ශුද්ධවන්තකම, ශුද්ධවන්තකම මනින මිණුම් බවට දිළින්දා කෙරෙහි දක්වන අාකල්පය පත්වන බව ජාකොබ් සදෙස අවධාරණය කරයි.ශුද්ධවන්තකම යනු දෙවියන්වහන්සේ තෝරාගත් දිළින්දා පිළිගැනීම හා දේව රාජ්‍ය උදෙසා වැය වීමයි.

යෙසායා 35/4-7

ජාකොබ් 2/1-5

ශු. මාක් 7/31-32

ගුණවන්තකමේ ඵල විපාක

  • අද පළමු කියවීම යෙසායා දිවැසිවරයාගේ පොතේ 35 වන පරිච්ඡේදයේ මැද කොටසකිනි.
  • මුළු පරිච්ඡේදයම ප්‍රීති ගීතයක් වැන්න එය යහපත් පැවැත්මක් තුළ ශුද්ධවන්ත මාර්ගය තුළ ගමන් ගන්නා ජනතාව අනාගතයේදි අත්පත් කරගන්නා යහපත් ප්‍රතිඵල ගැන, සැබැ ප්‍රීතිමත් පැවැත්ම ගැන කියැවෙන ගීතයකි.
  • ගුණවන්තකම් ප්‍රතිඵල දෙයාකාරය
  1. එ් නිසා මිනිසුන් ලබන විමුක්තිය - අන්ධයන්ට පෙනීම, කොරුන්ට අැවිදීම, අාදි ලෙස
  2. සොබාදහම ලබන පුර්ණත්වය  - කාන්තාරයෙන් ජලධාරා ගලා එ්ම, මිරිගුව ජල පොකුණක් වීම. අාදි ලෙස
  • මෙහි අනිත් පැත්ත ගැන සිතමු. මිනිසුන් මෙන්ම සොබාදහමද අවුලෙන් අවුලට පත්වන්නේ අැයි ? මිනිසුන් ශුද්ධවන්කමට, යහපතට, දේව රාජ්‍යයට අදාල මාවතේ ගමන් නොකරන නිසාය.

ශුද්ධවන්තම හා දිළින්දා

  • ශුද්ධවන්තකම, ශුද්ධවන්තකම මනින මිණුම් බවට දිළින්දා කෙරෙහි දක්වන අාකල්පය පත්වන බව ජාකොබ් සදෙස අවධාරණය කරයි.
  • ශුද්ධවන්තකම යනු දෙවියන්වහන්සේ තෝරාගත් දිළින්දා පිළිගැනීම හා දේව රාජ්‍ය උදෙසා වැය වීමයි.
  • ජාකොබ් තුමා දක්වන ප්‍රතිචාරය අදත් අපේ අාගමික හා සමාජීය ජීවිතය තුළ පෙනී යයි.

ඉස්තරම් වස්ත්‍ර අැඳ පැළඳි අයට ගරු සරු දක්වා දිළින්දා හෙලා දැකීම අශුද්ධවන්කමකි. 

දිළින්දුන් තෝරාගැනීම ගැලවීමට ඉතා වැදගත් වේ.

උන්වහන්සේ ලෝකයේ දිළිඳුන් තෝරාගන්නේ මක් නිසාද ?

එ් ප්‍රශ්නය අද අපි අපෙන් අසමු. එ් තෝරාගැනීම අපේ ද තෝරා ගැනීම විය යුතුය.

අැස් කන් අැරෙනු පිණිස.

  • ශුද්ධ වු සුවිශේෂය ජේසු තුමා ගොළු බිහිරෙකුට සුවය ලබාදීම පිළිබඳ සිදුවීමක් විස්තර කරයි.
  • ජේසු තුමා දෙනාදහක් මැද වැඩ පෙන්වන මැජික් කරුවෙකු බවට පත් නොවී රෝගීයා පිටතට ගෙන ගොස් සුවය දානය කරයි.
  • එහිදි එතුමා භාවිතා කරන වචනය "අරේවා" (එප්පාතා) යන්නයි.
  • අද බොහෝ දෙනෙකු සමාජය ඉදිරියේ ගොළුවන් වී සිටින්නේ, බිහිරන් වී සිටින්නේ, ක්‍රිස්තු දැක්මට විවෘත නොවී සිටින නිසාය. 
  • ගොළු, බිහිරන් නොවී ජිවිත මෙහෙවරට පණ පොවමු.

jesustodaysl 2 වන වසර 27 වන සතිය 2018 සැප්තැම්බර් 09

Comments powered by CComment