සැබැ ලෙස විවාහය ද පැවැතිය හැක්කේ දේව රාජ්‍ය තුළය. දික්කසාදයට බැන වැදීමෙන් හෝ එ් ගැන නීති ගෙන එ්මෙන් මේ තත්වය වෙනස් කල නොහැකිය. "විවාහය" පැවැතිය හැකි දේව රාජ්‍යයේ ලක්ෂණ පිරි සමාජයක් සඳහා කැපවිය යුතුය.

උප්පත්ති  2/18-24

හෙබ්‍රෙව්   2/9-11

මාක්      10/ 2-16

එක මාංශයක් වීම.

  • උප්පත්ති පොත පවුල පිළිබඳ දේව ධර්මය අනාවරණය කරන අයුරු අද පළමු ප්‍රකාශයෙන් දැක් වේ.

"මිනිසා තනිව විසීම සුදුසු නැත"

මිනිසා සමාජ සත්වයෙකි. මිනිසා පූර්ණ වන්නේ සමාජීය ජීවිතයක් තුළය. තනිකම පාපයකි. මරණයකි. පවුල, සමාජය සමඟ ක්‍රියා කරන්නේ නම් පමණක් පවුලට අර්ථයක් තිබේ.

පවුල දේව රාජ්‍යයේ කොටසක් විය යුතුය. නමුත් අද අපේ පවුලේ දේව රාජ්‍යයේ සංඛේතද ? කොටසක් ද ? නැත. පවුල පෞද්ගලික දේපල ක්‍රමය පවත්වාගන්නා පවතින රාජ්‍යයේ උපකරණයක් ලෙසයි අද පවතින්නේ.

සැබෑ පවුල් සේවාවක දූත කාර්යය වන්නේ පවුල පවතින ධනවාදි ක්‍රමයේ උපකරණයක් වීමෙන් මුදවා, පවුල දේව රාජ්‍යයේ කුඩා සංවිධානය බවට පත් කිරිමයි. එය තේරුම් ගැනීමටවත් උත්සහ කරන බවක් නොපෙනේ.

පවුල තුල ද "සියල්ලට පෙර දේව රාජ්‍යය" යන තේමාව පවත්වා ගන්න.

ස්ත්‍රීය හා පුරුෂයා අතරත් එකිනෙක මිනිසා අතරත් පැවැතිය යුතු සම්බන්ධතාවය අනාවරනය කරන්නේ සහකාරිය මැවීමේ කතාව තුළිනි. මෙහිදි සහකාරිය යනු ස්ත්‍රීය හා පුරුෂයා යන දෙදෙනාටම අදාල යෙදුමකි. එනම් "දෙවියන්ගෙන් ලැබෙන සහය" යන්නයි.

මිනිසා තනිවම විසීම (දෙවියන් ගේ සහය නැතිව) විනාශයට යෑමකි. ඔහුට / අැයට දෙවියන්ගේ සහය අවැසිය. එ් සහය විය යුත්තේ අනෙකාය. අපි එකිනෙකා එකිනෙකාට දෙවියන් වන සාමුහික ජීවිත ක්‍රමයකි දේව අභිමතයකි.

දික්කසාදය

  • සුවිශේෂි සිදුවීම දික්කසාදය ගැන ප්‍රශ්න කිරීමකි. ප්‍රශ්න කරන්නන්ගේ අරමුණ දික්කසාදය ගැන දේවසිත තේරුම් ගැනීම නොව ජේසු තුමන්ව වචනයකින් කොටු කර ගැනීමිය. 
  • ජේසු තුමා ඔවුන්ගෙන් නැවත ප්‍රශ්නයක් විමසා එ් මත සිට පිළිතුරක් දෙයි.
  • මෝසෙස්ගේ දික්කසාදය නීතිය ප්‍රේමය නැති ලොකවකට දුන් නීතියකි. නමුත් ප්‍රේමය තුළ දික්කසාදය තිබිය නොහැකිය.
  • දෙවියන්ගේ එක් කිරිමක් ලෙස විවාහය සිදු වේ නම්, එතැන දික්කසාදය තිබිය නොහැකිය. ප්‍රේමය බිඳුනු තැන දික්කසාදය සිදු වේ. 
  • ජේසු අවධාරනය කරන්නේ දික්කසාදය ගැන නොව ප්‍රේමයේ පැවැතීම ගැනය.
  • සැබැ ලෙස විවාහය ද පැවැතිය හැක්කේ දේව රාජ්‍ය තුළය. දික්කසාදයට බැන වැදීමෙන් හෝ එ් ගැන නීති ගෙන එ්මෙන් මේ තත්වය වෙනස් කල නොහැකිය. "විවාහය" පැවැතිය හැකි දේව රාජ්‍යයේ ලක්ෂණ පිරි සමාජයක් සඳහා කැපවිය යුතුය.
  • එසේ කැප නොවන්නෝ දික්කසාදයට විරුද්ධවීම යනු බොරුවකි.

ත්‍රිඑක දෙවිඳුන් අභිමුවේ
ප්‍රේමයේ පවතින්න
යාග දිවියක පැවතුමේ
සොඳුරු බව විඳගන්න
ප්‍රේමයේ ගිවිසුමට එළඹෙමු
ප්‍රේමයාණන් තුළ අපි

දෙවිඳු සමබවේ ස්වරූපයේ
සම ගරුත්වය පිළිගමු
ජීවිතය එකිනෙකා වෙත දෙන
දෙවිඳු සහයයි අපි අපි
එකම සිරුරක් වාගේ වී
වෙන්නොවි පවතිමු අපි 

දිවිගෙවන්නට අවැසි දේ මිස
මෙලොව දිනනා බොහෝ දේ
සොයා සොයා වෙහෙසීම ඵල නැත
පවුල් බව ඉන් මතු නොවේ
විශ්ව පවුලට ගොඩනගන්නයි
අපි පවුල් බව ලබන්නේ 

Jesustodaysl වන වසර 30 වන සතිය 2018 ඔක්තෝම්බර් 07

Comments powered by CComment