පෙනීම ලැබු අන්ධ මිනිසාගේ ඊළඟ ක්‍රියාව වූයේ කුමක්ද ? ජේසුගේ අනුගාමිකයෙකු වී මිනිසුන් ගළවන ගමනට එක්වීමයි. දෙවිඳුන්ගෙන් මහත් දේ ලැබු අප තව තවත් ඉල්ලනවාද ? ගැලවීමේ දූත කාර්යයට දායක වෙනවාද ?

 ජෙරමියා   31/7-9

හෙබ්‍රෙව්    5/1-6

මාර්ක්      10/46-52

"තම පුතු කිසියම් මත්ද්‍රව්‍යයකට අැබ්බැහි වී අැතැයි පවසමින් ඊට විසඳුමක් සෙවීමට අපගේ සහය පැතු පියෙකි. පාසල් සිසුවෙකු වූ පුතුට යම් වෙෙද්‍ය ප්‍රතිකාරද අවැසි බව දුටු අප එ් සඳහා යොමුවන ලෙස පියාට උපදෙස් දුන්නෙමු. මාස කීපයකට පසු පියා පුුතු සමඟ අප හමු වීමට පැමිණියේ තත්වය යහපත් නොවු නිසාය. ඉතා ඉහළ රැකියාවක් කරන පියා ඉතා වටිනා මෝටර් රථයකින් තම පුතු සමඟ පැමිණියේ. ප්‍රතිකාර ලබා නුදුන්නේ අැයි දැයි විමසු විට මව ඊට විරුද්ධ බව පියා පැවසුවේය. කරුනු සෙවීමේදි මේ මවත් පියාත් සිgsන්නේ වෙන් වී බව අනාවරණය විය. පුතු ගලවා ගැනීමට නම් පියා මාස දෙක තුනකටවත් රැකියාවෙන් නිවාඩු ගෙන පුතු වෙනුවෙන් කැපවිය යුතු බව අප පෙන්වා දුන්නෙමු. ඔහු ඊට කැමැති වන බවක් නොපෙනුනි. පුතු වෙනුවෙන් විවාහ ජීවිතයේ ගැටළු විසදා ගැනීමටද එකඟ බවක් නොපෙනුනි."

 

ගැලවීමේ පියවරු වෙමු.

පිය භූමිකාව යනු දරුවන්ගේ ගැලවීම විමුක්තිය උදෙසා කැපවීමයි. ඊශ්‍රායල් ජනයා වෙත දෙවියන්ගේ පිතෘත ප්‍රේමය කෙබදුදැයි ජෙරමියා දිවැසිවරයා තුළින් ප්‍රකාශ කෙරෙයි. 

"ඔවුන් අ‌ඬමින්ද, කන්නලව් කරමින්ද ගිය නමුත් මම ඔවුන් සනසමින් අාපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින් නොපැතිළෙන, අැද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඊශ්‍රායල්වරුන්ගේ පියා වෙමි."

අද අපේ පවුල්වල, කිතුනු සංඝවල, රටවල්වල පියවරුන් මේ "ගැලවීමේ" කාර්යය ඉටු කරනවාද ?

තම පවුලේ තම සංඝයේ සභාවේ රටේ ගැලවීම වඩාත් අවශ්‍ය අන්ධයත් කොරුන් පීඩිතයින් රැස් කරමින් ඔවුන් උදෙසා ක්‍රියාකරනවාද ?

ලොව පුරා විසිරි සිටින තම විශ්වාසිකයින්ගෙන් දෙව්මැදුරු ගොඩනැගිලි ඉදිකිරිමට මුදල් රැස් කිරීමට දක්වන උනන්දුවේ අංශු මාත්‍රයක් පීඩිතයින්ගේ අවශ්‍යතා අැති අයගේ ජීවිත විමුක්තිය උදෙසා වැය කරන පියවරු අප අතර සිටිත්ද ?

පීතෘ භූමිකාව යනු "විමුක්ති" භූමිකාවයි.

පෙනිම අයදින්න.

අද සුපුවත අපට පවසන්නේ අන්ධ හිඟන්නෙකු වූ බර්තේමියස්  සුවය ලැබීමේ සිදුවීමයි.

ජේසු තුමා ඔහුගෙන් විමසන්නේ

" මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැතිද ?"

ඔහුගේ පිළිතුර

" ගරු දෙවියනි මට පෙනීම දුන මැනවි "

අද ඔබෙන් ජේසු තුමන් මේ ප්‍රශ්නය අැසුවොත් ඔබේ ඉල්ලීම කුමක්ද ?

මොහොතක් නිහඬව සිතන්න....................

"පෙනීම" නොමැතිවීම, අාධ්‍යාත්මික අන්ධකම නිසා අද අප සිටින්නේ මහා අඳුරකය. ඔබ ඉල්ලන්නේ භෞතික ලෞකික වත් පොහොසත්කම්ද ? ලෙඩ දුක් වලට සුවයද ? ණය තුරුස් වලින් නිදහසද ?

එ් සියල්ලටම හේතුවන ඔබගේ අන්ධ බවට නියම පෙනුම අයදින්න. එවිට ගැලවීම ඔබට ලැබෙනු අැත. රටට ලැබෙනු අැත.

පෙනීම ලැබු අන්ධ මිනිසාගේ ඊළඟ ක්‍රියාව වූයේ කුමක්ද ? ජේසුගේ අනුගාමිකයෙකු වී මිනිසුන් ගළවන ගමනට එක්වීමයි.

දෙවිඳුන්ගෙන් මහත් දේ ලැබු අප තව තවත් ඉල්ලනවාද ? ගැලවීමේ දූත කාර්යයට දායක වෙනවාද ?

තවතවත් ඉල්ලන්නෙකු නොවී වඩ වඩාත් කැපවෙන්නෙකු වන්න.

Jesustodaysl 2 වන වසර 33 වන සතිය 2018 ඔක්තෝම්බර් 28

 

 

 

Comments powered by CComment