දේව වචනය අපට පෙන්වා දෙන්නේ දේශයක චිරස්තිතිය, සෞභාග්‍ය පවතින්නේ හුදු අාගමික නාමයක් පවත්වා ගන්නා මිනිසුන් නිසා නොව අාඥා අණ පණත් පිළිපදින මිනිසුන් සිටිමෙන් බවයි.

ද්විතීය නීති   6/2-6

හේබ්‍රෙව්       7/23-28

ශු. මාක්       2/28-34

දේශය රැකෙන්නේ අාඥා පිළිපැදීම තුළයි.

රට, දේශය පිළිබඳ කතිකාව බලලෝභින් විසින් විවිධාකාරයට අර්ථ දක්වන වට පිටාවක අද දින සුපුවත දේශය රැක ගැනීම ගැන ඉතා පැහැදිලි දැක්මක් අප හමුවේ තබයි.

"උන්වහන්සෙගේ සියලුම නියෝග හා අණ පණත් අාරක්ෂා කළ යුතුය. එසේ කළොත් ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි කිරියෙන් මී පැණියෙන් ඉතිරෙන දේශයෙහි ඔබව සුබ සිද්ධිය සැලසෙනු අැත"

පෙරදිග මුතු අැටය යැයි පවසන අප රට ඉතා නින්දා සහගත රටක් බවට පත්ව ජනතාව දිනෙන් දින විනාශයට පත්වෙන්නේ දේව අණපතත් පිළිනොපදින බලලෝභි දේශපාලනය ක්‍රමය නිසාය.

"අපි ඉන්නේ ලොකු ප්‍රපාතයක. අපි ඉන්නේ ලොකු ගිනි ගොඩක. ලෝකෙම උතුම් රට ශ්‍රී ලංකාවයි කියන එක දැන් ලෝකෙම පහත් රට බවට පත්වෙලා තිබෙනවා"

 - ගලබොඩ ඥානස්සාර හිමි. -

දේව වචනය අපට පෙන්වා දෙන්නේ දේශයක චිරස්තිතිය, සෞභාග්‍ය පවතින්නේ හුදු අාගමික නාමයක් පවත්වා ගන්නා මිනිසුන් නිසා නොව අාඥා අණ පණත් පිළිපදින මිනිසුන් සිටිමෙන් බවයි.

දේව කැමැත්ත යනු "ප්‍රේමය" යයි. ප්‍රේමයේ පැවැත්මක් වෙනුවට නින්දිත වූ මුදලේ, බලයේ පැවැත්මක් අද දැකිය හැකිය. කිසිදු කිතුනුවෙකුට මේ පවතින මුදලේ බලයේ ක්‍රමයට ක්‍රියාවෙන් නොව වචනයෙන් හෝ සිතුවිල්ලෙන් වත් සහය  දිය නොහැකිය.

ශ්‍රේෂ්ඨතම අාඥාව ප්‍රේමයයි.

සැබෑ අාගමිකයා පුද පූජා කරන්නා නොව ප්‍රේම කරන්නා බව ජේසු තුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනු ලබයි. ක්‍රිස්තු ධර්මයේ මූලික හා ප්‍රධානම සාරය "ප්‍රේම කිරීමයි" නමුත් එම ප්‍රධාන කරුන වෙනුවට අද බොහෝ අාගමික නායකයෝ මෙන්ම බැතිමතුන්ද කරන්නේ පුද පූජා පිළිවෙත් ඉටු කිරීමයි.

ජේසු තුමා පෙන්වා දෙන්නේ ප්‍රේම කිරීම නියම ලෙස අැරඹෙන්නේ දෙවියන්ව ස්වාමියා කර ගැනීම තුළින් බවයි. ධනය, බලය දේශපාලන නායකයින් ස්වාමියා කරගනිමින් සිටින කිසිවෙකු දෙවියන්ට ප්‍රේම නොකරයි.

"දෙවියන්ටත් අසල්වැසියාටත් ප්‍රේම කරන්න"

ප්‍රේමයේ පනත පිළිපැදීම දේව රාජ්‍ය ගොඩනැගීමේ එකම මාවතයි. 

අපි මෙනෙහි කරමු.

  • ජේසු ස්වාමියාණන් කොටගෙන ක්‍රියා කරනවාද ? විවිධ බලලෝභි නායකයින්ට ස්වාමිත්වය දී තිබෙනවාද ?
  • රටේ අර්බුදයේ අැත්ත දකිනවාද ? පැතිවලට බෙදී කථා කරනවාද ?
  • ප්‍රේමයේ පනත පිළිපදනිවාද ? එය අතහැර පුද පූජා පිළිවෙත් සඳහා වෙහෙසෙනවාද ?

Jesustodaysl 2 වන වසර 34 වන සතිය 2018 නොවැම්බර් 04

 

Comments powered by CComment