"එකම දෙවියන්" යනු නිකම්ම නිකම් දෙවි කෙනෙක් නොවේ. "ජනතාව නිදහස් කරන දෙවියන්" ය. එම දෙවියන්ට නමස්කාර කිරීම යනු නිකම්ම නිකම් අැදහීමක් නොව " නිදහසේ ජීවිත ක්‍රමයක් තුළ" පැවැතීමයි. අන් දෙව්වරුන්ට වැදුම් පිදුම් කිරීම යනු හුදෙක් අන් දෙවි වරු වන්දනා කිරීමක් නොව "වහල් කමේ ක්‍රමයට " නතු වීමකි.

ඉරුදින සුපුවත

ජොෂුවා     24/1-2, 15-18

එපිස        5/21-32

ශු. ජුවාම්   6/60-69

"නිදහසේ" සම්ඳුන්ව ම තෝරාගනිමු.

  • අද පළමු ප්‍රකාශනය "ජොෂුවා" ගේ පොතෙනි. ජොෂුවා ඊශ්‍රායල් ජනතාවට කරන අවසාන අනුශාසනාවෙනි.
  • ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශයට අැතුළු වන්නේ ජෝෂුවාගේ නායකත්වයෙනි.
  • ජෝෂුවා ට අවශ්‍ය වන්නේ පොරොන්දු දේශය තුළ ඊශ්‍රායල් ජනතාව " එකම දෙවියන් වහන්සේ" තුළ පැවැතිය යුතු බව තහවුරු කිරීමයි.
  • "එකම දෙවියන්" යනු නිකම්ම නිකම් දෙවි කෙනෙක් නොවේ. "ජනතාව නිදහස් කරන දෙවියන්" ය. එම දෙවියන්ට නමස්කාර කිරීම යනු නිකම්ම නිකම් අැදහීමක් නොව " නිදහසේ ජීවිත ක්‍රමයක් තුළ" පැවැතීමයි.
  • අන් දෙව්වරුන්ට වැදුම් පිදුම් කිරීම යනු හුදෙක් අන් දෙවි වරු වන්දනා කිරීමක් නොව "වහල් කමේ ක්‍රමයට " නතු වීමකි.
  • ජෝෂුවා මෙහිදි පොරොන්දු දේශය තුළ නිදහසේ ජීවිත ක්‍රමයක් නිදහස් කරන දෙවිඳුන් තුලම පැවැතීමේ ගිවිසුමකට "ෂෙකෙම් හි ගිවිසුම" ජනතාව එකඟ කර ගති එ් ජනතාව නම් 1. ඊශ්‍රායල් ජනතාව 2. නික්මයාම ගමන අතර තුර එකතුවන ජනතාව 3. පොරොන්දු දේශයට පැමිණෙන විට එහි සිටි ජනතාව යන සියල්ලන්වයි.
  • ජොෂුවාගේ නායකත්වයේ විශේෂ ලක්ෂණය වන්නේ තමාත් තම පවුලත් එ් අැදහිලල් තුළ පිහිටා සිටිමින් අනෙකාට අභියෝග කිරීමයි.

අපි එකම දෙවියන් වන්දනා කිරීම යන්නෙන් "නිදහසේ ජීවිත ක්‍රමය තුළ පැවැතීම" යන ගැඹුරු අරුත තේරුම් ගෙන තිබෙනවාද ?

පිළිතුර කිතු සමිඳුන්මය.

  • පළමු කියවීම තුළ නිදහස, ගැලවීම, විමුක්තිය අැත්තේ පියාණන් තුළ බව අවධාරණය කරනු ලැබුවා සේ අද සුවිශේෂය අවධාරණය කරන්නේ ද එයමයි පුත්‍රයාණන් තුළ එනම් දෙවිඳුන් තුළම "ගැලවීම" තිබෙන වගයි.

"ස්වාමිනි අප කවරෙකු වෙත යන්නටද සදාතන ජීවනයේ වචන අැත්තේ ඔබ වහන්සේ වෙතය"

  • මෙහිදි වැඩි දෙනාගේ අවධානය යොමුවන්නේ ඉහත පේදුරුගේ අැදහිල්ලේ ප්‍රකාශනය වෙතයි. නමුත් අදට නියමිත මෙම දේව ප්‍රකාශන කොටස තුළ වඩාත් ප්‍රබලව ඉස්මතු වන දේ නම් ජේසුගේ ගෝලයින්ටම ජේසුග් ඉගැන්වීම පැකිලිමක් වන අාකාරයයි.

"මෙය දරාගන්නට බැරි කියමනකි. එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාටද ?"

"උනවහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී තවත් උන්වහන්ෙස් අනුව නොගියහ"

සැබැවින්ම අපිත් ජේසුගේ ඉගැන්වීම් වලින් අැතැම් ඉගැන්වීම් බැහැර කර උන්වහන්සේව අත්හැර සිටින්නෝ නොවෙමුද ?

සභාවට ප්‍රේම කිරීමේ අරුත.

  • පාවුළු තුමා අවධාරණය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කරන බවත් සභාව, අපි උන්වහන්සේ තුළ පැවැතිය යුතු බවත්ය.
  • මෙහි අැත්තේ ගැඹුරු අරුතකි. හුදෙක් නාමිකව සභාවට අයිති වීම නොවේ. ප්‍රථමයෙන් සභාව යනු "නිදහස විමුක්තිය ජීවිතය පවත්වාගෙන යන සංඝය" විය යුතුය. එ් සංඝයයි ජේසුෙග් සභාව. එයටයි ජේසු තුමා ප්‍රේම කරන්නේ. එය තුළයි ජේසු තුමා වැඩ සිටින්නේ. එ් සභාවට අයිතිවීමකින් තොරව "නිදහස් දෙවිඳුන්" අත්දැකිය නොහැකිය.
  • පෞද්ගලිකව නිදහසේ ජීවිත පැවැත්ම කුඩා පවුල තුළ පැවැතිය යුතු අතර එය ප්‍රමාණවත් නැත. "නිදහස් ක්‍රමය" සංඝයක් ලෙස පවත්වා ගත යුතුය. එය සාංඝික ජීවිත පැවැත්මකි. එකම සිරුරක් වන පැවැත්මකි. 

jesustodaysl 2 වන වසර 25 වන සතිය 2018 අගෝස්තු 26

Comments powered by CComment