ජේසුගේ රාජ්‍යය දේව රාජ්‍ය ජුදා රාජ්‍යයක් නොවේ. මිනිස් රාජ්‍යයකි. ජාතිවාදය අහොසි වූ රාජ්‍යයකි. ජාතිවාදි සිත් අැති අදහස් අැති කිසිවෙකුව ක්‍රිස්තු රාජාණන්ට ගරු කළ නොහැකිය. ඔව් හු ජේසු ගේ රාජකීයත්වයට පිටුපා පවතින රාජකියත්වයට අා වඩන අය වෙති.

දැනියල්      7/13-14

එළිදරව්ව    1/5-8

ශු. ජොහාන් 18/33-37

මෘග පාලනය වෙනුවට දේව පාලනය.

අදට නියමිත පළමු දේව ප්‍රකාශනය දැනියල්ගේ පොතෙනි. දැනියල්ගේ පොතේ 7 වන පරිච්ඡේදයේ "මෘගයන් සතර දෙනෙකු පිළිබඳ දර්ශනය" නම් කොටසේ අවසාන වගන්ති දෙකයි.

මේ වගන්ති දෙක අර්ථ ගන්වාගත යුත්තේ ඊට ඉහතින් දැක්වෙන මෘගයන් සතර දෙනා පිලිබඳ දර්ශනයත් ඊට පහතින් දැක්වෙන එම දර්ශනයේ තේරුම නැමැති කොටසත් එක්ව කියවීමෙනි.

  • දැනියල් මේ දර්හන දකින්නේ ඊශ්‍රායලය තුළ දේව පාලනය බිඳ දමා, දේව පාලනය පිළිබඳ හෙවත්, සමිදාණනන් රජ කරන පාලන ක්‍රමයක් පිළිබඳ දේව කැමැත්තට පිටුපා රජවරුන්ගේ බලයට ඊශ්‍රායලය යටත් වූ පසුබිමක බව අප ගිය සතියේ මතක් කර ගතිමු.
  • දැනියල් සිහිනයෙන් දකින මෘගයන් සතර දෙනා යනු මෘග පාලනයක් ගෙනයන රජවරුන්ය. මේ අධිපතිවාදි රජවරුන්ගේ පාලනය නිමා කර සමිදාණන් සදහටම රජ කරන පාලනයක් අැති වීම ස්ථීරය යන අැදහිල්ලයි මේ කොටසින් දැක්වෙන්නේ.
  • එවැනි දේව පාලනයක් සහිත සමාජයක්, කාලයක් උදාකර ගැනීමට මෘග පාලකයින්ට නොරැවටී ඔවුන් අනුව නොයා සියලු ජාතින් එකතුව සමිදුන් පෙන්වා දෙන මාර්ගයේ ගමන් කළ යුතුය.

"සියලු ජනයන්ද, ජාතින්ද, භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස පාලන බලයද, ගෞරවයද, රාජ්‍යයද උන්වහන්සේට දෙන ලදී."

  • අපි මොහොතක් හිතමු. අපේ බලාපොරොත්තුව දේව පාලනයක්ද ? එ් සඳහා අපි වැඩ කරනවාද ? නැතිනම් පවතින මෘග, චෞර ලැජ්ජා නැති පාලනයන්ට අපි අා වඩනවාද ? 

නියම රජකම පෙන්වා දෙන ක්‍රිස්තු රජාණෝ.

  • අද ක්‍රිස්තු රාජාණන්ගේ මංගල්‍යය සමරන කිතුනුවෝ සම්ප්‍රදායික ජන වන්දනා වසර නිමා කරති.
  • අද සුපුවත ජේසු තුමන්ගේම වචනයෙන් මේ ලෝකයේ රජෙකු ඉදිරියේ අාලෝකයේ රජකම ගැන ප්‍රකාශ කෙරේ.
  • පිලාත් ජේසු තුමන්ගෙන් ප්‍රශ්නයක් අසයි.

"නුඹ ජුදෙව්වරුන්ගේ රජුද," 

  • ජේසු තුමා පෙරලා පැනයක් අසන සේක. ඔබද එය කියන්නේ නැතිනම් වෙන අයද ?
  • පිලාත් පවසන්නේ නුඹේ ජාතියේ නායකයෝ නුඹව මා අතට බාර දුන් බවයි.
  • මෙහිදි ජේසු තුමන්ව මරණයට පත් කරන්නේද  ජාතිය භාවිත කරමිනි. ජේසු ජාති ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසමිනි. ජුදා ජාතිවාදි නායකයින් විසින්ය ජේසුව පාවා දෙන්නේ. මුළු ඉතිහාසය පුරාම අද වගේම දේව පාලනය දේව රජකම පටු ජාතිවාදින්ට දරාගත නොහැකිය.
  • ජේසුගේ රාජ්‍යය දේව රාජ්‍ය ජුදා රාජ්‍යයක් නොවේ. මිනිස් රාජ්‍යයකි. ජාතිවාදය අහොසි වූ රාජ්‍යයකි. ජාතිවාදි සිත් අැති අදහස් අැති කිසිවෙකුව ක්‍රිස්තු රාජාණන්ට ගරු කළ නොහැකිය. ඔව් හු ජේසු ගේ රාජකීයත්වයට පිටුපා පවතින රාජකියත්වයට අා වඩන අය වෙති.
  • ජේසු පවසන්නේ මේ ලෝකයේ ක්‍රමයේ රාජ්‍යයක් තමන් ගාෙඩ නොගන බවයි. ඉන් අදහස් වන්නේ මේ ලොව තුළ දේව රාජ්‍ය අත් දැකිය නොහැකි බව නොවේ. 

"දේව රාජ්‍යය" හා "මේ ලෝකයේ රාජ්‍යය" "ක්‍රිස්තු රජාණේ" මේ "ලෝකයේ රජවරු" අතර වෙනස හඳුනාගන්න බලය ඉල්ලමු, දෙව් රජයට කැපවෙමු.

Jesustodaysl 2 වන වසර 37 වන සතිය 2018 නොවැම්බර් 25 

Comments powered by CComment