ඉරුදින සුපුවත

සාමාන්‍ය සමයේ 30 වන ඉරු දින


දිනට නියමිත ශුද්ධ ලියවිලි

නික්මයාම 22/21-27

1 තෙසලානික 1/5-10

මතෙව් 22/34-40

 

උදහසට ලක් නොවන්න.

 

  • දෙවියන්වහන්සේ මෝසස් තුළින් අනාවරණය කරන්නේ දේව ආදරයයි. දේව සිතයි. දේව දයාවයි.
  • ඊශ්‍රායල්වරුන් තමන් තෝරාගත් ජනතාව ලෙස සිතුවත් දෙවිදුන් පවසන්නේ තමන්ගේ සැබෑ තෝරාගත් ජනතාව පීඩිත ජනතාව බවයි.
  •  නුඹලා විදේශිකයන්ටත්, වැන්දඹුවන්ටත්, අනාථ දරුවන්ටත් අයුක්තියක්වත්, හිරිහැරයක්වත් නොකළ යුතු
  • එසේ කළොත් දෙවියන්ගේ උදහස ඇවිලි නුඹලාද විදේශිකයින්, අනාථයින්, වැන්දඹුවන් බවට පත්වනු ඇති බව උන්වහන්සේ අනතුරු හඟවයි.

අපි මොහොතක් සිතා බලමු.

මෑතකදි අප රටට පැමිණි රොහින්යා සරණාගතයින්ට අප සැලකු අයුරු දේව කැමැත්තට එකඟද ?

  • අප රටට එන විදේශිකයින්ට නොව අප රට තුළම සිටින වෙනත් ජාතින්ව අපි විදේශිකයනි්ටත් වඩා අන්ත ලෙස සලකන අවස්ථා නැතිද
  • යුද්ධය හේතුවෙන් දැනුත් උතුරේ හා රට තුළ ජීවත්වන 100 000 කට අධික වැන්දඹුවන්ට යුක්තිය ඉටුකරනවාද ?
  • විවිධ හේතු නිසා අනාථ වු දරුවන්ට පරිවාස ගතවු දරුවන්ට දිනකට රු 20 පමණක් රජය වෙන් කිරිම කොතරම් අයුත්තියක්ද?

මේ තත්වයන්ට අපි කිතුනුවන් ලෙස ප්‍රතිචාර දක්වනවාද ?

  • අනාථයන්ට යුක්තිය ඉටු කිරිම යනු අනාථයන් බිහිකරන, ඇතැම් සහෝදර ජන කොටස් විදේශිකයන් සේ සලකන පවතින ක්‍රමය වෙනස් කිරිමයි. ඒ සඳහා අප දායක වනවාද?

ප්‍රේමය ප්‍රතිරාව නංවන්න.

  • පාවුළු තුමා තෙසලෝනික සංඝය ඇගයුමට ලක් කරයි.
  • මන්ද ඔවුන්ගේ ක්‍රියාකාරි ඇදහිල්ල මගින් අනිකුත් සංඝයන්ට අනුප්‍රාණයක් ලැබී තිබෙන නිසාය. අනෙක් සංඝයන් ප්‍රේමයේ ජීවිතය හඳුනාගෙන ඇති නිසාය.
  • අපි මොහොතක් සිතා බලමු. අපේ මීසමේ අපේ කිතුනු ඒකකයේ ජීවිතය අනිකුත් අයට වෙනස් සිතිමකට, දෙවියන්ව දැකීමට උපකාරයක්ද ?
  • මේ රටේ අනාථයන් ගැන, වැන්දඹුවන් ගැන අපේ සිතීම ක්‍රියා කිරීම නිසා අනිකුත් ජනතාව දෙවිදුන්ව හඳුනාගන්නවාද ?
  • අපිත් ජනප්‍රිය මතයේ සිට ජාතිවාදය, වෛරය ප්‍රතිරාව නංවනවාද?

ප්‍රේමය හැර පනතක් නැත.

  • ගිය ඉරිදා කතන්දරයේම දිගුවක් වන සිදුවීමක් සුවිශේෂයේ දැක් වේ.
  • සීසර්ට බදු ගෙවීමේ ප්‍රශ්නයෙන් සදිසිවරු නිරුත්තර වු බව අසා පරිසිවරු වෙනත් ප්‍රශ්නයකින් ජේසුස් වහන්සේව පරීක්ෂා කිරිමට යති.
  • ශ්‍රේෂ්ඨතම ආඥාව’ කුමක්ද ?

■   මුළු හදින්ම මුළු සිතින්ම මුළු බුද්ධියෙන්ම දෙවියන්ට ප්‍රේම කරන්න.

■   නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැනිසයාටත් ප්‍රේම කරන්න.

නුඹ නුඹට ප්‍රේමරකන්නාක් මෙන් ... ?

මොහොතක් හිතන්න.

ඔබ ඔබට පේ්්‍රම කරනවාද ?

අද ලංකාව තුල පවතින ප්‍රධාන ගැටළුවන් වන්නේ තමාට ප්‍රේම නොකරන මිනිසුන් අන් අයට ප්‍රේම කිරිමයි. තමාට ලැබුනු ජීවිතය ටික ටික විනාශ කරගන්න අප පෙමව්තුන්, පෙම්වතියන්, මව්පියන් නායකයින් වීමයි.

සැබැවින්ම කිතු තුමා වෙනත් අවස්ථාවක ඉතා පැහැදිලි ලෙස මෙම පනත නැවත අර්ථ නිරූපණය කළා. මා ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ඔබත් එකින් එකාට ප්‍රේම කරන්න. එයයි ශ්‍රේෂ්ඨ පනත.

 

jesustoday 35 සතිය 2017 ඔක්තෝම්බර් 29

Comments powered by CComment