ඉරුදින සුපුවත

ජේසුගේ ශරීරයෙන්, රුධිරයෙන්, දිව්‍ය සත්ප්‍රසාදයෙන්, ශුද්ධ සහභාගීකමෙන් අප එකතු විය යුත්තේ "මුළු මිනිස් සංහතිය (ලෝකයාගේ) විමුක්තිය උදෙසා වන දූත කාර්යයටයි. එයට සම්බන්ධ නොවී හුද දිව්‍ය සත්ප්‍රසාදය ලැබීම හෝ ශුද්ධ සහභාගීකම් මෙහෙයට එක්වීම තුළින් අපට ගැලවීම ලබාගත නොහැකිය. 

හිතෝපදේශය    9/1-6

එපිස              5/15-20

ශු. ජොහාන්      6/51-58

අත්දැකීමක්.

අපේ තාත්තා සෑම උදයකම වාගේ මගෙන් විමසන ප්‍රශ්නයක් තිබුණි. " පුතා මනසට අාහාර ගෙනාවාද ?" මෙයින් තාත්තා අදහස් කළේ පොතක්. පත්තරයක් ගෙනාවාද යන්නයි. එමඟින් ඔහු අපට පණිවුඩයක් දුන්නේය. එ් ශරීරයට පමණක් නොව මනසට අාහාර ගත යුතු බවයි. මනස පෝෂණය කළ යුතු බවයි.

ප්‍රඥාව වර්ධනය කර ගනිමු.

  • අද පළමු කියවීම "ප්‍රඥාව" පිලිබඳවයි. ප්‍රඥාව අාහාරයක් සේ එමගින් ඉස්මතු කරන අතර එය නුවණැති" අාලෝකමත් ජීවිතයක් සඳහා අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.

"එන්න මගේ බොජුන් අනුභව කොට රස කැවු මිදිරස පානය කරන්න. අනුවණකම හැර දමා ජීවත් වන්න. නැණ නුවණ මාවතේ ගමන් කරන්න"

  • අද බොහෝ දෙනෙකු වරදවා වටහාගත් දැයක් තිබේ. එ් දැනුමෙන් ඔළු ගෙඩි පිරවීම දෙවිඳුන් කියන "ප්‍රඥාව" ලබා දීම ලෙස සිතා කටයුතු කිරීමයි. විභාග සඳහා සියල්ල අමතක කර රටම දුවයන තරඟය "ප්‍රඥාවට" පිටුපෑමකි.
  • ගැලවීම ලබා දෙන්නේ "ප්‍රඥාව" මිස දැනුම නොවන බව තේරුම් ගෙන කටයුතු නොකරන "දැනුම" තරඟය ජීවිත අඳුරට අැද දමා අැත.

අාගම ජීවත් විමේ ක්‍රමය.

  • අැදහිල්ල, අාගමිකභාවය මනින මිනුම ජීවත්වන පිළිවෙල මිස පුද පූජා කරන අාකාරය නොවන බව පාවුළු තුමා එපිස වරුන්ට අවධාරණය කරයි.

"එබැවින් ඔබ ජීවත්වන පිළිවෙල ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයක් මෙන් නොව ඥානවන්තයින් මෙන් ජීවත් වන්න"

ඔබ ඔබ ජීවත්වන පිළිවෙල ගැන සැලකිලි මන්ද ?

ඔබ ජීවත්වන්නේ දේව කැමැත්ත අනුවද ?

ඔබ ඥානවන්ත ජීවිතයක්ද ගත කරන්නේ ?

මේ ලෝකයේ ඥානවන්ත බව ගැන නාෙවෙයි. පාවුළු තුමා පවසන්නේ  

"මෝඩ වෙන්න එපා. පුළුවන් නම් තමාගේ වැඩය කරගනින්"

පවතින ක්‍රමයේ ඥානවන්ත බව එ් අාකාරයටයි මිනිසුන් සිතන්නේ. නමුත් එය දේව ප්‍රඥාව නොවේ. 

"අනුවණයන් නොවී ස්වාමි වහන්සෙගේ කැමැත්ත කුමක්ද කියා තේරුම් ගන්න"

ලෝකයාගේ ගැලවීම පිණිස ජීවිතය දෙන්න.

  • අද සුවිශේෂය තුල ජේසු තුමා තමාගේ මුළු ජීවිතයම කැප කරන මෙහෙවර ගැන ප්‍රකාශ කරයි.

"මා විසින් දෙනු ලබන එ් භෝජනය මාගේ මාංශය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිසය"

  • දිව්‍ය සත්ප්‍රසාදය මගල්‍යයක් වන්නේ එ් දූත කාර්යය තුළ යෙදෙන්නේ නම් පමණකි. නැත්නම් එය දිව්‍යසත්ප්‍රසාදයට නිගරු කිරීමකි. 

jesustodaysl 2 වන වසර 23 වන සතිය 2018 අගෝස්තු 12

Comments powered by CComment