අදට නියමිත දෙවන ප්‍රකාශය පටු සිතීමේ ප්‍රායෝගික හා අාර්ථීක මානයක් අපට පෙන්වා දෙයි. එනම් ලෝකයේ අැති පටුම මතවාදය, දැක්ම ධනවාදය බවයි. ධනය ගොඩගැසීම මිනි මැරීමක් බව පෙන්වා දෙයි.

 

ගණන් කතාව   11/25-29

මාක්             9/35-43,4547-48

ජාකොබ්         5/1-6

"පටු අදහස් නම් පවුරින් ලෝකය

කැබලි වලට නොබෙදී

ඥානය නිවහල් වී

බියෙන් තොරව හිස කෙලින් තබාගෙන

සිටිනට හැකි කොහිදෝ

එ් වු නිදහස් ස්වර්ග රාජ්‍යයට

මාගේ දේශය අවදි කරනු මැන

පියාණනී"

අද දිනට නියමිත ශුද්ධ ලියවිලි පාඨ වෙත අවධානය යොමු කරද්දී රවීන්ද්‍රනාත් තාගෝර් තුමන්ගේ ඉහත පද්‍ය සිහියට නැගේ.

පළමු කියවීම තුළ අපට හමුවන්නේ මෝසස් තම කාර්යභාර්ය පූජා මූලිකයින් සමඟ බෙදා හදා ගැනීමයි. එය දේව කැමැත්තයි

"ඔහු මත වූ අාත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයින් හැත්තෑ දෙනාව දුන් සේක"

එම බෙදාගැනීමේ අවස්ථාවට නොපැමිණි මූලිකයින් දෙදෙනෙකු සිටි අතර නොපැමිණිම නොසලකා ඔවුන්ටද එ් අාත්මානුභාවය ලැබුණි. දේව කැමැත්ත කොන්දේසි විරහිතව, පටු සීමා වලින් තොරව ක්‍රියා කිරීමයි. ජෝෂුවා එය තේරුම් නොගනී. ඔහු පටුභාවය තුළ ඉල්ලීමක් කරයි.

"ඔවුන් නවතාලන්න"

මෝසෙස් ජෝසුවාගේ ඉල්ලීම් අැති වරද පෙන්වා දෙයි.

"ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නහිද ? දෙවියන් ඔවුන් වහන්සෙගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර ඔවුන් හට සිය අාත්මානුභාවය දෙන සේක නම් කොතරම් අගනේද?

අදට දිනයට නියමිත සුවිශේෂි පාඨය තුළ ද ඉහත සිදුවීම සමාන සිදුවීමක් තිබේ. ජේසුගේ ගෝලයින් නොවන කෙනෙකු ජේසුගේ නාමයෙන් යකුන් දුරු කිරීම තහනම් කරනා ශ්‍රාවකයින් එ් තහනම අනුමත කරගැනීමට ජේසුගේ කැමැත්ත චක්‍රයෙන් විමසා සිටි.

"තහනම් නොකරන්න"

ජේසු තුමා ඉතා පැහැදිලි ස්ථාවරයක සිට ක්‍රියා කරනු ලබයි. වර්ථමානයේදී මේ පුළුල් බව නැතිකමින් කිතුනුවන්ම කොතරම් එකිනෙකාට එරෙහිව කටයුතු කරනවාද ? ජනතාව කොතරම් පටු සීමා තුළ බෙදී වෙන්වලාද ? පටු දැක්මක් තුළ ක්‍රියා කිරීම දේව අභිමතය නාෙවේ.

පටුභාවයේ කුරිරිම ප්‍රකාශය ධනවාදයයි.

අද නියමිත දෙවන ප්‍රකාශය පටු සිතීමේ ප්‍රායෝගික හා අාර්ථීක මානයක් අපට පෙන්වා දෙයි. එනම් ලෝකයේ අැති පටුම මතවාදය, දැක්ම ධනවාදය බවයි. ධනය ගොඩගැසීම මිනි මැරීමක් බව පෙන්වා දෙයි.

  • දැන් ධනවතුනි ඔබට පැමිණෙන්නට තිබෙන අවසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න.
  • ඔබගේ රන්රිදි මලකට කා අැත. එ් මලකඩ ඔබට විරුද්ධව සාක්ෂියක් වී ගින්නක් මෙන් ඔබේ මාංශ කා දමනු අැත.
  • බලන්න ඔබෙග් කෙත්වතු වල අස්වැන්න නෙළු ගොවියන්ට නොගෙවා වංචාකරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධව මොර ගසයි. 

ලෝකය තුළ ඉහළම සාර්ථක බව ධනය යැයි ඔබ සිතනවා නම්, එය දරුණු අපරාධයක් සාධාරණීකරණය කිරීමකි. පුළුල් මිනිසුන් වීමට තීරණය කරමු. ජේසු මෙන් මෝසස් මෙන් පටුබවට එරෙහිව පුළුල් බව උදෙසා ක්‍රියා කළ යුතුය.

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 30

 

Comments powered by CComment