිඩුවය පිළිගන්නේ දේව සේවකයාගේ ජීවිත තුළින් ඒ පණිවුඩය ප්‍රකාශවන්නේ නම්ය.

කියන දේ නොකරන්නා පූජකයෝ නොවෙති.

  • ජේසු තුමන් ඉතා සෘජුව හා පැහැදිලිව විනයධරයන්ට හා පරිසිවරුන්ට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරයි.
  • දෙවියන්ගේ ව්‍යවස්ථාව පිළිබඳ බලය ඔවුන් සතුවන බව කියමින් ඔව් හු මහන්තත්ව ජීවිත ගත කරන බව එතුමා දකි.
  • නමුත් ඔවුන් කියන දේ නොකරන බව උන්වහන්සේ පෙන්වා දේ.

“ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව් හු එකක් කියති. අනෙකක් කරති”

  • ජේසු තුමන් මේ කුහක බව තරයේ හෙලා දකි. නිර්දය ලෙස ඒ දෙබිඩි ජීවිත දෝෂදර්ශනයට ලක් කරයි.

“ඔව් හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත් ඒ බර පොදි ඉසිලිමට සුළැගිල්ලක තරම්මත් ආධාරයක් දීමට කැමැති නොවෙති.

  • මිනිසුන්ට පෙනෙන්නට මිනිසුන් ඉදිරියේ සිල්වතුන් සේ පෙනී ඉන්න අයගේ ජීවිතයේ ඇති දෙබිඩි බව පෙන්වා දෙන එතුමා ඒ දෙබිඩි ජීවිත දෙවිදුන්ට ප්‍රසන්න නොවන බව පෙන්වා දෙයි.
  • පූජක පැවිදි අයට පමණක් නොව සෑම කිතුනුවකුටම දෙවියන්ගේ කැමැත්ත මේ ලොව තුළ මේ රට තුළ කිරීමට අපිට කැඳවීමක් ඇත.
  • ඒ කැඳවීම ඉටු නොකරන සියලු දෙනාටම ගිහි පැවිදි පූජක බේදයකින් තොරව අද සුපුවත අදාල වේ.
  • විශේෂයෙන් මීසම්වල, සංඝවල, සංවිධාන වල නායකත්වය ගන්නා ගිහියන්ද පරිසිවරු ලෙස කටයුතු කිරිම බරපතළ වරදකි. දෙවිදුන්ට අපහාසයකි.

 

jesustoday 36 සතිය 2017 නොවැම්බර් 05

Comments powered by CComment