ඉරුදින සුපුවත

සාමාන්‍ය සමයේ 29 වන ඉරුදින

 

 

දිනට නියමිත ශුද්ධ ලියවිලි
යෙසායා                 45/1, 4-6
1 තෙසලෝනික      1/1-5
මතෙව්                   22/15-22

 

දෙවිදුන් උදෙසාම මෙහෙ කරන්න.

  • බැබිලෝනියාවේ විප්‍රවාසයගත වු ජනයා මුදා ගැනීමට දෙවියන්වහන්සේ අභිෂේක කරනු ලැබු සයිරස් රජුගේ කැඳවීම ගැන යෙසායා පොතේ සඳහන් වේ.
  • සයිරස්ට පවරන කාර්යභාරය වන්නේ ඉශ්රායල් ජනතාව විප්‍රවාසයෙන් මුදාගෙන ‘දෙවියන් වහන්සේ රජ කරන’ ඔවුන්ගේ මුල් පැවැත්ම වෙත ගෙන ඒමයි.
  • මෙම ශුද්ධ ලියවිලි කොටසේ තුළ කීප වරක්ම සඳහන් වන්නේ “මා හැර අන් දෙවි කෙනෙක් නැත” යන්නයි.
  • ඊශ්‍රායල් ජනතාව විනාශ වුනේ, වහල්බවට නැවත පත්වුනේ ඔවුන් ව වහල්බවින් මුදා ගත් දෙවියන් රජ කරන සමාජ ආර්ථීක ක්‍රමය පසෙකලා මේ ලෝකයේ රජවරු රජ කරන ක්‍රමයකට යටත් වීම නිසාය.
  • ගැලවීම ලැබෙන්නේ නිදහස දෙන සමිදුන් රජ කරන ක්‍රමය නැවත ඇති කර ගැනීමෙන් බව ජනයාට ඒත්තු ගැන්වීම මෙහිදි සිදුවෙයි.
  • අපිත් මේ ලෝකයේ රජවරුන්ගෙන් ගැලවීම පතමුද ? අප පවුල තුළ අප සභාව සංඝ තුළ සංවිධානය තුල දෙවිදුන් රජ කරන ව්‍යුහයක් පැවැත්මක්ද තිබෙන්නේ ද ?

ක්‍රියාවෙන් ප්‍රකාශ විය යුතුය ඇදහිල්ල.

  • තෙසලෝනියේ සභාව ගොඩනැගු පාවුළු තුමා ප්‍රමුඛ දේව සේවකයින් තෙසලෝනික සභාවට ලියු පළමු ලිපියේ ආරම්භයයි.
  • ඔවුන් මේ සභාව ගැන දෙවිදුන්ට තුති දෙයි. ඊට හේතු කීපයකි.
  1. ක්‍රියාවෙන් ප්‍රකාශවන ඔබේ ඇදහිල්ල
  2. සේවයෙන් දැක්වෙන ඔබේ ප්‍රේමය
  3. ඉවසීමෙන් හෙළිවන දෙවිදුන් කෙරෙහි වන ඔබේ බලාපොරොත්තුව
  •  අපි මොහොතක් සිතමු. මේ කරුනු තුන අපගේ කිතුනු ජීවිත තුළ තිබේනවා ද?
  • ජේසු තුමන් ස්වාමියා කරගත්, රජිදානන් කරගත් කිතුනුවෙකු ලෙස මේ ලක්ෂණ තුන නැත්නම් අපි සැබෑවට රජානන් කරගෙන ඇත්තේ එතුමන්ව නොවේ.
  •  දෙවිදුන් අපව තෝරාගෙන ඇත්තේ ක්‍රියාවෙන් සේවයෙන් අපගේ ඇදහිල්ල ජීවත් කිරීමට මිස හුදු පෙර හැරවල් පිළිවෙත් මංගල්‍ය උත්සව වලින් ඇදහිල්ල පෙන්වන්නට නොවේ.

දෙවිදුන්ගේ රාජ්‍යයට අයිතිවන්න.

  • සුවිශේෂයේ සඳහන් වන සිදුවීම අපි කව්රුත් දනිමු. එහෙත් එම සිදුවීම තුළින් මතු කරන සුපුවත බොහෝ දෙනා වැරදියට අර්ථ කථනය කරති.
  •  සිදුවීමේ පසුබිම විමසා බලමු.
  • පරිසිවරු උන්වහන්සේව වචනයකින් අල්ලාගනු පිණිස නගන ප්‍රශ්නයකි.
  • ප්‍රශ්නය ඇසීමට පෙර ඔව් හු සමිදුන්ව මුරුංගා ඇත්තේ තබති.
  • සමිදුන්ට ඔවුන්ගේ චේතනාව හොදින් වැටහේ.
  • ජේසු තුමන් එදා පැවැති සීසර්ගේ අධිරාජ්‍යයට වෙනුවට දේව රාජ්‍ය ප්‍රකාශ කරනු ලැබීය. නමුත් සීසර්ට වඩා එතුමාගේ පනිවුඩය අභියෝගයක් වුයේ පරිසිවරුන්ටයි. පරිසිවරුන්ට අවශ්‍යවන්නේ සෘජුවම ජේසු සීසර්ට විරුද්ධ බවට ප්‍රකාශයක් ගැනීමයි.
  • ජේසු තුමන් ඔවුන්ගේ සටකපට කමට හසු නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට ඔවුන්ගේම ප්‍රශ්නයක් නඟයි.
  •  “සීසර්ගේ සීසර්ට - දෙවිදුන්ගේ දෙවිදුන්ට” දෙන්න යන ප්‍රකාශය තුළ ඔවුන් නිරුත්තර වේ.
  •  දේව රාජ්‍ය ගොඩනැගීමට, දෙවිදුන් රජයන ලොවක් තැනීමට සීසර්ලාගේ දෙයින් නොහැකිය. ඒ දෙවිදුන් තුළ කළ යුත්තකි. අප කළ යුත්තේ සීසර් ගැන කරදර වීම නොව දේව රාජා්‍ය උදෙසා කැපවීමයි.
  • ජේසු තුමන් මෙමගින් පවතින ලෝක රාජ්‍යයට අවනත විය යුතු බවක් ප්‍රකාශ නොකරන බව අප තේරුම්ගත යුතුය.
  • පරිසි ප්‍රශ්න වලින් දේව රාජ්‍යයට වැඩක් නැත.
  • දේව රාජ්‍යයට ප්‍රමුඛතාවය දුන් විට සියල්ල පැහැදිලි වේ. අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් දේව රාජ්‍යයට කැපවීමයි.

 

jesustoday 34 සතිය 2017 ඔක්තෝම්බර් 22