අද රට තුළ මේ දෙබිඩි ජීවිත ගත කරන විනයධරයින් වැනි අයට අභියෝග කරන ජේසු වැනි අාගමික නායකයින් නැති කමින් විනයධරයින් වැනි අාගමික සමාජ දේශපාලන නායකයෝ දුප්පතුන්ගේ දේ කොල්ලකති. කෝටි ගණන් මුදලට විකිනෙන, මිලදි ගන්නා දේශපාලකයින් කරන්නේ එ් කොල්ල කෑම නොවේද ?

1 රාජාවලිය  17/10-16

හෙබ්‍රෙව්      6/24-28

ශු. මාක්      12/28-44

යැපෙමින් බෙදාගන්න.

  • අද පළමු කියවීම දුෂ්කරම මොහාෙතක පවා "බෙදා ගැනීම" සමිඳු අභිමතය බවත් එම බෙදා ගැනීමම ලැබීම බවත් පෙන්වා දෙයි.
  • දැඩි නියඟයක් පවතින මොහොත දුගී වැන්දඹුවක තමාටත් තම පුතුටත් අවසාන පිටි ටිකෙන්, අවසාන තෙල් ටිකෙන් රොටියක් සෑදීමට දර කඩමින් සිටි, එලියා අැගෙන් කෑමට යමක් ඉල්ලයි.
  • ස්ත්‍රීය පවසන්නේ තමන් සතු අන්තිම පිටි ටික තෙල් ටික ඉවර වූ පසු තමන් යමක් නැති බවයි. මරණය මිස අහරක් නැති බවයි. එ්ත් අැය එලියාට රොටි කැබැල්ලක් ලබා දෙයි.
  • එ් ක්‍රියාවේ ප්‍රතිවිපාකය වූයේ පිටි බඳුන හිස් නාෙවීමය. තෙල් තුලාව අඩු නොවීමය.
  • මේ සිදුවීම "දෙවියන් තුළ යැපීම හා දෙවියන් තුළ බෙදා ගැනීම" ගැන අපට විශාල පණිවුඩයක් ගෙන එයි.
  • එවන් බෙදාගැනිමක් අප සතුවේද ? එවන් යැපීමේ ජීවිතයක් අප සතුවේද ?

විනයධරයේ හා වැන්දඹුවෝ.

  • අද ශුද්ධ වූ සුවිශේෂයේ එන දෙව් වදන බෙදාහදා ගත්දි බොහෝ විට අවධානය යොමු කරන්නේ වැන්දඹුවගේ පඬුර ගැන පමණි. විශේෂයෙන් පූජක තුමන්ලා.
  • නමුත් අද දින දේව වචනය ගෙන එන පණිවුඩය නිසි පරිදි තේරුම් ගත හැක්කේ "විනයධරයන්ට චෝදනා" යන කොටස ද එකට ගැනීමෙනි.

විනයධරයන් හට චෝදනා

"විනයධරයන්ගෙන් පරිස්සම් වන්න."

අැයි ?

  • ඔවුන් පෙන්වන සිල්වත් බව ඔවුන් තුළ නැත.

"වැන්දඹුවන්ගේ ගේ දොර කා දමති. පෙනුමට දිගින් දිගටම යාච්ඥා කරනි." 

  • මේ දෙබිඩි ජීවිතය දේව උදහසට හේතු වේ.

"මොවුහු වඩාත් බරපතල දඩුවමක් ලබති"

  • අද අපි විනයධරයින් ලෙස ක්‍රියා කරන්නේ නැද්ද ?
  • අද රට තුළ මේ දෙබිඩි ජීවිත ගත කරන විනයධරයින් වැනි අයට අභියෝග කරන ජේසු වැනි අාගමික නායකයින් නැති කමින් විනයධරයින් වැනි අාගමික සමාජ දේශපාලන නායකයෝ දුප්පතුන්ගේ දේ කොල්ලකති. කෝටි ගණන් මුදලට විකිනෙන, මිලදි ගන්නා දේශපාලකයින් කරන්නේ එ් කොල්ල කෑම නොවේද ?

වැන්දඹුවගේ පඬුර

  • පිං රැස් කිරීමට පෙනෙන්නට නම කියා ගන්න අාධාර උපකාර කරන බොහෝ දෙනා අතර දිළිඳු වැන්දඹුවගේ පඬුර ජේසු අගය කරති.
  • බොහෝ අය පල්ලියට පන්සලට ලබා දෙන්නේ තමන් උපයාගත් වැඩිපුර දෙයින් කොටසකි. එහෙත් සමහරු තමාට නැතිව තිබියදීත් යමක් දෙති.
  • නමුත් අද නම් බොහෝ විට වැන්දඹුවන්ව අගය නොකරේ.

"දහයේ විස්සේ කොළ දාලා කොහොමද ? මොනර කොල දාන්න කියන" පූජ්‍ය පුජක උතුමන්ලා ද සිටිති.

  • වසර ගණන් රුපියල, දහය, පනහ විස්ස දෙන දුප්පත් අැදහිලිවතුන් අගය නොකරන පූජ්‍ය පූජක උතුමන් බොහෝ දෙනෙකු දූෂිත දේශපාලකයින් වංචාවෙන් හොරකමින් උපයන ලද මුදල් හා ජනතාවගේ මුදල් තමාගේ සේ ලබාදුන් විට අගය කරති. අාශිර්වාද කරති. මෙය ජේසුගේ දහම කනපිට හැරවූ තත්වයකි. අැදහිලිවතුන් ලෙසද බොහෝ දෙනා පුරුදු වී අැත්තේ එ් අැගයුමටය. නමුත් ජේසු කළේ එය නොවන බව තිත්ත උනත් අපි පිළිගත යුතුය.

- වැන්දඹුව වෙනවාද, විනයධරයින් වෙනවාද ?

- ජේසුසේ පවතින තත්වය දකිනවාද ?

- විනයධරයින් සේ පවතින තත්වය දකිනවාද ?

"තුන්වේල හාමතේ ගෙවේය ජීවිතේ

එහෙව් අපෙන් නේ අරගෙන දන්සල් දෙන්නේ

දන්සල් දී පිං පොතෙද නම ලියවන්නේ

එ් වුනාට අපි තලියෙන් නිවන් දකින්නේ"

පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ත හිමි ලියු මේ ගීතය අපිට අාදේශ කර සිතමු.

 

Jesustodaysl 2 වන වසර 35 වන සතිය 2018 නොවැම්බර් 11 

Comments powered by CComment